සෙලින්කෝ ලයිෆ් වෙතින් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට අධි තාක්ෂණික වෙන්ටිලේටර් උපකරණ කට්ටලයක්

HFNC donation to Kalubowila Hospital (1)

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලිින්කෝ ලයිෆ් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝගීන්ගේ ස්වසන අපහසුතා දුරු කිරීම සඳහා අවශ්‍යව තිබූ HFNC උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරන ලදි. සමාගම විසින් මෙම HFNC උපකරණ කට්ටලය පරිත්‍යාග කරන ලද්දේ මීට පෙර සෙලින්කෝ ලයිෆ් විසින් රෝහලේ 24 වන වාට්ටුවට පරිත්‍යාග කරන ලද ඇඳන් 4 කින් යුත් අධි සත්කාර ඒකක (HDU) වෙතය. වෛද්‍ය කණ්ඩායම් විසින් මෙම උපකරණය භාවිතා කරනුයේ දැඩි ස්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන් සඳහායි.

සෙලින්කෝ ලයිෆ් විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කරන ලදී. HDU ඒකක බරපතල ලෙස රෝගී තත්වයන්ට පත්ව සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම කෙරෙහි බලපාමින් දැඩි සත්කාරවල අවශ්‍යතාව අවම කිරීමට හේතු වේ. මෙම ඒකක රෝගීන්, සැත්කම් වලින් පසු වාට්ටු වෙත මාරු කිරීමට පෙර පශ්චාත් සත්කාර කටයුතු සඳහා මෙන්ම දැඩි රෝගී තත්වයන් කෙරෙහි ප‍්‍රතිකාර ලබාදීම සඳහාද භාවිතා කෙරේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව