‘සෙලින්කෝ ලයිෆ්’ වෙතින් ගණුදෙනුකරුවන් සනාථ කිරීමට ඉක්මන් සහ නිරවද්‍ය ඉලෙක්ට්‍රෝනික KYC ක‍්‍රමවේදයක්

ceylinco-life

 



 

 

සෙලින්කෝ ලයිෆ් විසින් ගණුදෙනුකරුවන් සත්‍යාපනය සඳහා ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර එමගින් ආරක්‍ෂාව, කාර්යක්‍ෂමතාවය සහ නිරවද්‍යතාව මෙන්ම මෙම ක‍්‍රියාවලියේදී නියාමන අවශ්‍යතාවලට අනුකූලවීමද වැඩිදියුණු කර ඇත.

ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දියත් කර ඇති නව ඉලෙක්ට්‍රෝනික KYC (Know Your Customer)  ක‍්‍රමවේදයෙන් බහුවිධ ප‍්‍රතිලාභ ලබාදෙන බව සමාගම පවසයි. නව ක‍්‍රමය මගින් උසස් ඩිජිටල් සත්‍යාපන ක‍්‍රම භාවිත කරමින් ඉලෙක්ට්‍රෝනිකව පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමට හැකියාව ලබාදෙන අතර, එමගින් වංචා අවදානම අවම කර සමස්ත ක‍්‍රියාවලියේ නිරවද්‍යතාවය වැඩිදියුණු කරයි. එසේම මෙම ක‍්‍රියාවලිය මගින් කඩදාසි ලේඛනවල අවශ්‍යතාවය සහ පිරිවැය අඩු කරමින් සමාගම හා ගණුදෙනුකරුවන් සඳහා කාර්යක්‍ෂමතාවයද වැඩි කරයි. මීට අමතරව ජංගම උපාංග හෝ පරිගණක භාවිතයෙන් දුරස්ථව සත්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ගණුදෙනුකරුවන්ට හැකියාව ලබාදීමෙන් ඔවුන්ගේ අත්දැකීම වැඩිදියුණු කරයි.

eKYC පද්ධතිය මගින් ගණුදෙනුකරුවන්ට අවම කාලයකින් රක්ෂණ ඔප්පු ආරම්භ කිරීමට  පහසුකම් සැලසෙන අතර, සත්‍යාපන ක‍්‍රියාවලියට දැන් දින හෝ සති වෙනුවට මිනිත්තු කිහිපයක් පමණක් ගතවන බව සෙලින්කෝ ලයිෆ් ප‍්‍රකාශ කරයි.

මෙම නවතම තාක්‍ෂණය තුළින් ක‍්‍රියාවලි වැඩිදියුණු කිරීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රංග අබේනායක මහතා පැවැසුවේ, ‘වෙනස්වන කාලයට අනුවර්තනය වීමේ සහ තාක්‍ෂණය සමග අපගේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමේ වැදගත්කම අපි සැමවිටම හඳුනාගෙන සිටිමු. අපගේ නව eKYC පද්ධතිය මෙම කැපවීමට කදිම උදාහරණයකි. කොවිඞ් වසංගතයේ ප‍්‍රතිඵලයක් ලෙස සමාජ දුරස්ථ පියවරයන් හේතුකොට ගෙන පෙර පැවැති සාමාන්‍ය KYC ක‍්‍රමවේදය අවහිරතා ඇති කළේය. එසේම රටේ ඇති කඩදාසි හිගයද හේතුවෙන් මෙම ක‍්‍රියාවලිය තවදුරටත් ප‍්‍රමාද විය. දැන් eKYC ක‍්‍රමය ක‍්‍රියාත්මක වීමත් සමග අපි මෙම අභියෝගයෙන් ජය ගන්නෙමු,’ යන්නය

සෙලින්කෝ ලයිෆ් eKYC පද්ධතියට මුහුණු හඳුනාගැනීම සහ ගැළපෙන තාක්‍ෂණය වැනි විශේෂාංග ඇතුළත් වන අතර, එමගින් ඔවුන්ගේ ‘සෙල්ෆි’ සහ ජාතික හැඳුනුම්පත් ඡායාරූප මත පදනම්ව පාරිභෝගික පැතිකඩ හඳුනා ගැනීමද පහසු කරයි.

මෙම සවිස්තරාත්මක දුරස්ථ අනන්‍යතා සත්‍යාපනය සහ කළමනාකරණ විසඳුම සෙලින්කෝ ලයිෆ් සඳහා අභිරුචිකරණය කරන ලද්දේ, පේමීඩියා පුද්ගලික සමාගම විසිනි.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව