කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහල් වලට සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ High Flow Nasal Cannula (HFNC) උපකරණ සමාගම විසින් පසුගියදා මඩකළපුව ශික්ෂණ රෝහලට ප්රදානය කරන ලදී.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා විසින් මෙවැනිම උපකරණ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ප්රදානය කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම ප්රදානය කිරීම කැපී පෙනේ.
ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා High Flow Nasal Cannula උපකරණ භාවිතා කරයි. මෙහිදී, මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම High Flow Nasal Cannula උපකරණ භාවිතා කරයි.
සෙලින්කෝ ලයිෆ් විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කරන ලදී. HDU එ්කක බරපතල ලෙස රෝගී තත්වයන්ට පත්ව සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම කෙරෙහි බලපාමින් දැඩි සත්කාරවල අවශ්‍යතාව අවම කිරීමට හේතු වේ. මෙම එ්කක රෝගීන්, සැත්කම් වලින් පසු වාට්ටු වෙත මාරු කිරීමට පෙර පශ්චාත් සත්කාර කටයුතු සඳහා මෙන්ම දැඩි රෝගී තත්වයන් කෙරෙහි ප්‍රතිකාර ලබාදීම සඳහාද භාවිතා කෙරේ.
සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම High Flow Nasal Cannula උපකරණ මඩකළපුව ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරන ආකාරයයි. මෙහිදී, (වමේ සිට) සෙලින්කෝ ලයිෆ් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන කළමනාකාරු, කේ. සුමන්දිරන් මහතා, සහකාර කළාපීය අලෙවි කළමනාකරු, එස්. වෙනුකරන් මහතා සහ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු, එන්.පුෂ්පහරන් මහතා විසින් රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය ගනේෂ්ලිංගම් මහතා සහ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය එම්. බාර්තිලොට් මහතා වෙත මෙම උපකරණ පරිත්‍යාග කළේය.