සෙලින්කෝ ලයිෆ් විසින් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ශ්වසනාධාර උපකරණ පරිත්‍යාග කරයි

HFNC donation to Kuliyapitiya hospital

 




 

 

කොවිඞ්-19 සටන සඳහා කැපවී සිටින සෞඛ්‍ය ආයතන සඳහා වෛද්‍ය උපකරණ ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ සමාගම විසින් පසුගියදා කුලියාපිටිය ශික්ෂණ රෝහල සඳහා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී.

ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. සමාගම විසින් මීට පෙර මෙවැනිම උපකරණ තොගයක් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට සහ මඩකළපුව ශික්ෂණ රෝහලට මෙන්ම කන්තලේ මූලික රෝහල වෙත සමාගම ප‍්‍රදානය කරන ලදී. HFNC ක‍්‍රමයේදී මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම ශ්වසනාධාර උපකරණ භාවිතා කරයි.

සෙලින්කෝ ලයිෆ් විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කරන ලදී. HDU ඒකක බරපතල ලෙස රෝගී තත්වයන්ට පත්ව සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම කෙරෙහි බලපාමින් දැඩි සත්කාරවල අවශ්‍යතාව අවම කිරීමට හේතු වේ. මෙම ඒකක රෝගීන්, සැත්කම් වලින් පසු වාට්ටු වෙත මාරු කිරීමට පෙර පශ්චාත් සත්කාර කටයුතු සඳහා මෙන්ම දැඩි රෝගී තත්වයන් කෙරෙහි ප‍්‍රතිකාර ලබාදීම සඳහාද භාවිතා කෙරේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව