සෙලින්කෝ ලයිෆ් විශිෂ්ඨ විකුණුම් නිලධාරීන් අර්ධ වාර්ෂික සම්මාන උළෙලේදී අගයයි

Capture

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල නායකත්වය හොබවන සෙලින්කෝ ලයිෆ් 2024 වසරේ දී නියමිත ඉලක්ක ළඟා කරගත් හෝ ඉක්මවා විශිෂ්ඨ කාර්ය සාධනයක් පෙන්නුම් කළ විකුණුම් වෘත්තිකයින් අගයමින් අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පවත්වන ලදී.

“ශ්‍රේෂ්ඨත්වයට මග” යන තේමාව යටතේ හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති මෙම උත්සවයේ විකුණුම් නිලධාරීන් 230 දෙනෙකු සම්මාන ලබමින් එම සුපිරි සංචාරක නිකේතනයෙහි රැයක නවාතැන් දිනා ගත්තේ වසරේ පළමු භාගයේ විකුණුම් ජයග්‍රහණ සඳහා අගය කිරීමක් ලෙසත් වසරේ ඉදිරි කාලය සඳහා අභිප්‍රේරණයක් ගොඩනැගීමටත්ය.

 



 

මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර අධ්‍යක්ෂකවරුන් සහ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් ද මේ සඳහා එක්ව සිටියහ.

මෙම වසර ආරම්භයේදී සෙලින්කෝ ලයිෆ් දශක දෙකක ශ්‍රී ලංකාවේ අඛණ්ඩ වෙළඳපොළ නායකත්වය සමරනු ලැබුවේ වෝටර්ස් ඒජ් පරිශ්‍රයෙහි ආයතනයේ වාර්ෂික සම්මාන උළෙල පවත්වමිනි. එහිදී  ඉහළ කාර්ය සාධකයින් 523 දෙනෙකු සම්මාන 580ක්, සමාගම විසින් නඩත්තු කරන ලද මෝටර් රථ තුනක්, විදෙස් සංචාර 82 ක් සහ සත්කාරක ත්‍යාග සහ කුසලාන හිමි කර ගත්හ.

විශිෂ්ඨත්වයට සේවකයින් සන්නද්ධ කරමින් සහ අභිප්‍රේරණය කරමින්, ඔවුන්ගේ ජයග්‍රහණයන් හඳුනා ගැනීම සහ ප්‍රතිලාභ ලබාදීම සෙලින්කෝ ලයිෆ් හි වසර විස්සක වෙළඳපොළ නායකත්වයේ මූලික අංගය බව සමාගම ප්‍රකාශ කළේය.

සෙලින්කෝ ලයිෆ් හි අර්ධ වාර්ෂික සම්මාන උළෙලෙහි ඉහළම සම්මානලාභීන් ලෙස හොඳම ශාඛා ප්‍රධානියා නෙල්ලියාඩි 04 ශාඛාවේ – කේ. පකිරතන් මහතා, හොඳම ඒකක ප්‍රධානියා ලෙස යාපනය 06 ශාඛාවේ එස්. රාජීනී මහත්මිය, හොඳම ජීවිත රක්ෂණ උපදේශක සම්මානය සඳහා අම්බලන්තොට 02 ශාඛාවේ – ඒ. අයි. පී මංජුල සහ මරදාන 03 ශාඛාවේ – ජේ. එම්. ඩී. දීප් රන්ජන් යන මහත්වරුන් ඒකාබද්ධ ජයග්‍රාහකයින් ලෙස සම්මානයට හිමිකම් කියූ අතර යාපනය දිස්ත්‍රික්කයේ පී. සුමන් මහතා හොඳම ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු වශයෙන් පිදුම් ලැබීය.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව