සෙලින්කෝ ලයිෆ් මූල්‍ය වාර්තාකරණය සහ සන්නාම විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 13ක් දිනයි

Awards - Dec 2024 (LBN)

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 11ක් සහ සන්නාම විශිෂ්ටත්වය (Brand Excellence) වෙනුවෙන් සම්මාන දෙකක් වශයෙන් මුළු සම්මාන 13ක් දිනා ගනිමින් 2024 වර්ෂය ජයග්‍රාහී ලෙස අවසන් කර ඇත.

සමාගමේ 2023 වර්ෂයේ වාර්ෂික වර්තාව, ශ්‍රී ලංකා ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය (CMA), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA),  දකුණු ආසියානු ගණකාධිකරණ සම්මේලනය (SAFA) සහ MerComm Inc. ප්‍රදානය කරන ARC සම්මාන දිනා ගනිමින් කීර්තිමත් දේශීය සහ ජාත්‍යන්තර සමාගම් හතරක ඇගයීමට පාත්‍ර විය.
 



 
2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී ‘විශිෂ්ට ඒකාබද්ධ වාර්තා 10’න් එකක් ලෙස සෙලින්කෝ ලයිෆ්හි ‘The Core of Trust,’ නම් වූ 2023 වර්ෂයේ ඒකාබද්ධ වාර්ෂික වාර්තාව හඳුනාගත් අතර එයට රක්ෂණ අංශයේ රිදී සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය වන්නේ CMA ශ්‍රී ලංකා ආයතනයයි.

වර්තමානයේ ‘TAGS’ Awards ලෙස සන්නාමකරණයට ලක් වූ CA ශ්‍රී ලංකා වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ එම වාර්ෂික වාර්තාව රක්ෂණ අංශයෙන් රිදී සම්මානයක් දිනා ගත් අතර ආයතනික පාලනයට අදාල අනාවරණ වෙනුවෙන් ලෝකඩ සම්මානයක් ද, තිරසාර වර්තාකරණය, ඒකාබද්ධ වාර්තාකරණය සහ ඩිජිටල් පරිවර්තනයේ වාර්තාකරණය වෙනුවෙන් සහතික පත් තුනක් ද දිනා ගන්නා ලදි.

ගෝලීය වශයෙන් පිළිගත් ARC සම්මාන උළලේදී සෙලින්කෝ ලයිෆ් විසින් ‘ග්‍රැෆික් නිර්මාණ’ සඳහා රන් සම්මානයක් ද ‘රචනය’ සහ ‘විශේෂී වාර්ෂික වාර්තාව’ සඳහා ලෝකඩ සම්මාන දෙකක්ද දිනා ගන්නා ලදි.

දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ සම්මාන උත්සවයේ ජීවිත රක්ෂණ අංශයෙන් හොඳින්ම ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව වෙනුවෙන් SAFA ලෝකඩ සම්මානය දිනා ගැනීම සෙලින්කෝ ලයිෆ් මෙම වසර අවසානයේ ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේය.

මෙම සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳ අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා මෙසේ පැවසීය: “වාර්ෂික වාර්තාව සඳහා අප ලබා දෙන වැදගත්කම සහ ව්‍යාපාරයේ සියලු අංශ වල විනිවිදභාවය පවත්වාගෙන යාමට අප විසින් කරනු ලබන කැප කිරීම කවුරුත් පිළිගන්නා කරුණකි. අපගේ වාර්ෂික වාර්තාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ සියුම් ලෙස පරික්ෂාවට ලක් වී ඇති හේතුවෙන් මෙම සම්මාන සියලුම පාර්ශවකරුවන්ගේ ඇගයීමට ලක්වනු ඇත.”

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ලද 2024 සන්නාම විශිෂ්ටතා (Brand Excellence) සම්මාන උලෙළේදී සෙලින්කෝ ලයිෆ් ‘වසරේ දේශීය සන්නාමය’ සඳහා රිදී සම්මානයත් සහ ‘වසරේ සේවා සන්නාමය’ සඳහා ලෝකඩ සම්මානයත් යන සම්මාන ද්විත්වය දිනාගැනීම මඟින් රටේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස යළිත් තහවුරු විය.

2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව