සෙලින්කෝ ලයිෆ් මාතලේ දිස්ත‍්‍රික් රෝහලට ශ්වසනාධාර උපකරණ පරිත්‍යාග කරයි

HFNC donation to Matale Hospital

 




 

 

ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට කැපවන රෝහල් සඳහා සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල සඳහා සමාගම විසින් පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. HFNC ක‍්‍රමයේදී මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම උපකරණ ප‍්‍රයෝජනවත් වේ.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් මීට පෙර මෙවැනිම උපකරණ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට, මඩකළපුව ශික්ෂණ රෝහලට, කන්තලේ මූලික රෝහලට සහ කුලියාපිටිය ශික්ෂණ රෝහලට ප‍්‍රදානය කරන ලදී.

සෙලින්කෝ ලයිෆ් විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කරන ලදී. HDU ඒකක බරපතල ලෙස රෝගී තත්වයන්ට පත්ව සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම කෙරෙහි බලපාමින් දැඩි සත්කාරවල අවශ්‍යතාව අවම කිරීමට හේතු වේ. මෙම ඒකක රෝගීන්, සැත්කම් වලින් පසු වාට්ටු වෙත මාරු කිරීමට පෙර පශ්චාත් සත්කාර කටයුතු සඳහා මෙන්ම දැඩි රෝගී තත්වයන් කෙරෙහි ප‍්‍රතිකාර ලබාදීම සඳහාද භාවිතා කෙරේ.

සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම උපකරණය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් සමාගමේ සහ මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහලේ නියෝජිතයින් එක්ව සිටි ආකාරයයි. මෙම අවස්ථාවට රෝහල වෙනුවෙන් අධ්‍යක්ෂ, වෛද්‍ය අසේල කේ. දිසානායක මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය එස්. ජේ. රත්නායක මහතා, සැලසුම් වෛද්‍ය නිළධාරී, වෛද්‍ය බී. එල්. ඞී. වාසුල මහතා, පරිපාලන නිළධාරී, ඩබ්ලිව්. එච්. එම්. ඒ. කුමාරිහාමි මෙනෙවිය, රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම්, රෝහණ නවරත්න මහතා සහ ශල්‍ය ඖෂධවේදී, අනුර සමරනායක මහතා සහභාගී විය. සෙලින්කෝ ලයිෆ් සමාගම වෙනුවෙන් මෙම අවස්ථාවට එක්වූයේ සමාගමේ සාමාන්‍යාධිකාරී – ව්‍යාපාර සංවර්ධන, වසන්ත විජේසිංහ මහතා, සහකාර කළාපීය අලෙවි කළමනාකරු, සේනක බණ්ඩාර මහතා, මාතලේ කළාපයේ ශාඛා කළමනාකරුවන් වන කෝසල චතුරංග මහතා, සම්පත් ගුණතිලක මහතා සහ එස්. වික‍්‍රමසිංහ මහතායි. මොවුන් සමග මෙම අවස්ථාවට මූල්‍ය උපදේශක සුමිත් ඒකනායක මහතාද එක්විය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව