සෙලින්කෝ ලයිෆ් නවතම හරිත ශාඛාව පිළියන්දල පිහිටි සමාගමට අයත් ඉඩමක

Piliyandala Branch opening - Composite (1)

 




 

 

සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන සියළුම නව ශාඛා සඳහා භාවිතා කරන පරිසර හිතකාමී ක‍්‍රමවේද සහිත නවතම ගොඩනැගිල්ලක සමාගමේ පිළියන්දල ශාඛාව විවෘත කරමින් සිය පරිසර හිතකාමී ශාඛා ජාලය තවත් සංධිස්ථානයකට රැගෙන ඒමට සමත්වී තිබේ.

පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකරමින් ගනුදෙනුකරුවන්ගේ සහ සේවකයින්ගේ අත්දැකීම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම නවතම ශාඛාව අංක 192, හොරණ පාර, පිළියන්දල ලිපිනයේ ගොඩනගා ඇති අතර එම ගොඩනැගිල්ලේ වර්ග අඩි 5,683 ක ඉඩ ප‍්‍රමාණයක් තිබෙන බව සමාගම සඳහන් කරයි.

පිළියන්දල ශාඛාව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 54 ක මුදලක් වැයවී තිබෙන අතර එය සම්පූර්ණ කිරීම සඳහා මාස 11 ක කාලයක් වැයවී තිබේ. ස්වභාවික ආලෝකය උපරිම අයුරින් ගොඩනැගිල්ලට ලබාගන්නා ලෙස මෙම ගොඩනැගිල්ල සැලසුම් කර තිබෙන අතර ජාතික විදුලි බල පද්ධතියෙන් කිසිදු ආකාරයෙන් විදුලිය ලබා නොගන්නා ලෙස කිලෝවොට් 20 ක සූර්ය විදුලිබල පද්ධතියකින් මෙම ගොඩනැගිල්ල සමන්විත වේ. මීට අමතරව, මෙම ගොඩනැගිල්ලේ අපජලය පිරිපහදු කිරීමේ පද්ධතියක්ද ගොඩනගා ඇත. එසේම, මෙහි බලශක්ති සුරක්ෂිතතාවයෙන් යුක්ත නවතම කෘත‍්‍රිම විදුලි ආලෝකකරණයක් සහ වායු සමීකරණ පද්ධතියක් භාවිතා කරන අතර පයිප්ප වතුර භාවිතය අවම කරමින් වැසි ජලය එක් රැස්කිරිමේ ස්ථානයක්ද ගොඩනගා තිබේ.

අවම ලී ප‍්‍රමාණයක් භාවිතා කරමින් ඉදිකර තිබෙන මෙම ගොඩනැගිලි පරිශ‍්‍රය තුළ ගස් වවා තිබෙන අතර ඒ තුළින් බලාපොරොත්තු වන්නේ සමාගමේ හරිත න්‍යාය පත‍්‍රය තවදුරටත් සවිබල ගැන්වීමයි.

මෙම ගොඩනැගිල්ල පිළියන්දල ප‍්‍රදේශයේ සෙලින්කෝ ලයිෆ් ශාඛා සඳහා කාර්යාලයක් ලෙස ක‍්‍රියාත්මක වන අතර මෙයට පැමිණෙන අමුත්තන්ට වාහන නතර කර තැබීමට වාහන අංගනයක් මෙන්ම, පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සාකච්ඡා කිරීමට අවශ්‍ය පුද්ගලික සාකච්ඡා කාමර ද පිහිටුවා තිබේ. මනාව පුහුණු කරන ලද අත්දැකීම් සහිත සේවක කණ්ඩායමක් මගින් මෙහිදී ගනුදෙනුකරුවන්ට සුවිශේෂී පාරිභෝගික සත්කාරයක් ලබාදෙන බව සමාගම සඳහන් කරයි.

මීට අමතරව, කාර්යාල නොවන වේලාවන්හිදී සහ නිවාඩු දිනයන්හිදී රක්ෂණ ඔප්පු වාරික ගෙවීමට හැකිවන පරිදි මෙම පරිශ‍්‍රය තුළ සමාගම විසින් මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍රයක්ද ස්ථාපිත කර තිබේ.

1992 වසරේ සිට ප‍්‍රදේශය සඳහා වූ ශාඛාවක් පවත්වාගෙන යමින් සෙලින්කෝ ලයිෆ් සමාගම පිළියන්දල සහ ඒ අවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටී. මෙම නව ශාඛාව සමාගමටම අයත් ඉඩමක ගොඩනැගූ කොළඹ දිස්ත‍්‍රික්කයේ හත්වන ශාඛාව වන අතර එය සමාගමටම අයත් ඉඩමක ගොඩනැගූ 43 වන ගොඩනැගිල්ලයි.

මීට අමතරව, සමාගම විසින් තවත් හරිත ශාඛාවක් ජා-ඇල ඉදිකිරීම සඳහා කටයුතු කරමින් සිටී. සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන, ගල්කිස්ස සහ වැල්ලවත්ත යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝමයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි. එසේම, නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල, හලාවත, කඩවත, යාපනය, මාලඹේ, දිවුලපිටිය, මීගමුව සහ මේ වනවිට පිළියන්දල ශාඛා ගොඩනැගිලි ඉදිකර ඇත.

මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 272 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019-20 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව