සෙලින්කෝ ලයිෆ් දේශීය බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට

GWTW 2021 - Top 10 BFSI Award (2)

 



 

 

 

සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work®  විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකින්  ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේ මෑතකදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී Great Place to Work® විසින් 2021 වසරේ දේශීය බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ සමාගම් අතුරින් හොඳම සේවා ස්ථාන ලයිස්තුව එළි දක්වන ලදී.

මෙම ක්ෂේත‍්‍රයේ සේවකයින් 21,000 ක් පමණ සහභාගී වූ සමීක්ෂණයකට පසු මෙම ලයිස්තුව සකස් කර තිබේ. මෙහිදී, ධනාත්මක සේවක හැඟීම් සහ මානව සම්පත් සම්බන්ධයෙන් ආයතනයේ තිබෙන ප‍්‍රතිපත්ති සහ ක‍්‍රමවේදයන් පදනම් කරගනිමින් හොඳම සේවා ස්ථාන 10 තෝරාගෙන තිබේ.

මෙම ආයතනය විසින්ම 2020 වසරේදී සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස පළමු වරට සහතිකකරණය කරන ලදී. මෙරට රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මෙම සහතිකකරණය 2021 වසරේදීත් දිනා ගැනීමට සමත්වී තිබෙන්නේ පෙර වසරේදී ලබාගත් සමස්ත වර්ගීකරණයේ තවත් ලකුණු පහක් වැඩිකරගෙනයි.

මෙම නවතම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ මානව සම්පත් මෙන්ම පුහුණු කටයුතු සඳහා ප‍්‍රධානී දෙවාන් කුරේ මහතා මෙසේ පැවසීය. ‘යහ ක‍්‍රමවේද අනුගමනය කරමින් අපගේ සේවකයින් හොඳම සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට සෙලින්කෝ ලයිෆ් කළ කැපවීම මෙමගින් ඇගයීමට ලක්කර තිබෙනවා. අප විසින් අනුගමනය කළ යහක‍්‍රමවේද තුළින් අපගේ සේවා සබඳතාවයන් සහ සේවක අත්දැකීම් අඛණ්ඩවම වර්ධනය වෙනවා. ඔවුන් ඉතාමත් උසස් ආයතනයක සේවය කරන බව අපගේ සේවකයින්ගේ නිගමනයයි. එකට සේවය කරන පුද්ගලයින් පිළිබඳව ඔවුන්ට අනොන්‍ය විශ්වාසයක් තිබෙනවා. ඔවුන් කරන කටයුතු පිළිබඳව ඔවුන් ආඩම්බර වනවා. එසේම, සමස්ත සේවක කණ්ඩායම එකමුතුවෙන් සේවය කරනවා.’

ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට තේරී පත්වීම මගින් සෙලින්කෝ ලයිෆ් සේවකයින්ට හොඳම සේවා ස්ථානයක් ලෙස අනිකුත් සමාගම් වලින් වෙනස්වී තිබෙන ආකාරය සනාථ කරයි. මෙම විශ්ලේෂණය සිදුකිරීමට විශ්වාසවන්ත දර්ශක සමීක්ෂණයක් (Trust Index© Survey) මගින් සේවකයින්ගේ අත්දැකීම් පිළිබඳව තක්සේරුවක් සහ සංස්කෘතික විගණන (Culture Audit©) ප‍්‍රශ්නාවලියක් මගින් දැනටමත් කළමනාකරණය විසින් යහපත් වැඩ පරිසරයක් ගොඩනැගීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව තක්සේරුවක් සිදුකරයි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM ) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2021 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව අටවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත්, 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව