සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමක් මැලේසියාවේ දින 7ක නියෝජිතායතන කළමනාකරණ පුහුණුව සම්පූර්ණ කරයි

Agency Management Training in Malaysia (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී නියෝජිතායතන කළමනාකරණය පිළිබඳ මැලේසියාවේ පැවති දින හතක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘නියෝජිතායතන ගොඩනැගීමේ ඊළඟ පියවර’ යන්නයි.

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී පෞරුෂයක් වන කේ. හරිදාස් මහතා ප්‍රමුඛ ග්‍රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම පුහුණු වැඩසටහන ඉදිරිපත් කිරීම් මාලාවක් මෙන්ම කාර්යාල චාරිකාවලින්ද සමන්විත විය.
 



 
විකුණුම් කණ්ඩායමේ හය දෙනෙකුගෙන්ද, නියෝජිතායතන පරිපාලන කණ්ඩායමේ එක් අයෙකු සහ පුහුණු දෙපාර්තමේන්තුවේ සමාජිකයෙකුගෙන් ද සැදුම්ලත් සෙලින්කෝ ලයිෆ්හි නියෝජිත පිරිස පීටර් මාරසිංහ මහතා, එන්.ටී. සෙනෙවිරත්න මහතා, උදය ප්‍රනාන්දු මහතා, රෝහිත ලක්මාල් මහතා, ධම්මික ලියනගේ මහතා, ජෙනගන් මීරා මහත්මිය, සුජීව ගරුසිංහ මහතා සහ මිලින්ද පීරිස් මහතා යන  අයගෙන් සමන්විත විය.

මෙම පුහුණු සැසි ‘පුහුණු කිරීම සහ සන්නිවේදනය,’ ‘ඔබ තුළ සිටින නායකයා අවදි කරන්න,’ ‘ව්‍යවසායක මානසිකත්වය,’ ‘ඔබේ නියෝජිතායතනයට වැඩිපුර කාන්තාවන් බඳවා ගැනීම,’ ‘ධනවත් වෙළඳපොළවල් වෙත පිවිසෙන්නේ කෙසේද?’ සහ ‘ඩොලර් මිලියනයක් වටිනා නියෝජිතායතනයක් ගොඩනගන්නේ කෙසේද?’ යනාදී මාතෘකාවන්ගෙන් සමන්විත විය. මෙම පුහුණුව ග්‍රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කීර්තිමත් පුහුණුකරුවන් දෙදෙනෙකු හා ඉහළ දක්ෂතා ඇති සමූහ විකුණුම් කළමණාකරුවන් හය දෙනෙකුගේ සහයෙන්  සැදුම්ලද්දක් විය.

විශිෂ්ටත්වය සඳහා සේවකයින් සන්නද්ධ කිරීම, පුහුණු කිරීම  හා අභිප්‍රේරණය, ඔවුන්ගේ ජයග්‍රහණ හඳුනා ගැනීම සහ ත්‍යාග පිරිනැමීම සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වසර 20 ක නොබිඳුණු වෙළෙඳපොළ නායකත්වයේ ප්‍රධාන අංගයක් බව සමාගම පවසයි.

මැලේසියාවේ ග්‍රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයෙහිදි සෙලින්කෝ ලයිෆ්හි නියෝජිත කණ්ඩායම සහ කේ. හරිදාස් මහතා (වමේ සිට දෙවැන්නා) ඇතුළු පුහුණුකරුවන් කිහිපදෙනෙක්  සේයාරුවෙන් දැක්වෙයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව