සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙයි

Peoples Life Insurance Brand of the Year 2022

 



 

 

 

SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘2021 වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස 2022 මාර්තු 21 වනදා ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සම්මානයට පාත‍්‍රවිය.

මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් අඛණ්ඩව වසර 16 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගමයි.

සමාගමේ 2021 මූල්‍ය වාර්තාවල අනුව පිටපිටම 18 වන වසරට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකත්වය තහවුරු වීමට සති කීපයකට පසුව සමාගමට මෙම නව සම්මානය  හිමි වීම විශේෂිත වේ.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) එංගලන්තයේ Kantar ආයතනය සමග එක්ව සිදුකරන ප‍්‍රධානතම සම්මාන ප‍්‍රදානෝත්සවය වන SLIM ජනතා සම්මාන මගින් මෙරට විවිධ අංශවල ආධිපත්‍යය පතුරුවා තිබෙන ප‍්‍රමුඛතම සමාගම් බුහුමනට ලක් කරයි. මෙහිදී, ජයග‍්‍රාහකයින් තෝරාගන්නේ Kantar ආයතනය විසින් දිවයින පුරා මුහුණට මුහුණ සිදුකරන සමීක්ෂණයක් මගිනි. මෙහිදී, තමන් විවිධ අංශයන්හි ප‍්‍රියතම සන්නාම නම් කිරීමට අවස්ථාව ලබාදෙන අතර වැඩිම ජනතා කැමැත්තක් ලැබෙන සන්නාම සහ පුද්ගලයින් මෙහිදී ජයග‍්‍රාහකයින් බවට පත් කරයි.

‘ජනප‍්‍රියතාවය වෙනස්වන දෙයක්. එසේ තිබියදීත් ජනතා ඡුන්දයෙන් පිට පිටම වසර 16 ක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෙරට ප‍්‍රියතම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීම අද්විතීය ජයග‍්‍රහණයක්,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. ‘සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩවම නිවැරදි දේ කිරීම වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් හොඳ සහතිකයක් ලෙස මෙය සඳහන් කළ හැකියි. සමාගමේ දැක්ම වන්නේ ජීවිත රක්ෂණ ආරක්ෂණ දැල භාවිතා කරමින් ශ‍්‍රී ලාංකිකයින්ට තමන්ගේ අනාගතය අවධානමෙන් තොරව ගත කිරීමට අවස්ථාව ලබාදීමයි. ශ‍්‍රී ලාංකිකයින් මිලියන ගණනක විශ්වාසවන්ත ජීවිත රක්ෂණ සහකරුවෙකු බවට පත්වෙමින් ප‍්‍රජාවට අනාගතය සුරක්ෂිත කිරීමට අපගේ හැකියාව මෙන්ම කැපවීම මෙයින් තවත් ශක්තිමත් වනවා.’

2015 වසරේදී නීත්‍යානුකූලව ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වෙන්කිරීමෙන් පසුව ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ සමාගම් වලට වෙන වෙනම ‘වසරේ ජනතා රක්ෂණ සේවා සම්පාදකයා’ යන සම්මානය ප‍්‍රදානය කළ හයවන වසර 2022 වේ. මේ ආකාරයෙන් රක්ෂණ කර්මාන්තය කොටස් දෙකකට වෙන්කිරීමට පෙර සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම මෙම සම්මානය වසර 10 ක් පුරා සෑම වසරකදීම දිනා ගන්නා ලදී.

2021 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 173.7 ක්වූ අතර එම වසරේදී රුපියල් බිලියන 40.7 ක සමස්ත ආදායමක්, රුපියල් බිලියන 25.5 ක රක්ෂණ වාරික ආදායමක්, රුපියල් බිලියන 119.6 ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 154.4 ක් ඉක්මවන ආයෝජන කළඹක් සමාගම වාර්තා කරන ලදී.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස  නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් ද සහතික කර ඇත. 2021 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව අටවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව