සෙලින්කෝ කැන්සර් සෙන්ටර්හි Linac යන්ත‍්‍රය නවතම මෘදුකාංග හා දෘඩාංග සමගින් නවීකරණය වෙයි

Clinac Machine (LBN)

 



 

 

පිළිකා රෝගීන්ට විකිරණ ප‍්‍රතිකාර සඳහා දැනට ඇති නවතම ප‍්‍රතිකාර ක‍්‍රම පිරිනැමීමට ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය නවීකරණය කරීම සම්පූර්ණ කළ බව සෙලින්කෝ කැන්සර් සෙන්ටර් ^CCC& නිවේදනය කර ඇත.

මෙම Varian Clinax iX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයෙහි ප‍්‍රතිකාර සැලසුම් මෘදුකාංග හා ඒ ආශි‍්‍රත දෘඩාංග සංරචක භෞතික වෛද්‍ය විශේෂඥයින්ට වඩා උසස් තත්වයේ හා වැඩිදියුණු වූ ප‍්‍රතිකාර සැලසුම් ලබා දීමට උපකාරී වන අතරතුර රෝගීන්ගේ දත්ත සුරක්ෂිතතාව සහ සයිබර් ප‍්‍රහාර සම්බන්ධයෙන් වැඩිදියුණු කළ ආරක්ෂක මට්ටමක් ද ලබා දෙන බව සමාගම පවසයි.

මෙම නවීකරණයත් සමඟම, Varian Clinax iX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය සමඟ zEclipseZ ප‍්‍රතිකාර සැලසුම් මෘදුකාංගයේ සහ zAriaZ රෝගී දත්ත ගබඩාව කළමනාකරණ මෘදුකාංගයේ 17.0.1 මෘදුකාංග කාණ්ඩය භාවිතා කරන ශ‍්‍රී ලංකාවේ එකම රෝහල සෙලින්කෝ කැන්සර් සෙන්ටර් වේ.

මෘදුකාංග යාවත්කාලීන කිරීමට අමතරව, පද්ධතිවල ඉහල කි‍්‍රයාකිරීත්වය සඳහා සියළුම සර්වර් පරිගණක, සැලසුම් මධ්‍යස්ථාන පරිගණක, මෙහෙයුුම් සේවා පරිගණක පාලන පුවරු, ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයේ ද්වර දර්ශනය සහ ප‍්‍රතිකාර පාලන පුවරුව යන අංග නවතම දෘඩාංගවලින් ප‍්‍රතිස්ථාපනය කිරීමට ද CCC ආයෝජනය කළ බව සමාගම පවසයි.

”ආරම්භයේ සිටම අපගේ මෙහෙයුම වූයේ ශ‍්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට විදේශයන්හි ප‍්‍රතිකාර සඳහා වැය වන මුදලට වඩා සැලකිය යුතු ලෙස අඩු පිරිවැයකින් නවතම විකිරණ ප‍්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි,” යනුවෙන් සෙලින්කෝ කැන්සර් සෙන්ටර් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ”මෙවැනි නවීකරණයන් සඳහා වන වියදම්, විශේෂයෙන් රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් ආයෝජන පිරිවැය ඉහළ ගොස් ඇතත්, ඉහළ ගුණාත්මක ප‍්‍රතිකාර සේවාවක් සැපයිමට නම් වරින් වර මෙවැනි නවීකරණයන් සඳහා ආයෝජන අත්‍යවශ්‍ය වන බව,” තවදුරටත් ඔහු අවධාරණය කළේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව