සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙතින් සේවකයන්ට අඛණ්ඩ ඉගෙනුම් වටපිටාවක් ඇති කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක්

img 2

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ස්වකීය සේවකයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහනක් ආරම්භ කොට ඇති අතර මෙමඟින් සේවකයන්ගේ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය දැනුම, කුසලතා අඛණ්ඩව ලබා දෙන වටපිටාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.

 



 

මාස 3ක කාලයක් තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම කුසලතා සංවර්ධන වැඩසටහනට අලෙවි සේවක, විධායක සහ මධ්‍යම කළමනාකරණ ඇතුළු විවිධ අංශ නියෝජනය කරන සේවක පිරිසක් මේ සඳහා තෝරා ගැනුණු අතර මෙම කාලසීමාව තුළ ඔවුන් වැඩමුළු, පුහුණු සැසි, උපදේශන හා මාර්ගත පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම සිදු කෙරේ. පුහුණු කාලය තුළ නායකත්ව කුසලතා, උපායමාර්ගික චින්තනය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ආයතනික ඉලක්ක සම්පූර්ණ කිරීම වැනි වැදගත් අංශ කෙරෙහි ද අවදානය යොමු කෙරේ. නායකත්ව සහ උපායමාර්ගික චින්තන කුසලතා සංවර්ධනය සඳහා විශේෂීකරණය කරනු ලැබූ පුහුණුවක් සැලසුම් කෙරුණු අතර මෙමඟින් ආයතනයේ අනාගතයත්, දිගු කාලීන සාර්ථකත්වයත් ඇති කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අපේක්ෂා කරයි.

මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ කීර්තිමත් PIM පුහුණුකරුවන්ගේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන අතර, උසස් ප්‍රමිතිගත දේශන මාලාවක් මඟින් අදාළ ක්ෂේත්‍ර අවබෝධය ලබා දීමට කටයුතු කෙරේ.

සේවකයන්ගේ දැනුම කුසලතා සංවර්ධනය සඳහා කැපවීම ආයතනික දර්ශනයේ මූලික සංකල්පයක් ලෙස සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විශ්වාස කරයි. නවෝත්පාදන සංස්කෘතියක් ඇති කිරීම සහ පුද්ගලයන් සවිබල ගැන්වීම, සේවකයින්ගේ පුද්ගලික වර්ධනය සඳහා ආයෝජනය කිරීම සමාගමේ සාමූහික සාර්ථකත්වයට ද හේතු වන්නකි.

මෙම සුවිශේෂී මුලපිරීම මඟින් සේවකයන් වෙනුවෙන් තිරසර ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දීමේ සෙරන්ඩිබ් ෆ්ලෝර් මිල්ස් සතු කැපවීම පිළිබිඹු වන අතරම මෙවැනි මැදිහත් වීම් තුළින් සේවකයන්ගේ හා සමාගමේ වර්ධනයත්, වෙළඳපොළ තරඟකාරීත්වය ජයගැනීමට සැලකිය යුතු දායකත්වයක් ද සපයනු ලබයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව