සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ප්‍රිමියම් නිෂ්පාදන පෙළ, මාලේ හි පැවති ජාත්‍යන්තර සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයකදී විශිෂ්ටත්වය සලකුණු කරයි

Image (LBN)

Hotel Asia 2024 Exhibition & International Culinary Challenge වෙළඳ ප්‍රදර්ශනය මෙවර පැවැත් වූයේ 18 වන වරට වන අතර එය මාලදිවයිනේ මාලේ අගනුවරදී පවත්වනු ලැබුවේ එරට සත්කාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනාගත ගනුදෙනුකරුවන් රැසකගේ සහභාගීත්වය ද ඇතිවය. Serendib Flour Mills ද මෙවර ප්‍රදර්ශනයට සම්බන්ධ වූ අතර නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ නවෝත්පාදනය පිළිබඳව ඇති කැපවීම එහිදී අභිමානවත් ලෙස ඉදිරිපත් කෙරුණි.

 



 

මෙම ප්‍රදර්ශනය 2024 මැයි මස 13 සිට 15 දක්වා මාලේ හි ජාතික විශ්වවිද්‍යාලයේ සහ Dharubaaruge ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණ.

Serendib Flour Mills හඳුන්වා දුන් 7 Star Premium Bakers’ Flour සහ සිල්ලර අලෙවි නිෂ්පාදන පෙළ මෙහිදී ඉදිරිපත් වූ අතර නිෂ්පාදනවල ඇති ගුණාත්මක බවත් බහුකාර්ය බවත් විශේෂයෙන් ප්‍රදර්ශනය කෙරුණි. මාලදිවයිනේ හෝටල් සහ නිකේතන නියෝජනය කරන සූපශාස්ත්‍ර ප්‍රවීණයන් සහ ක්ෂේත්‍රයේ සම්පත්දායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට අවස්ථාව ලැබීම සමාගමේ උත්සාහය මැනවින් මල්ඵල ගැන්වුණු අවස්ථාවක් ද විය.

Serendib Flour Mills හි ගුණාත්මක නිෂ්පාදන කෙරෙහි ඇති කැපවීම මෙන්ම කලාපීය හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් සමඟ සවිමත් සබඳතාවක් ඇති කරගැනීම අතින් ද මෙම සහභාගීත්වය ඉතා සුවිශේෂී එකක් විය.

එපමණක් නොව, මේ සහභාගීත්වය මාලදිවයිනේ Serendib Flour Mills බෙදාහැරීම් ආයතනය වන Bestbuy Maldives (BBM) සමඟ ඇති සහයෝගය ශක්තිමත් කිරීමට ද ඉවහල් වූ අතර, ඔවුන්ගෙන් ලැබුණු අගනා දායකත්වය නිසා සමස්ත ප්‍රදර්ශනය පුරාම Serendib Flour Mills නිෂ්පාදන පෙළ, ප්‍රධාන සන්නාම සමඟ තරඟකාරීව කැපී පෙනෙන අයුරින් ප්‍රදර්ශනය විය.

The Hotel Asia Exhibition & International Culinary Challenge 2000 වසරේදී සූපවේදීන් 37 දෙනෙකුගෙන් ඇරඹි  කුඩා වෙළඳ ප්‍රදර්ශනයක් ලෙස එළිදැක්වූ අතර අද වන විට කීර්තිමත් ප්‍රදර්ශනයක් ලෙස නම් දැරූ වැඩසටහනකි. කෙටි විරාමයකින් පසුව නව උද්යෝගයකින් යුතුව නැවත ඇරඹි මෙම වැඩසටහන මාලදිවයිනේ ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් ලෙස ද හැඳින්වේ. ආගන්තුක සත්කාර සහ සූපශාස්ත්‍ර අංශවල නව ප්‍රවණතා, නිෂ්පාදන සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම වසරේ පැවති වැඩසටහන සඳහා, රටවල් 45ක් නියෝජනය කරමින් පැමිණි විවිධ සන්නාම රැසකින් සහ සංචාරක නිකේතන, හෝටල්, ආපනශාලා සහ ආහාරපාන ආයතන රාශියක් විසින් ඉදිරිපත් කළ ප්‍රදර්ශන කුටි 275කින් සමන්විත විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව