
තිරිඟු පිටි නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ඩුබායි හි පැවති ලොව කීර්තිමත්ම මෙන්ම විශාලතම වාර්ෂික ආහාර සහ ආගන්තුක සත්කාර ප්‍රදර්ශනය වන Gulfood 2025 සඳහා ඔවුන්ගේ වටිනා පාරිභෝගිකයන් ද සමඟ සහභාගී විය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි නියෝජිත පිරිසක් සහ ප්‍රධාන පෙළේ පාරිභෝගිකයන් පිරිසක් මෙම වසරේ උත්සවය සඳහා සහභාගී වූ අතර, මෙවර උත්සවය පවත්වනු ලැබූයේ 30වන වරටයි. මෙම ප්‍රදර්ශනය ජාත්‍යන්තර වශයෙන් සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීම සහ කර්මාන්තයට වැදගත් සම්බන්ධතා ගොඩනැගීම සඳහා උපායමාර්ගික වේදිකාවක් ලෙස ද හඳුන්වා දිය හැකිය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි සෙරන්ඩිබ් මිල්ස් මව් සමාගම වන Al Ghurair සමඟ ඇති උපායමාර්ගික සම්බන්ධතාවය හේතුවෙන් මෙම සහභාගීත්වය වඩාත් කැපී පෙනුණු අතර, ගල්ෆ් කලාපයේ ආහාරපාන අංශය නියෝජනය කරමින් ප්‍රදර්ශනයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස හඳුනා ගැනීමට ද මෙම සහභාගීත්වය ශක්තිමත් පදනමක් සැපයුවේය. ප්‍රදර්ශනය සඳහා පැමිණි අමුත්තන්ට Al Ghurair කුටියට මඟ පෙන්වීම සඳහා ද සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් කටයුතු කරනු ලැබීය.
මෙම සංචාරයේ කොටසක් ලෙස, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් පාරිභෝගිකයන්ට ජෙබෙල් අලි හි පිහිටි Al Ghurair හි අති නවීන නිෂ්පාදනාගාර නැරඹීමට අවස්ථාව හිමි වූ අතර, ඔවුන්ගේ නවීනතම තිරිඟු පිටි මෝල, සෝයා බෝංචි සැකසුම් කම්හල, ඕට්ස් නිෂ්පාදනය, සත්ව ආහාර මෝල සහ පැස්ටා නිෂ්පාදන කම්හල ආදිය ඒ අතරට ඇතුළත් විය.
මෙම සංචාරය තුළින්, ලෝක මට්ටමේ සෞඛ්‍යාරක්ෂක ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සමාගම දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කළ අතර, ජෙබෙල් අලි වරායේ පිහිටි ඔවුන්ගේ ආකර්ෂණීය ගබඩා සංකීර්ණය නැරඹීම ද සංචාරයට ඇතුළත් විය.
මෙම සුවිශේෂී සංචාරය මඟින් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි පාරිභෝගිකයන්ට මව් සමාගමේ මෙහෙයුම්වල පරිමාණය සහ නවීනත්වය පැහැදිලිවම අත්විඳීමට අවස්ථාව හිමි වූ අතර, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නිෂ්පාදනවල සම්පූර්ණ වටිනාකම් දාමය අවබෝධ කර ගැනීමට ද මෙය මහඟු අවස්ථාවක් විය.
‘දේශය පෝෂණය කිරීමේ’ මෙහෙවරට සැබෑ අරුතක් එක් කරමින්, සෙරන්ඩිබ් මිල්ස්, ආහාර තාක්ෂණයේ නවතම වර්ධනයන් සහ නැඟී එන තිරසර ප්‍රවණතා ගවේෂණය කිරීමටත්, ජාත්‍යන්තර ආහාර කර්මාන්තය තුළ සබඳතා ශක්තිමත් කිරීමටත් මෙම ගෝලීය වේදිකාව මනා පිටිවහලක් කර ගන්නා ලදී.
2025 Gulfood ප්‍රදර්ශනයේදී ප්‍රධාන පාරිභෝගිකයන්ට අවබෝධය ලබා දීමේ සහ ගෝලීය සම්බන්ධතා ඇති කර ගැනීමට පහසුකම් සැලසීමේ සම්ප්‍රදාය සමාගම විසින් අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, පාර්ශ්වකරුවන්ගේ වර්ධනයට සහ දියුණුවට සහාය වීම සඳහා සමාගමේ අප්‍රතිහත කැපවීම ද මැනවින් පෙන්නුම් කරන ලදී.
මෙම අත්දැකීම වඩාත් පරිපූර්ණ කිරීම සඳහා, නියෝජිතයින් සඳහා සාම්ප්‍රදායික කාන්තාර සෆාරියක් ද සූදානම් කර තිබූ අතර, ව්‍යාපාරික කටයුතු සමඟ කලාපයේ සංස්කෘතික අත්දැකීම් සමඟ ඒකාබද්ධ කිරීම මෙහි අරමුණ විය.
30 වන වරට පවත් වන ලද Gulfood 2025 උත්සවය, පෙබරවාරි 17 සිට 21 දක්වා පැවති අතර, මෙය ලොව විශාලතම වාර්ෂික ආහාර සහ ආගන්තුක සත්කාර වෙළඳ ප්‍රදර්ශනයක් සහ ප්‍රමුඛතම B2B වේදිකාවක් ලෙස ද දිනා ඇති කීර්තිය නැවත වරක් තහවුරු කරන්නට මෙවර ප්‍රදර්ශනය හේතු විය. රටවල් 129කට අධික සංඛ්‍යාවක සැපයුම්කරුවන්, ගැනුම්කරුවන් සහ නිෂ්පාදකයින් සම්මුඛ කෙරෙන මෙම ප්‍රදර්ශනය, නව හවුල්කාරිත්වයන් සඳහා පහසුකම් සැපයීම, නවතම ආහාරපාන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය ආදී විශේෂාංග රැසකින් ද සමන්විතය.
මෙම වසරේ ප්‍රදර්ශනයට රටවල් රැසක් නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් 5,500කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටි අතර, ප්‍රදර්ශකයන්ට ව්‍යාපාරික ජාල සබඳතා සඳහා අවස්ථා, අධ්‍යාපනික සැසි, නවෝත්පාදන සම්මාන, විශිෂ්ටතම සූපවේදීන්ගේ සූපශාස්ත්‍ර වැඩසටහන්, මාර්ගෝපදේශන චාරිකා, YouthX හරහා තරුණ වෘත්තිකයන් සඳහා වේදිකාවක් සහ Gulfood by Night යන තේමාව යටතේ පැවති විශේෂ හමු සඳහා ද අවස්ථාවන් හිමි විය. තරඟකාරී ආහාරපාන වෙළඳපොළ තුළ සාර්ථකත්වය ලැබීම උදෙසා අත්දැකීම් රැසක් සහභාගී වූ පිරිසට මෙමඟින් ලබා ගත හැකි විය.