සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් දරුවන් උදෙසා අධ්‍යාපනික හා පාරිසරික දැනුවත්භාවය ලබා දීමේ සමාජ සත්කාරක මෙහෙවරක් දියත් කරයි

Image 02 (LBN)

දේශය පෝෂණය කිරීමේ අරමුණ වෙනුවෙන් කවදත් ඇපකැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ආයතනික සමාජ වගකීමට උර දෙමින්, දරුවන්ගේ අධ්‍යාපනය සහ පාරිසරික දැනුවත්භාවය උදෙසා වැදගත් මුල පිරීම් දෙකක් පසුගිය දා ආරම්භ කරනු ලැබීය.

අධ්‍යාපනය යනු දීප්තිමත් අනාගතයක පදනම බවට විශ්වාස කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම, ඉදිරි පරම්පරාවේ අධ්‍යාපන අවශ්‍යතා සහ පාරිසරික දැනුම යන අංශ දෙකම ආවරණය කෙරෙන පුළුල් ප්‍රවේශයකින් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනු ලැබීය.

2025 නව පාසැල් වාරය සඳහා SFML සේවකයන්ගේ දරුවන් 400කට ආසන්න පිරිසකට අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ පිරිනමමින් සමාගම ඔවුන්ගේ වාර්ෂික පාසැල් සැපයුම් දායකත්වය සම්පූර්ණ කරනු ලැබීය. ඊට සමගාමීව, අධ්‍යාපනික සහය මෙන්ම පාරිසරික දැනුවත්භාවය ඒකාබද්ධ කරමින්, SFML සේවකයන්ගේ දරුවන් සඳහා ලෝක ජල දිනය තේමා කරගත් චිත්‍ර තරගයක් ද සංවිධාන කරනු ලැබීය.
 



 
පාසල් සැපයුම් වැඩසටහන යටතේ, SFML හි සේවය කරන සෘජු හා බාහිර සේවකයින්ගේ දරුවන්ට පොත්, බෑග් සහ සපත්තු ඇතුළු වටිනා පාසැල් ද්‍රව්‍ය කට්ටල බෙදා දෙන ලදී. හුදෙක්ම ද්‍රව්‍ය පිරිනැමීමකින් ඔබ්බට ගොස්, අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ප්‍රජාවගේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට සමාන බව සමාගම විශ්වාස කරයි.

ශ්‍රී ලාංකික ආහාර කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස දේශය පෝෂණය කිරීමේ අරමුණ හා සමානවම යහපත් දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා, ඊට අවශ්‍ය මෙවලම්වලින් ළමා මනස සන්නද්ධ කිරීම හා ඔවුන්ගේ අධ්‍යාපන ගමනට ශක්තිය දීම ද අත්‍යවශ්‍ය බව සමාගමේ විශ්වාසයයි.

අධ්‍යාපනික සහයට අමතරව, SFML විසින් 2025 ලෝක ජල දිනය සැමරීම සඳහා චිත්‍ර තරඟයක් ද සංවිධාන කරන ලදී. SFML කාර්ය මණ්ඩලයේ සහ බාහිර සේවකයින්ගේ දරුවන්ට මෙම තරගය විවෘත වූ අතර, ජල සංරක්ෂණය සහ තිරසර ජල කළමනාකරණය යන තේමාවන් යටතේ චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කිරීමට දරුවන්ට ආරාධනා කෙරිණ.

ලෝක ජල දිනය වෙනුවෙන් පැවැත්වූ චිත්‍ර තරගයේ අරමුණ වූයේ තීරණාත්මක පාරිසරික ගැටලු පිළිබඳ දැනුවත්භාවය වැඩි කරමින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් පෝෂණය කිරීමයි. මෙම මුලපිරීම සමාගමේ පුළුල් තිරසර ඉලක්ක සමඟ ද මැනවින් ගැළපෙන්නක් වූ අතර කලාත්මක ප්‍රකාශනයන් තුළින් ජල සංරක්ෂණය පිළිබඳ දරුවන්ගේ අවබෝධය විදහා දැක්වීමට වේදිකාවක් ලෙස ද මෙම තරගය හඳුන්වා දිය හැකි විය.

චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්, පසුගිය මාර්තු මස 26දා පැවති විශේෂ උත්සවයකදී ප්‍රකාශයට පත් කරන ලද අතර, විවිධ වයස් කාණ්ඩ සඳහා මෙහිදී ත්‍යාග ප්‍රදානය කෙරිණි. පාරිසරික දැනුවත්භාවය පිළිබඳ සංවාද දිරිගැන්වීම සඳහා තෝරාගත් කලා නිර්මාණ ඉදිරියේදී SFML පරිශ්‍රයන්හි ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

මෙවැනි දියත් කිරීම් මඟින් ‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණ වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් දක්වන කැපවීම, ගුණාත්මක ආහාර නිෂ්පාදන සැපයීමෙන් ඔබ්බට ගොස් අනාගත පරම්පරාවන්ගේ බුද්ධිමය වර්ධනය සහ පාරිසරික විඥානය පෝෂණය කිරීම දක්වා විහිදෙන්නක් බව පෙන්නුම් කරයි.

සෙවන් ස්ටාර් තිරිඟු පිටි නිෂ්පාදන පෙළ නිපදවන සෙරන්ඩිබ් පිටි මිල්ස් (SFML) යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරිඟු පිටි නිෂ්පාදන සමාගම වන අතර ශක්තිමත් ආයතනික සමාජ වගකීමක් පවත්වා ගනිමින්, උසස් තත්ත්වයේ තිරිඟු පිටි නිෂ්පාදන සැපයීමට කැපවී සිටින SFML, තිරසර ව්‍යාපාරික භාවිතයන් තුළින් ප්‍රජාවට ප්‍රතිලාභ හිමි වන ක්‍රමවේදයක් උදෙසා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව