සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස Profood Propack & Agbiz 2024 ප්‍රදර්ශනය නියෝජනය කරයි

04 (LBN)

Profood Propack & AgBiz 2024 ප්‍රදර්ශනය අගෝස්තු 23-25 තෙදින පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන භූමියේදී පැවැත්වුණු අතර මේ සඳහා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) හි සුප්‍රකට 7 Star සන්නාමය යට‌තේ ඇති තිරිඟු පිටි නිෂ්පාදන පෙළ සාඩම්බරයෙන් යුතුව ඉදිරිපත් කරන ලදී.

ප්‍රමිතිය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි සෑම විටම අවධානය යොමු කරන, ආහාරපාන නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර පාරිභෝගිකයන් හා තිරිඟු පිටි ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදකයන් සමඟ සම්බන්ධ වීමට ද මේ හරහා අවස්ථාවක් හිමි විය. සෙරන්ඩිබ්  සමාගමේ උසස් තිරිඟු පිටි පෙළ සමඟ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත වරක් තහවුරු කිරීමට ද මෙම ප්‍රදර්ශනය හේතු විය.

 



 

විශේෂයෙන්ම සිල්ලර පාරිභෝගිකයින්ගේ (B2C) තෘප්තිමත්භාවය සහ වෙළඳපොළ අඛණ්ඩ පැවත්ම උදෙසා ඇති කැපවීම නැවත නැවතත් සහතික කරමින්, සෙරන්ඩිබ් සිය නිෂ්පාදනවල උසස් ප්‍රමිතියත් සහ බහුකාර්යතාවයත් ඉස්මතු කරමින්, ගෘහස්ථ හා ආහාර සේවා ව්‍යාපාරවල විවිධ අවශ්‍යතා සපුරාලන ආකාරය මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිසට මෙම නිෂ්පාදන පිළිබඳ දැනුම සහ අත්දැකීම ලබා දීමට, සෙරන්ඩිබ් ආයතනය විසින් ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දී තිබුණි. 7 Star තිරිඟු පිටිවලින් සාදන ලද විවිධ ආහාර නිෂ්පාදන නරඹන්නන්ට සංග්‍රහ කරන ලද අතර, ගුණාත්මක භාවයේ සහ පෙනුමෙහි වෙනස සියැසින්ම දැකබලා ගනිමින් නිෂ්පාදන රස විඳීමට ද ඔවුන්ට මෙහිදී අවස්ථාව හිමි විය.

ප්‍රවීණ සූපවේදී දුෂාන්ති මදනායක විසින් මෙහෙයනු ලැබූ බේකිං සහ ඉවුම් පිහුම් සැසි සඳහා නරඹන පිරිසට ද ක්‍රියාකාරීව සහභාගී වීමේ අවස්ථාව හිමි විය. මෙහිදී කෙටි කෑම වට්ටෝරු සැකසීම සඳහා 7 Star තිරිඟු පිටි යොදා ගනිමින් නිෂ්පාදනවල බහුකාර්යතාව සහ උසස් බව පිළිබඳ වටිනා අවබෝධයක් ද ප්‍රේක්ෂකයන් වෙත ලබා දෙන ලදී.

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි තාක්ෂණික සහ විකුණුම් කණ්ඩායම් ද ඔවුන්ගේ, තාක්ෂණික ප්‍රවීණතාව, දෝෂ නිරාකරණය සහ කෑම වට්ටෝරු පිළිබඳ අදහස් ඇතුළු විසඳුම් රැසක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. විවිධ ප්‍රදේශවල 7 Star නිෂ්පාදන ලබා ගත හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී පැමිණි පිරිසට මඟ පෙන්වීමක් ලැබිණි.

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවයේ (LECS) සහයෝගිතාවයෙන් පැවති මෙම ප්‍රදර්ශනය සඳහා ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සහභාගී වී සිටි අතර ආහාර නිෂ්පාදන හා ඇසුරුම්කරණය පිළිබඳ නවෝත්පාදන සහ නව ප්‍රවණතා රැසක් ද ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව