සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ඉහළම කාර්ය සාධනයන් අගයමින් 2025 වාර්ෂික අලෙවි සමුළුවේදී උපායමාර්ගික දැක්ම එළිදක්වයි.

01 (LBN)

දේශය පෝෂණය කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML), ඔවුන්ගේ 2025 වාර්ෂික අලෙවි සමුළුව පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. සමාගමේ අලෙවි බලකායේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී අලෙවි කටයුතුවල ලැබූ සුවිශේෂී ජයග්‍රහණ සහ විශිෂ්ටත්වයන් හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් ඇගයුම් පිරිනමනු ලැබූ අතර, ඉදිරි වසර සඳහා උපායමාර්ගික වැඩපිළිවෙළ ද ඉදිරිපත් කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී, සමාගම 2024 වසරේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ පුළුල් සමාලෝචනයක් මෙන්ම 2025 වසර සඳහා යෝජිත උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව ද සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරුණි.
 



 
SFML සමාගම පසුගිය කාලය පුරා ලැබූ ජයග්‍රහණ සමරමින් 2025 වඩාත් සාර්ථක වසරක් බවට පත් කරගන්නට අවශ්‍ය පන්නරයක් වෙළඳ කණ්ඩායම වෙත ලබා දෙන්නට ද මෙම සමුළුව හේතුවක් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරිඟු පිටි සැපයුම්කරුවෙකු ලෙස SFML සිය ප්‍රමුඛස්ථානය තව දුරටත් ශක්තිමත්ව පවත්වා ගන්නට ද සමාගමේ අලෙවි බලකායේ කැපී පෙනෙන කාර්යභාරය බෙහෙවින් ඉවහල් වී ඇත.

වෙළඳපොළේ ප්‍රධාන ක්ෂේත්‍ර හරහා විකුණුම් පරිමාව වර්ධනය කරමින්, විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කළ සමාගමේ ඉහළම කාර්යසාධනයක් සහිත අලෙවි වෘත්තිකයන්ට උපහාර දැක්වීම උදෙසා මෙම සමුළුව වේදිකාවක් බවට පත් විය. ඒ අනුව, 2024 දී SFML හි වෙළඳපොළ තත්ත්වය සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන්නට දායකත්වයන් ලබා දුන් සුවිශේෂී පුද්ගලයින් සහ කණ්ඩායම් සඳහා මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණි.

අලෙවි විධායක නිලධාරීන් අතර සමස්තයක් වශයෙන් ඉහළම ප්‍රතිශත වැඩිවීම සඳහා වන ගෞරවනීය සම්මානය ආර්. රවී ප්‍රගාෂ් හිමිකර ගත් අතර, ඉහළම වර්ධනයක් සහිත ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු ලෙස කේ.ටී.ඩී. අජිත් වසන්ත කුමාර තන්ත්‍රිගේ ඇගයීමට ලක් විය. චින්තක දර්ශන රාජපක්ෂගේ නායකත්වයෙන් යුත්, නාදන් රොෂාන් දශාන, බී. චන්රමෝහන්, කේ.ඩී. චම්පික උදේෂ් සහ ඩබ්ලිව්.ඒ.එස්.ජේ. තුෂාර යන විශිෂ්ට විකුණුම් කණ්ඩායම, 2024 දී ඉහළම සාමූහික වෙළුම් වැඩිවීමක් අත්කර ගැනීම වෙනුවෙන් ඇගයුමට පාත්‍ර විය.

කාණ්ඩ යටතේ පිරිනැමෙන විශේෂිත විශිෂ්ටතා ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර, සත්‍යසීලන් හරිහරන් සහ එම්.එස්. මොහොමඩ් නයීම් පිළිවෙලින් විකුණුම් විධායක සහ ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු ලෙස බේකරි අංශයේ ඉහළම අලෙවි වර්ධනය සඳහා සම්මාන ලබා ගත්හ. ආපනශාලා අංශය යටතේ, ඉන්සමාම් නුක්මන් හජ්රින් රෂීඩ් සහ ඩබ්ලිව්.ඊ. චන්දිමා ප්‍රියදර්ශන ඒකනායක ඔවුන්ගේ සුවිශේෂී කාර්ය සාධනය වෙනුවෙන් ඇගයුම් පිරිනමන ලදී.

සාමාන්‍ය වෙළඳ හා ප්‍රධාන ගිණුම් හැසිරවීමේදී කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම වෙනුවෙන් පී. තුෂාර ලංකා පීරිස් මහතාට විශේෂ ඇගයීමක් පිරිනමන ලද අතර, NVQ 4 මට්ටමේ ක්ෂේත්‍ර විකුණුම් කාර්ය මණ්ඩල පුහුණුව සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීම වෙනුවෙන් දර්ශන අබේවර්ධන ජයවික්‍රම මහතාට ද ඇගයීමක් හිමි විය.

සමුළුවේ කැපී පෙනෙන සිදුවීමක් ලෙස කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ පුහුණුකරුවන්ගේ PIM ආදි ශිෂ්‍ය සංගමය (PIMA) විසින් පවත්වන ලද නායකත්ව සහ උපායමාර්ගික පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ කණ්ඩායම් සාමාජිකයින් සඳහා ද සුවිශේෂී ඇගයීමක් පිරිනැමීය. මේ තුළින්, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා SFML දක්වන කැපවීම ඉස්මතු විය.

අභිප්‍රේරණය පිළිබඳ ප්‍රවීණ කථිකයෙකු වන ෆහාඩ් ෆාරුක් විසින්, වසර පුරා ක්‍රියාශීලීව චිත්ත ධෛර්යය පවත්වා ගනිමින් කටයුතු කිරීම පිළිබඳ ආකර්ෂණීය දේශනයක් ද පවත්වනු ලැබූ අතර අලෙවි කණ්ඩායමට අපූරු ආශ්වාදයක් මෙන්ම වටිනා අවබෝධයක් ලබා දුන්නේය.

2025 සාර්ථකත්වයේ වසරක් බවට පත් කරගන්නට බලාපොරොත්තු වන SFML සමාගමට එය තවත් ධනාත්මක මට්ටමක් කරා ඔසවා තබන්නට මෙම සමුළුව නිසැකවම හේතුවක් වූ බව නොඅනුමානය. සියලුම වෙළඳපොළ ක්ෂේත්‍ර හරහා වර්ධනය සහ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපායමාර්ගික මඟ පෙන්වීම තුළින් හා නැවුම් අභිප්‍රේරණයකින් තම දක්ෂ අලෙවි බලකාය සන්නද්ධ වී ඇති බව සමාගම දැඩිව විශ්වාස කරයි.

SFML යනු ඉහළම විශ්වසනීයත්වයෙන් යුතු තිරිඟු පිටි නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සුරකිමින්, ක්ෂේත්‍රයේ ඉල්ලුම සපුරාලන, උසස්ම 7 ස්ටාර් තිරිඟු පිටි නිෂ්පාදන සමාගම වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව