සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අධි ශක්ති කෝලම් රටා තරගය සමඟින් තෛපොංගල් උත්සවය සමරයි

Image 2 (LBN)

2024 ජනවාරි 22: තෛපොංගල් උත්සවයට සමගාමීව වතුකර ප්‍රජාවගේ නිර්මාණාත්මක හැකියාවන් ඉලක්ක කරගනිමින් සෙරන්ඩිබ් අධිශක්ති කෝලම් රටා තරගය උත්සවාකාරයෙන් පවත්වන ලදී.

 



 

‘වතුකරයේ තෛපොංගල් සැමරුම’ යන තේමාව යටතේ වතුකර ජනතාවගේ පවුල්, ආහාර සහ විවිධ විචිත්‍රාංග මූලික කරගනිමින් ද ඔවුන්ගේ සංස්කෘතිය විදහා දක්වමින් ද මෙම උත්සවය සංවිධානය වූයේ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) අතර සහයෝගීත්වයෙනි.

නුවරඑළිය රදැල්ල ක්‍රිකට් සමාජයේදී සහ හැටන් PHDT පුහුණු මධ්‍යස්ථානයේදී මෙම උත්සවය පැවති අතර වතු ආශ්‍රිත විවිධ කණ්ඩායම්වල කාන්තාවන් 200 කට අධික පිරිසක් මේ සඳහා සහභාගී විය. මෙහිදී ඔවුන් විසින් සෙරන්ඩිබ් හි ‘අධි ශක්ති’ සන්නාමය ඇතුළත් කරමින් අලංකාර සහ වර්ණවත් ‘කෝලම්’ චිත්‍ර රටා නිර්මාණය කරමින් සිය නිර්මාණාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී. වතු ප්‍රජාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අධි ශක්ති නමින් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් නවතම නිෂ්පාදනයක් මීට පෙර හඳුන්වා දෙන ලදී.

හොඳම කෝලම් රටා නිර්මාණ තුන සඳහා සහතිකපත් සහ ආකර්ෂණීය මුදල් ත්‍යාග සෙරන්ඩිබ් ආයතනය විසින් පිරිනමන ලදී. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති තරගයෙන් පළමු ස්ථානය තලවාකැලේ තේ වතු සමාගම ද, දෙවන ස්ථානය හැටන් වැවිලි සමාගම ද, තුන්වන ස්ථානය ආගරපතන තේ වතු සමාගම ද දිනාගන්නා ලදී.

හැටන් ප්‍රදේශයේ පැවැති තරගයෙන් පළමු ස්ථානය කොටගල තේ වතු සමාගම ද, දෙවන ස්ථානය හැටන් වැවිලි සමාගම ද, තුන්වන ස්ථානය බොගවන්තලාව තේ වතු සමාගම ද දිනාගන්නා ලදී.

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් දේශය පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව, සම්ප්‍රදායන්ට ගරු කරමින් විවිධ ප්‍රජාවන් සමඟ මෙවැනි සැමරුම් සිදුකරන්නේ ඉමහත් ආඩම්බරයෙනි. අලුතින්ම හඳුන්වා දුන් අධි ශක්ති තිරිඟු පිටිවල යකඩ, ෆෝලික් අම්ලය සහ විටමින් B12 වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇතුළත්කර ඇත්තේ වතු ප්‍රජාවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇතිකිරීමේ අරමුණ ඇතිවයි. අධි ශක්ති කෝලම් රටා තරගය හේතුවෙන් වතුකරයේ ජනතාව සමඟ තව තවන් මුසු වීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නාමයට හැකි වු අතර එම ප්‍රජාවන්ගේ හැකියාවන් සහ ජීවන සංස්කෘතිකාංග ප්‍රදර්ශනය කිරීමට ද මෙමගින් හැකි විය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව