‘සෙරන්ඩිබ් උත්තම දළදා’ සත්කාරය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා අඛණ්ඩව තෙවැනි වරටත් ගෞරවයෙන් සංවිධාන කෙරේ

04 (LBN)

‘දේශය පෝෂණය කිරීමේ’ උතුම් අරමුණ පෙරදැරි කරගත් සමාගමක් වූ, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, අඛණ්ඩව තුන්වෙනි වරටත් වැඩිහිටි පිරිස් උදෙසා දියත් කරනු ලබන ‘උත්තම දළදා’ වැඩසටහන මෙම වසරේදීත් සංවිධාන කරනු ලබන බව සාඩම්බරයෙන් යුතුව සඳහන් කරයි.

මෙම වසරේදිත් කෑගල්ල හා කටුගස්තොට යන ප්‍රදේශවල වැඩිහිටි නිවාස 4කින් තෝරාගත් වැඩිහිටියන් 100ක් සඳහා දළදා මාළිගාව වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර දීමට නියමිතය.

 




 

පසුගිය වසරවලදී මෙන්ම මෙම වසරේදීත්, ඇසළ පෙරහැර නැරඹීම සඳහා විශේෂ කුටියක් ද මෙම තෝරාගත් වැඩිහිටි පිරිස වෙත හිමි වනු ඇති අතර, සුවපහසු ඉදිරි පෙළ ආසන පහසුකම් සමඟ, ප්‍රණීත ආහාරපාන ද භුක්ති විඳිමින් මේ අසිරිමත් සංස්කෘතික සංදර්ශනය සියැසින්ම දැකබලා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. එපමණක් නොව ඔවුන්ගේ ආරක්ෂාව සහ සුවතාව වෙනුවෙන්ම විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද සූදානම් කර තබන්නට සෙරන්ඩිබ් මිල්ස් විසින් කටයුතු යොදා ඇත.

‘සෙරන්ඩිබ් උත්තම දළදා’ වැඩසටහන මඟින්, විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාවට සහ විශ්‍රාමික පුරවැසියන්ට නැවතත් තෘප්තිමත් සමාජ, සංස්කෘතික ජීවිතයක් උදාකර දීම සඳහා කැපවීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් බලාපොරොත්තු වේ. මෙවැනි සරල කාරුණික මෙහෙවරයන් තුළින් ජීවිතවලට සැනසුමක් ලබා දෙන්නට මෙන්ම පරම්පරා අතර සබැඳියාවන් වර්ධනයටත් සිත්ගන්නාසුලු මුලපිරීමක් ලබා දෙන්නට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හට හැකි වී ඇත.

ලෝක වැඩිහිටි දිනය සැමරීම ඔක්තෝබර් මාසයට යෙදී ඇතත්, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ‘දේශය පෝෂණය කිරීමේ’ උතුම් පරමාර්ථය පෙරදැරිව ආහාරවලින් පමණක් නොව යහපත් සිතුවිලි හා ක්‍රියාවන් තුළින් ද වැඩිහිටියන් සැමරීමේ වැදගත්කම මේ තුළින් අවධාරණය කරයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව