සෙරන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් වතුකරයේ ඉහළම අධ්‍යාපන ජයග්‍රහණ දිනූ විශිෂ්ටයන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ 

02 (LBN)

2022/2023/2024 උසස් පෙළ විභාගවල කැපී පෙනෙන අධ්‍යයන ජයග්‍රහණ සහ ඉහළම Z ලකුණු වාර්තා කළ, ශ්‍රී ලංකාවේ තේ වතු ප්‍රජාව නියෝජනය කරන විශිෂ්ට සිසුන් දස දෙනෙකුට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ‘අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන’ මඟින් වටිනා ශිෂ්‍යත්ව 10ක් පසුගියදා පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදන සමාගම වන SFML, උසස් නිෂ්පාදන මඟින් දේශය පෝෂණය කිරීමට කැපවී සිටින සමාගමකි. පසුගිය වසරේ දියත් කරන ලද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව දෙවන වරටත් 2025 වසරේ පවත්වනු ලබන අතර එය සමාගමේ වඩාත් අර්ථවත් ප්‍රජා සත්කාරක මෙහෙවරක් ද වේ.
 



 

ශිෂ්‍යත්වලාභීන් විවිධ වතු කලාප නියෝජනය කරන පිරිසක් වන අතර, ඔවුන් නමුණුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, බලන්ගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වතුවලට අයත් සිසුන් වේ. දීප්තිමත් දක්ෂතා පිරි මෙම සිසුන් පිරිස, නැගෙනහිර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල කළමනාකරණය, භෞතික විද්‍යාව, කලා සහ සාම අධ්‍යයනය යන ක්ෂේත්‍රවල අධ්‍යයන කටයුතු සඳහා යොමු වීමට නියමිතය.

මෙම සිසුන් පිරිසේ කැපී පෙනෙන ජයග්‍රාහකයන් අතර ස්ප්‍රින්ග් වැලි වතුයායේ සත්‍යවේලු රොජිනී, දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේ 46 වන ස්ථානය හිමි කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සාමය සහ ගැටුම් නිරාකරණය පාඨමාලාව සඳහා තෝරාගෙන ඇති අතර, හල්ගොල්ල වතුයායේ රවිචන්ද්‍රන් අසෝජ්, දිස්ත්‍රික්කයේ 92 වන ස්ථානය හිමි කරගනිමින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇත.

වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) සමඟ සහයෝගය ද ඇතිව, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් මෙම දක්ෂ සිසු දරු දැරියන් හඳුනා ගනු ලැබුවේ පුළුල් තේරීම් ක්‍රියාවලියක් තුළිනි. ‘අධි ශක්ති ෆෝටිෆයිඩ් තිරිඟු පිටි’ වැඩසටහන හරහා වතු ප්‍රජාව වෙනුවෙන් සමාගම දක්වන කැපවීම තවත් සවිමත් කරන්නට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් ද ලැබෙන්නේ නොමඳ වූ පිටිවහලකි.

මෙම වැඩසටහන වතුකර ප්‍රජාව තුළ අධ්‍යාපනයට ඇති උනන්දුව ඉස්මතු කරන්නක් ලෙස ද හඳුන්වා දිය හැකිය. පිරිනමන සෑම ශිෂ්‍යත්වයක් මඟින්ම විශ්වවිද්‍යාල වියදම් ආවරණය කරන අතර, එය ඔවුන්ගේ උසස් අධ්‍යාපන සිහින සැබෑ කරගන්නට මහඟු අස්වැසිල්ලක් වන බව නම් නොඅනුමානය.

තේ වතු ප්‍රජාව තුළ ඇති සැඟවුණු දක්ෂතාවන් කළඑළි ගන්වන්නට සහය වීම පිළිබඳ සමාගම සතු විශ්වාසය ද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් පෙන්නුම් කෙරෙන තවත් පැතිකඩකි. මෙම තරුණ ශිෂ්‍යත්වලාභීන් ඔවුන් නියෝජනය කරන ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් සඳහා උත්තේජනයක් වනු ඇතැයි SFML සැබවින්ම විශ්වාස කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදන සමාගම ලෙස, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් ප්‍රජාව වෙත සිදුකළ හැකි ධනාත්මක බලපෑම පුළුල් කරන්නටත්, වතුකරයේ තරුණ තරුණියන්ට ගුණාත්මක උසස් අධ්‍යාපනයක් සහ වෘත්තීය අවස්ථා වෙත ප්‍රවේශ වීමට මංපෙත් නිර්මාණය කරන්නටත් SFML නිබඳවම දායකත්වය ලබා දෙයි.

මෙම පුරෝගාමී සිසුන් දස දෙනාගේ සාර්ථකත්වය, තේ වතු ක්ෂේත්‍රයේ තවත් දහස් ගණනක් සිසුන්ට අධ්‍යයන විශිෂ්ටත්වය කරා යාමට පෙළඹවීමක් වනු ඇතැයි අපේක්ෂා කරන අතරම, ඔවුන්ගේ ජයග්‍රහණ හඳුනාගෙන සහාය වීමට ද බලාපොරොත්තු වේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව