සුරාඩෝ කැම්පස් ආයතනයේ 2024 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් ලෙස පවත්වයි

Photo Caption 01 (LBN)

GSDCN සමූහ ව්‍යාපාරයට අයත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management ආයතනය ශ්‍රී ලාංකිකයින් සදහා උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2024 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රය තුළ දී පවත්වන ලදී.

සිය පාඨමාලා කාලය පුරාවට කැපී පෙනෙන කැපවීමක් සහ දක්ෂතා පෙන්නුම් කළ 200ට අධික උපාධි අපේක්ෂකයින් සදහා මෙහිදී උපාධි පිරිනමන ලදී. මෙය රැකවරණ සපයන්නන් සදහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම උපාධි ප්‍රධානෝත්සවය වේ. ඔවුන් මේ වන විට දේශීය හා ගෝලීය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වඩාත්ම ඉල්ලුමක් ඇති සුදුසුකම්වලින් සමන්විත ශ්‍රම බලකායට ඇතුලත් වේ. මෙම සම්භාවනීය අවස්ථාව සදහා ඉන්දියාවේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයේ පුරාණ ඉන්දියානු සංස්කෘතික හා පුරාවිද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය බීනා ගාන්ධි ඩිඕරි මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, නයින්වේල්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය විභාෂ් විජේරත්න, සාමාන්‍යාධිකාරී සැන්ටා ඩෝරා රෝහලේ වෛද්‍ය ලක්මාල් ප්‍රනාන්දු, සුරාඩෝ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ තවත් කැපීපෙනෙන ආරාධිතයින් රැසක් මීට සහභාගී විය.

 



 
සුරාඩෝ කැම්පස් ආයතනයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පී. එස්. රචිත බුද්ධික පවසා සිටියේ “දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සදහා වන ඉල්ලුමට, සෘජුවම දායකත්වය දිය හැකි උපාධිධාරීන් ලෝකයට දායාද කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙමු. රැකවරණ වෘත්තිය යනු AI තාක්ෂණය ඔස්සේ කළ නොහැකි, මානව දයාව සහ සංවේදීතාව මත පවතින වෘත්තියකි”.

2012 වර්ෂයේ දී ආරම්භ කළ සුරාඩෝ කැම්පස් ආයතනය, ලොව පුරා උපස්ථායක රැකියා වෙළදපලේ ඉල්ලුම මත දේශීය සිසුන් සදහා නව ගෝලීය රැකියා අවස්ථාවන් රැසක් නිර්මාණය කර දී ඇත. ආයතනයේ මව් සමාගම වන Global Skill Development and Care Network (GSDCN) හි හවුල්කාරීත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් මෙම මෙහෙවර ශක්මතිමත් කිරීම සදහා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

සුරාඩෝ කැම්පස් ආයතනය යනු සෞඛ්‍ය සේවා අධ්‍යාපනයේ විශිෂ්ඨත්වය වෙනුවෙන් නිරන්තරයෙන් සම්මානලාභී ආයතනයක් වන අතර, එහිදී දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සම්මාන රැසක් දිනාගෙන ඇත. දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළලේ අධ්‍යාපනික නායකත්වයේ හොදම විශිෂ්ටත්වය සහ සෞඛ්‍ය සේවයේ හොදම නැගී එන ආයතනය ලෙසින් අඛණ්ඩව වසර තුනක් 2021, 2022, 2023 සම්මානයන් ලබා ඇත. (Best Excellence in Educational Leadership and the Best Emerging Institute in Healthcare by South Asian Business Excellence Awards (consecutively in 2021, 2022 and 2023)), ආසියානු සම්මාන උළලේදී අධ්‍යාපනික නායකත්වයේ හොදම විශිෂ්ටත්වය සහ සෞඛ්‍ය අංශයේ හොදම නැගී එන ආයතන ලෙස පිට පිට වසර දෙකක දී 2021, 2022 සම්මානයන් ලබා ඇත. (Best Excellence in Educational Leadership and the Best Emerging Institute in Healthcare by Asian Awards (consecutively in 2021 and 2022)) , වසර 2022 දී ගුණාත්මක සෞඛ්‍ය සේවා ආශ්‍රිත පාඨමාලා පිරිනැමීම වෙනුවෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ The Business World International විසින් ලබා දුන් හොදම අධ්‍යාපනික නායකත්වය සදහා වූ විශිෂ්ඨතා සම්මානය ලබා ඇත. (USA Excellence Award in 2022 for the Best Educational Leadership by The Business World International of the USA, for offering quality healthcare-related courses.)

සුරාඩෝ කැම්පස් මගින් පිරිනමනු ලබන පාඨමාලා පිළිබද වැඩිදුර තොරතුරු සදහා 0777950208 අමතන්න, වෙබ් අඩවිය වෙත www.surado.lk වෙත පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව