සුභාග්‍යා තේ කර්මාන්තශාලාවේ හිමිකාරිණී ගීතානි හෙට්ටිආරච්චිට දකුණු පළාත් විශිෂ්ටම ව්‍යවසායිකා සම්මානය

SUBHAGYA (LBN)

ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය කරන දකුණු පළාතේ පිහිටි සුභාග්‍යා සහ නව සිංහවැලි යන තේ කර්මාන්තශාලාවල හිමිකාරිත්වය දරන ගීතානි හෙට්ටිආරච්චි මහත්මිය දකුණු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ටත්වය සනිටුහන් කළ ව්‍යවසායකයෝ රැසක් ඇගයීමට ලක් වූහ.

 



 

ගාල්ල නෙළුව ප්‍රදේශයේ පිහිටා ඇති හෙට්ටිආරච්චි මහත්මියට අයත් සුභාග්‍යා තේ කර්මාන්තශාලාවේ 150කට අධික පිරිසක් සේවය කරති. එහි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය තේ දළු එම කර්මාන්තශාලාවට අයත් තේ වගාවලින් සහ 1,600කට ආසන්න කුඩා තේ වතු හිමියන්ගෙන් රැස් කර ගන්නා අතර කුඩා තේ වතු හිමියන්ගෙන් මසකට මිල දී ගන්නා තේ දළු ප්‍රමාණය ලක්ෂ දෙකකට අධික වේ. ඇයට අයත් නව සිංහවැලි තේ කර්මාන්තශාලාව අකුරැස්ස ඕපාත ප්‍රදේශයේ පිහිටා තිබේ. මෙම තේ කර්මාන්තශාලා දෙකම නිෂ්පාදනය කරන Orthodox කාණ්ඩයට අයත් තේ Forbes and Walker සහ Mercantile Produce වැනි තැරැව්කරුවන් හරහා කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රටවල් රැසකට අපනයනය කරයි. රජයේ හෙද නිලධාරිනියක ලෙස සේවය කළ හෙට්ටිආරච්චි මහත්මිය කලින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඒ වන විට වැසී යාමේ අවදානමක තිබූ මෙම තේ කර්මාන්තශාලා දෙක මිල දී ගෙන ඒවායේ නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමට කටයුතු කළාය. වර්තමානයේදී ඉහළ නිෂ්පාදන ධාරිතාවක් සහිත එම තේ කර්මාන්තශාලා ISO 22000 ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා ඇත. සිය ව්‍යාපාරය හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා සැපයීමටත්, ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, තේ අපනයනයෙන් රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමටත් දායක වීමට ඇයට හැකි වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව