සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) 102 වන වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

Image 04 - Andrew Perera

 



 

 

 

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට ද අනුබද්ධිතය. ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ බලයලත් ඒජන්තවරුන්ගෙන් සමන්විත සාමාජිකත්වයක් ඇති මෙම සංගමයෙ හි 102 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම පසු ගිය දා පවත්වන ලදි.

සී / ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ චාරක පෙරේරා මහතා CMTA හි සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී, විරාන් ද සොයිසා මහතා  ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසත්,  Kia මෝටර්ස් ලංකා  පෞද්ගලික සමාගමේ  කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා උප සභාපති  ලෙස තේරී පත් විය.  Carmart පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී යසේන්ද්‍ර අමරසිංහ මහතා සංගමයේ හිටපු සභාපතිවරයා වේ.

2022/2023 වසර සඳහා විධායක කමිටුව වෙනුවෙන් මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ, බ්‍රි පොන්නම්බලම් මහතා, සෙනොක් ට්‍රේඩ් කම්බයින් පුද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ රීසා රවුෆ් මහතා, ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මනෝහර අතුකෝරල මහතා, යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හි සාමාන්‍යාධිකාරී ගිහාන්  පිලපිටිය මහතා,  ඩ්‍රයිව් වන් (පුද්ගලික) සමාගමේ විකුණුම් සහ අලෙවි ප්‍රධානී සර්හාන් ප්‍රනාන්දු මහතා,  ද ඔටෝඩ්‍රෝම් පීඑල්සී හි සම කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ඇලෝසියස් මහතා, ඇක්සස් මෝටර්ස් පුද්ගලික සමාගමේ   ප්‍රධාන විධායක නිලධාරී රවී පෙරේරා මහතා,   සතොස මෝටර්ස් PLC හි විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත පෙරේරා මහතා, සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලක්මාල් ද සිල්වා මහතා, ඩීසල් සහ මෝටර් ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී තරංග ගුණවර්ධන මහතා සහ  IWS හෝල්ඩින්ග්ස් මෝටර්ස් පුද්ගලික සමාගමේ  ප්‍රධාන විධායක නිළධාරි – ඔටෝමොබයිල්ස්, ටෙරන්ක කරීම් මහතා යන අය තේරී පත් විය.  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරන එහි සහකාර මහ ලේකම් රොහාන් කැසීචෙට්ටි  මහතා CMTA හි ලේකම් ධූරය දරයි.

ගෙවී ගිය අභියෝගාත්මක වසර දෙකක කාලය තුළ CMTA  සමාජිකයින් බොහෝ  බාධක මධ්‍යයේ  වූවත්  සංගමයේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ගොඩ නැගීමට  විශාල දායකත්වයක් ලබා දුන් බව CMTA  සාමාජිකයින් අමතමින් යසේන්ද්‍ර අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

වසර 100කට වැඩි ඉතිහාසයක් සතු CMTA  ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නිල වෙළඳ ආයතනය ලෙස කටයුතු කරන්නේ මෝටර් රථ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් උර දෙමිනි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ තිරසාර වර්ධනයේ ඉදිරියෙන්ම සිටින  CMTA, දෙස් විදෙස් රැකියා සඳහා අවස්ථා සලසා දෙමින්  ශ්‍රී ලංකාවේ ආ‍ර්ථික වර්ධනයට ද විශාල දායකත්වයක් ලබා දී ඇත. CMTA හි සාමාජික සමාගම් එක්ව ඔවුන්ගේ සමාගම් තුළ සෘජු හා වක්‍ර රැකියා 30,000 ක් පමණ නිර්මාණය කර ඇත. එසේම රට පුරා පිහිටුවා ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 6,000කට අධික අලෙවි නියෝජිත ජාලයක් නිර්මාණය කර ඇත. මෝටර් රථ ආනයනයෙන් 2019 වසරේ  දී තීරු බදු වශයෙන් පමණක් රුපියල් බිලියන 130 කට අධික ආදායමකින් භාණ්ඩාගාරයට දායක වූ අතර එය රජයේ ආදායමෙන් 6.8% කට වඩා වැඩි විය.

නව සභාපතිවරයා සහ කමිටුව පත් වන්නේ සමස්ත මෝටර් රථ කර්මාන්තයටම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළය. ඒ රටේ සමස්ත ප්‍රවාහන පද්ධතියටම තර්ජනයක් බවට පත්ව ඇති ආනයන සීමා කිරීම් අඛණ්ඩව පැවතීම, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රථ වාහන අමතර කොටස් ආනයනය අඩාල වීම වැනි අභියෝග මධ්‍යයේය.

සිය සමාජිකයින් අමතමින් චාරක පෙරේරා මහතා “මෝටර් රථ කර්මාන්තය මෙන්ම අපේ මුළු රටම, මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින නමුත්, මූලික ක්‍රියාකාරකම් සහ මෝටර් රථ ක්ෂේත්‍රයේ දියුණුව  උදෙසා ක්‍රියාත්මක කළ යුතු නීති රෙගුලාසි හා ප්‍රතිපාදන බල ගැන්වීම හරහා අනාගත තිරසර මෝටර් රථ ක්ෂේත්‍රය උදෙසා අත්තිවාරම් දැමීමට මෙම කාලය යොදා ගැනීම උචිත බව මා දැඩි සේ විශ්වාස කරනවා.  වර්තමාන අර්බුද තත්වය තුළ මෝටර් රථ කර්මාන්තය නගා සිටුවීමට සහ මඟ පෙන්වීමට කළ හැකි සෑම දෙයක්ම, CMTA හි සභාපතිවරයා වශයෙන් සිදු කරන බවට මා පොරොන්දු වෙනවා” යනුවෙන්  සිය අදහස් දක්වා සිටියේය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව