සිලෝන් මාස්ටර්ස් සීමාවෙන් ඔබ්බට

695A00073-E (LBN)




 

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේ අයැදුම්පත් බාරගැනීම 16 වැනිදා අවසන් වේ

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 24 වැනිදා ආරම්භ වේ. දින දෙකක් පුරා නයිවල නිව් සනිරෝ එයාර්පෝර්ට්ස් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මේ ශූරතාවලියට දිවයින පුරා සිටින අවුරුදු 35න් ඉහළ පළපුරුදු  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  රැසක් සහභාගි වෙති.

කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්වෙන අතර, ජයග්‍රාහකයන්ට පදක්කම්වලට අමතරව තරගකාරීත්වය ඉහළ දමමින් මුදල් ත්‍යාග ද පිරිනැමීමට නියමිතය.

මේ සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 16 වැනිදායින් අවසන් වන බව සංවිධායක මණ්ඩලය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. මෙරට සිටින ප්‍රවීණතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව පෙන්නුම් කරමින් අතිවිශාල තරගකරුවන් පිරිසක් සහභාගි වනු ඇතැයි සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය අපේක්ෂා කරයි.

ශුරතාවලියට සහභාගි වන එම සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතුළත්වීමේ ගාස්තුවෙන් 10% ක වට්ටමක් ලබාදෙන බව ද  සංවිධායක මණ්ඩලය අවධාරණය කළේය.

ශූරතාවලියට සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන්ට +94 772279392, +94 712274861, +94 712274861 හෝ +94 777574462 දුරකතනය අංක මගින් වැඩි විස්තර සහ ලියාපදිංචි වීමේ තොරතුරු ලබාගත හැකිය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සම්බන්ධතාව, දිරිගැන්වීම හා බැඩ්මින්ටන් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව විශාල වශයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතවන්නන්ට උපකාර කිරීම එම සංගමයේ අධිෂ්ඨානය වී ඇත.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව