සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේදී රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කුසලාන හඹා යති

IMG-20240725-WA0025 (LBN)

කොළඹ බැඩ්මින්ටන් ක්‍රීඩාගාර තුනකදී ඊයේ ආරම්භ වූ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේ ශූරතාව හඹා යෑමට රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වී සිටිති.

වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරය සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී දින 4ක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර මට්ටමේ ශූරතාවලියට ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව, අමෙරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 536 දෙනකු ක්‍රීඩා කරති.

 



 

වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ ඊයේ පැවැති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහභාගි විය.

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සහ දැඩි කැපවීමකින් යුතු විධායක කමිටු සාමාජිකයන්ගෙන් සමන්විත සංවිධායක කමිටුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දින දර්ශනයේ වඩාත්ම කීර්තිමත් තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සිදු කරමින් සිටී.

ලොව පුරා සිටින ඉහළම තලයේ දක්ෂතා සහ සූක්ෂම සැලසුම් ක්‍රමවේද ඇතුළත් සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලිය ඉදිරි දින කිහිපයේදී ජාත්‍යන්තර මට්ටමේ තරගවලින්  උනුසුම් වනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව