සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

47382798_277666569615004_3217217395634470912_n (LBN)

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් ලබන ජූලි මස 25 සිට 28 දක්වා  වෙළෙදසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේ  පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් දසදහසක මුදල් ත්‍යාග පිරිනැමෙන ප්‍රවීණයන්ගේ තරගාවලියක් ලෙස පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට ලොව පුරා ඉහළම මට්ටමේ ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිතය.

 




 

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නීතිරීතිවලට අනුව පැවැත්වෙන මේ තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 25 සහ 26 පැවැත්වෙන අතර, අර්ධ අවසන් වටයේ සහ අවසන් පූර්ව වටයේ තරග ජූලි 27 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරග ජූලි 28 වැනිදා පැවැත්වේ.

අවුරුදු 35න් ඉහළ සිට අවුරුදු 75න් ඉහළ දක්වා  වයස් කාණ්ඩ යටතේ සහ අවුරුදු 100+, 110+, 120+ 130+ සහ 140+ වශයෙන් ඒකාබද්ධ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ඊට කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග ඇතුළත් ය.

සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් බාර ගැනීම ලබන ජූලි මස 2 වැනිදා අවසන් වන අතර, සිලෝන් මාස්ටර්ස් ෆේස් බුක් https://www.facebook.com/Ceylon Masters පිටුවෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිල වෙබ් අඩවිය https://srilankabadminton.lk/tournaments/ ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව