හැව්ලොක් සිටි මෝල් හි විවෘත කළ සිල්ක් රූට් වෙන්චර්ස් හි පළමු Nutra Studios වෙළෙඳසැලේ සාර්ථකත්වය සහ ඒ වෙනුවෙන් ලද පාරිභෝගික ආකර්ෂණය සමඟ සිය දෙවන වෙළෙඳසැල සිල්ක් රූට් වෙන්චර්ස් විසින් පසුගියදා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත කරන ලදී. ඒ අනුව කැන්ඩි සිටි සෙන්ටර්හි පළමු මහළේ පිහිටා ඇති මෙම වෙළෙඳසැල ඔස්සේ පාරිභෝගික ජනතාවට සිය නිෂ්පාදන සහ සේවාවන් පහසුවෙන් ලබාගත හැකිය.
සමාගමේ ප්‍රමුඛතම සන්නාම ද්විත්වයක් එකට එක් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම Nutra Studios හැඳින්විය හැකිය. මෙහිදී, ශාක සාරයෙන් නිමවූ ඖෂධ, ඖෂධීය අතිරේක, පෝෂදායී ආහාර මෙන්ම ස්වභාවික ක්‍රමවේදයන් ඔස්සේ නිෂ්පාදනය කළ රුපලාවන්‍ය ද්‍රව්‍ය Ancient Nutra සන්නාමය යටතේ පාරිභෝගිකයන්ට පිරිනමනු ලැබේ. එමෙන්ම , ශාකමය අමුද්‍රව්‍ය අනුසාරයෙන් සකස් කරන ලද නවීන ආහාර පාන වර්ග සහ මුළුතැන්ගෙයට අවශ්‍ය ද්‍රව්‍ය Plant-Based Studios මඟින් ලබාගත හැකිය.
එබැවින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන මෙන්ම තිරසාර ජීවන රටාවක් සහ සුවදායක දිවියක් සඳහා ගුණාත්මක විසඳුම් සොයන පාරිභෝගික ඔබට මෙම වෙළෙඳසැල කදිම තේරීමක් වනු ඇත.
මෙරට පෝෂ්‍යදායි ආහාර නිෂ්පාදන කර්මාන්තයේ පුරෝගාමී සමාගමක් වන සිල්ක් රූට් වෙන්චර්ස් සිය නිෂ්පාදන ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් සෞඛ්යාරක්ෂිත ලෙස සිදුකිරීම කෙරෙහි දැඩි අවධානයක් දක්වයි. ඔවුන්ගේ ප්‍රමිතිගත බව EU Organic, USDA Organic, GMP, HACCP, ISO 22000, සහ FSSC 22000 ප්රමිතීන් ඔස්සේ සහතික කරන අතර ගුණාත්මකභාවය සහ පාරිභෝගික ආරක්ෂාව සඳහා සමාගම විසින් දක්වන කැපවීම මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය වේ.
තවද, අනාගත මුලපිරීම් සඳහා සිය නිෂ්පාදනයන්ගෙන් 2% ක් පමණ වෙන් කිරීමට සිල්ක් රූට් වෙන්චර්ස් කටයුතු කර ඇත. එමෙන්ම සත්ව සුභසාධන කටයුතු, පාරිසරික සංරක්ෂණය, ග්‍රාමීය අධ්‍යාපනය සහ මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීම ආදී කටයුතු වෙනුවෙන් ද සිය ආදායමෙන් 2%ක ප්‍රමාණයක් වෙන් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ පිහිටි නවතම Nutra Studios වෙළෙඳසැල වෙත පිවිසී, සම්ප්‍රදායික බව සහ නවීනත්වය මුසු වුණු පෝෂ්‍යදායි ආහාර අත්දැකීමක් සමඟ සුවපත් දිවියක් සඳහා වඩාත් යෝග්‍ය විසඳුම් අත්විඳීමට පාරිභෝගික ඔබ සැමට සිල්ක් රූට් වෙන්චර්ස් සමාගම සාදරයෙන් ඇරයුම් කරයි.