සියැට් හි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ‘ඔටෝබාන්’ අලෙවි නියෝජිත සමුළුව සහ සම්මාන උළෙලෙහි බබළයි

Dealer Awards 2024 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් හි විශිෂ්ට අලෙවි නියෝජියින් හඳුනා ගැනීම සහ උපහාර දැක්වීම වෙනුවෙන් දින දෙකක අලෙවි නියෝජිත සමුළුවක් සහ උත්කර්ෂවත් සම්මාන උළෙලක් පවත්වන ලදී. විනෝදය සපිරි වර්ණවත් අවස්ථාවන් සහ තාක්ෂණික සැසියකින් සමන්විත වූ මෙය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පවත්වන ලදී.

සන්නාමය සඳහා ආධාරක වන ජර්මාණු ඉංජිනේරුකරණය, පර්යේෂණ හා සංවර්ධන විශේෂඥතාවය පදනම් කරමින් ‘ඔටෝබාන්’ ලෙස තේමා කරගත් මෙම අවස්ථාව සඳහා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි පිහිටි සියැට් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරී – ගෝලීය එළිමහන් පර්යේෂණ ස්වෙන් රත් මහතා ද සහභාගි විය.
 



 
සම්මාන රාත්‍රියේ දී පිළිගැනීමේ දේශනය පවත්වමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් හි සභාපති චානක ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ උපහාර ලැබූ විශිෂ්ට අලෙවි නියෝජිතයින් 125 දෙනා සමාගමේ හද ගැස්ම නියෝජනය කරන බවත් ඔවුන් සමාගමේ සාර්ථකත්වයේ වැදගත් කොටසක් වන බවත්ය.

වෙළඳපොළෙහි පවතින අභියෝග මධ්‍යයේ සියැට් කැලණි සමාගම සුවිශේෂී සංධිස්ථානයන් කිහිපයක් පසුකරමින්, අඛණ්ඩව වර්ධනය වූ බවත් පෙන්වා දුන් ඒ මහතා, නවෝත්පාදන සහ පාරිභෝගික සේවා පෙරටත් වඩා හොඳින් පවත්වාගෙන යමින් සියැට් සන්නාමය, රටෙහි වඩාත් ජනාදරයට පත් ටයර් සන්නාමය බවට පත් වූ බවත් ෆිච් ආයතනය මගින් AA¬ ශ්‍රේණිගත කිරීම සාර්ථකව සිව්වන වසරටත් 2024 දී ලබාගත් බවත් ප්‍රකාශ කලේය.

දිවයින පුරා සිටින සියැට් අලෙවි නියෝජිතයින් අතුරින් හොඳම 10 දෙනා සමාගමේ කාර්ය සාධනය උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් සම්මාන ලබාගත් අතර හොඳම අලෙවි නියෝජිතයින් 45 දෙනා හට විශිෂ්ඨතා සම්මාන හිමි විය. තවද, ටයර් කාණ්ඩ හතරෙන් ඒ ඒ කාණ්ඩයේ හොඳම නියෝජිතයින් අලෙවි නියෝජිත සමුළුවේදී විශේෂ පිළිගැනීමට ලක්විය. සියැට් හි විශිෂ්ට අපනයන පාරිභෝගිකයින් වන සිංගප්පූරුව සහ ඊජිප්තුව යන ප්‍රධාන වෙළඳපොළවල් දෙක නියෝජනය කරමින් නියෝජිතයින් පැමිණ සිටීම ද මෙහිදී කැපී පෙනුණි.

2024 වසර සඳහා සියැට් හොඳම අලෙවි නියෝජිතයින් 10 දෙනා අතරට පත්වූවන් කොළඹ 2 හි U&H වීල්ස්, කොළඹ 14 හි සංදීව් ඔටෝ එන්ටප්‍රයිසස්, අනුරාධපුර ශ්‍රීපාලි ටයර් හවුස්, මාරවිල විරාන් ටයර් සර්විස්, කුරුණෑගල නිව් ලක්මිණි ටයර් හවුස්, අම්බලන්ගොඩ සුමිත් මාර්කටින්, අක්කරෙයිපත්තුව අබ්ඩීන් ටයර් සර්විස්, මොරටුව මෙට්‍රෝ ඔටෝ මාට්, මාදම්පේ අසංක මෝටර් ස්ටෝර්ස් ඇන්ඩ් ටයර් හවුස්, සහ වවුනියාවේ නන්දා ටයර් හවුස් වේ.

අලෙවි නියෝජිතයින්ට ජර්මනියේ පිහිටි සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ පවතින තාක්ෂණික පහසුකම් සහ විශේෂඥතාව පිළිබඳවත් ජර්මනියේ ධාවන පථ වල සිදු කරන පර්යේෂණ පිළිබඳා තාක්ෂණික සැසියක් සමගින් සමුළුවේ පළමු දිනය ආරම්භ විය. කොළඹ වරාය නගර පරිශ්‍රයේදී අලෙවි නියෝජිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා වෙරළ සැණකෙලියක් සහ ජල ක්‍රීඩා පවත්වමින් දෙවන දිනය ගත කරන ලදී.

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම මෙරට ටයර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස වර්ධනය වීම, නව තාක්ෂණය සහ ගුණාත්මකභාවයේ වැඩිදියුණු කිරීම් සඳහා වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනවල ප්‍රතිඵලයක් වන අතර ඒ තුළින්  නිෂ්පාදන ධාරිතාවය වැඩිවීමක් පමණක් නොව නිෂ්පාදන පරාසයේ පුළුල් වීමක්ද සිදු වී ඇත. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය  නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර්  මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව