සියැට් ශ්‍රී ලංකාවේ සන්නාම පැවැත්ම ශක්තිමත් කරමින්, නව ‘Shop-In-Shop’ අග්‍රගන්‍ය අලෙවිසැල් 3ක් විවෘත කරයි

New SIS outlets (LBN)

ශ්‍රී ලංකාව තුළ සියැට් සන්නාමයේ දෘශ්‍යතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව පාරිතෝෂික අලෙවිසැල් 3ක් විවෘත කර ඇති අතර, ඉන් දෙකක් කොළඹ නගරයේ සහ එකක් හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇත.

නව ‘සියැට් ෂොප්-ඉන්-ෂොප්’ (SIS) අලෙවිසැල් තුන සැලසුම් කර ඇත්තේ, සන්නාමයේ අග්‍රගන්‍යකරණය සහ ප්‍රමුඛ පෙළේ අලෙවිසැල්වල පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙම වෙළෙඳසැල් කොළඹ 14, ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවතේ U & H වීල් සර්විස් සහ පැරමවුන්ට් ටයර් ටේ්‍රඩර්ස් යන ස්ථානවල සහ හංවැල්ල සකුරා ටයර් මධ්‍යස්ථානයේද පිහිටා ඇත.

 




 

රටේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන සියැට් හි Shop-In-Shop සංකල්පය සමාගමේ වසර 03ක බෙදැහැරීමේ ජාල පුළුල් කිරීමේ උපාය මාර්ගයෙහි කොටසකි. බහු-සන්නාම අලෙවි නියෝජිත පරිශ්‍රයන් තුළ සියැට් ටයර් සඳහා වෙන්වූ ප්‍රදේශයක් මායිම් කිරීම එහි අරමුණයි. සියැට් විසින් මෙම පුද්ගලික අවකාශයේ අභ්‍යන්තරය තුළ පාරිභෝගිකයන්ට අසුන් ගෙන සිටිය හැකි ස්ථානය සහ පිළිගැනීමේ ප්‍රදේශ මගින් පාරිභෝගිකයාගේ සුවපහසුව වැඩිදියුණු කරයි. මීට අමතරව සියැට් කැළණි හෝල්ඩිංන්ග්ස් විසින් තම අලෙවි නියෝජිතයින් වෙතින් ලබාගත හැකි ටයර් නිෂ්පාදන අවධාරණය කිරීම සඳහා අභ්‍යන්තර සන්නාම පුවරු, සංඥා සහ නව්‍ය නිෂ්පාදන ප්‍රදර්ශන රාක්ක සඳහාද ආයෝජනය සිදු කරයි. සන්නාමයේ දෘශ්‍යතාවය සහ ස්ථානගත කිරීම වැඩිදියුණු කිරීමට අමතරව, මෙම ආකෘතිය අලෙවි නියෝජිතයින්ගේ ආදායම වැඩි කිරීමටද ඉවහල් වන බව සමාගම ප්‍රකාශ කරයි.

අභියෝගාත්මක කාලවලදී පවා පාරිතෝෂික අලෙවි සංකල්ප සඳහා ආයෝජනය කිරීමට සමාගමේ කැපවීම විස්තර කරමින්, සියැට්-කැළණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. ‘ගමන දුෂ්කර වූ විට සියලුම පාර්ශ්වකරුවන් සඳහා ජයග්‍රහණයන් සෙවීම වඩාත් වැදගත් කාර්යයක් වෙනවා. එහිදී මෙම නව SIS අලෙවිසැල් වටිනාකමක් එකතු කරණු ලබනවා. අපගේ අලෙවිකරුවන් සඳහා විකුණුම් ඉහළ නංවා ඒ සමගම වෙළෙඳ නාමයේ පැවැත්මද ඉහළ නංවා සමාගමට සහ එහි සියලුම පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලබා දීම අපගේ අරමුණයි. මේ තුළින් අලෙවි මෙහෙයුමේ ගුණාත්මකභාවය සන්නාමයේ වර්ධනය සහ නිෂ්පාදනයේ අඛණ්ඩව වැඩිදියුණු වීමට සමගාමීව සිදුවන බව සහතික වනවා.’

මෙම පාරිතෝෂික අලෙවිසැල් නිර්මාණය කර ඇත්තේ, මගී මෝටර් රථ සහ SUV රථ සඳහා ටයර් ආශ්‍රිත සියලුම සේවාවන් සැපයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බවත්, ඒ සඳහා සියැට්-කැළණි ශ්‍රී ලංකාවේ ඉහළම ප්‍රමිතීන් රේඩියල් ටයර් මාලාවක් නිෂ්පාදනය කර ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

සියැට් SIS අලෙවිසැල්වල ආකර්ෂණීය වට්ටම්, විශේෂිත ටයර් සත්කාර සහ පුළුල් පරාසයක සියැට් ටයර් ලබා ගැනීමට හැකි වෙයි. තවද විශේෂඥ දැනුම, පරිගණකගත රෝද පෙළගැස්ම, ටයර් වායුකරණය සඳහා නයිට්‍රජන් වායු පොම්ප, කැපවූ පාරිභෝගික විවේකාගාර පහසුකම්, ක්‍රෙඩිට් කාඩ්පත් මිලදී ගැනීම් සඳහා පහසු ගෙවීමේ සැලසුම්, ඇලොයි වීල් සහ කාර් බැටරි මිලදී ගැනීම්ද ආදී පුළුල් පරාසයක සේවාවන් සලසනු ලබයි.

ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව