‘සියැට් කෙයාර්ස්’ වෙතින් පාසල් 30කට අධික සංඛ්‍යාවකට මාර්ග ආරක්ෂණ කට්ටල

Schools Road Safety Programme 2024 completion (LBN)

දිවයිනේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ පාසල් 30කට රථවාහන තදබදය සහ පදිකයන් කළමණාකරණය සඳහා උපකරණ ලබා දෙමින්, පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ 15 වන වසර අවසන් කරන ලදී.

ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 5ක්, රථ වාහන කේතු 10ක් සහ රථ වාහන නියාමක ජැකට් 10ක් ගේට්ටුවෙන් පිටත මාර්ග ආරක්ෂණ කටයුතු වෙනුවෙන් යොමු කර ඇති සිසුන්ගේ භාවිතය වෙනුවෙන් හිමි වූ අතර මෙය ‘සියැට් කෙයාර්ස්’ ප්‍රජා ව්‍යාපෘති මාලාවේ තවත් කොටසකි.

 



 
වැඩසටහන සඳහා නිර්මාණය කරන ලද සංඥා පුවරුවල ‘වාහන නැවැත්වීම තහනම්’, ‘ඇතුල්වීම තහනම්’, ‘සෙමින් රිය පදවන්න’, ‘ළමයින් පාර මාරුවන ස්ථානය ඉදිරියෙන්’ සහ ‘ U හැඩයට සිටින සේ හැරවීම තහනම්’ වැනි අර්ථ පිළිඹිබු කරයි.

2024 වර්ෂයේ හඳුනාගත් පාසල් සඳහා උපකරණ පිරිනැමීම අවසන් කිරීමත් සමඟ මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලැබූ මුළු පාසල් සංඛ්‍යාව 320කට අධික වෙයි. සමාගම පවසන ආකාරයට මෙම වැඩසටහන යටතේ 2025 වර්ෂය තුළ තවත් පාසල් 30කට මාර්ග ආරක්ෂණ උපකරණ ලබා දීමට නියමිතයි.

“ආරක්ෂාව සියැට් විසින් දැඩි උනන්දුවක් දක්වන විෂයයක් වන්නේ අප නිෂ්පාදනය කරන සෑම ටයරයකම මූලික සැලකිල්ල එම විෂයය වීම නිසයි,” යැයි සියැට් කැලණි හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. “එමෙන්ම අපගේ අරමුණ ‘සෑම දිනකම ගමනාගමනය සුරක්ෂිත කිරීම සහ කාර්යක්ෂම කිරීම’ වන අතර සියැට් සුරක්ෂිත ගමනක පෙරගමන්කරුවෙක් සහ ආයෝජකයෙක් ලෙස පෙනී සිටීම සාධාරණ වෙයි”

මාර්ග භාවිතා කරන්නන් අතර ආරක්ෂාව සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය කිරීම, ශිෂ්‍යයින්, දෙමාපියන් හා ප්‍රවාහන සැපයුම්කරුවන් ඇතුළු ප්‍රධාන පාර්ශව දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීම, ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, පාසල් අවට රථවාහන කළමනාකරණයට සහාය වීම සහ ප්‍රජා සහභාගීත්වය සහ සම්පත් බෙදා හැරීම තුළින් අනතුරු සංඛ්‍යාව අවම කිරීම ‘සියැට් කෙයාර්ස්‘ වැඩසටහනේ ප්‍රධාන අරමුණු වෙයි.

මෙවර මාර්ග ආරක්ෂණ උපකරණ පිරිනැමීමෙන් ප්‍රතිලාභ ලැබූ පාසල් වූයේ වැලිමඩ මධ්‍ය විද්‍යාලය, වැලිමඩ විජය විද්‍යාලය, බදුල්ල ධර්මදූත විද්‍යාලය, මොනරාගල රාජකීය විද්‍යාලය, අක්කරෙයිපත්තුව රහීමියා විද්‍යාලය, කල්මුණේ ෆාතිමා විද්‍යාලය, එරාවුර්හි අල් මුනීරා බාලිකා මහා විද්‍යාලය සහ අලිගාර් මධ්‍ය මහා විද්‍යාලය, ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලය, මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය, මාදම්පේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, නොච්චියාගම විද්‍යාදර්ශ ජාතික පාසල, නිකවැරටිය රජබිම මහා විද්‍යාලය, කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය සහ ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය, උකුවෙල ඇල්වල විද්‍යාලය, පුස්සැල්ලාව හින්දු ජාතික විද්‍යාලය, පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, අලව්ව සාරිපුත්ත ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, කැලණිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, මාකොළ විශාකා බාලිකා විද්‍යාලය, ගනේමුල්ල ජයකොඩි මහා විද්‍යාලය, මිනුවන්ගොඩ දෙවලපොල නාලන්ද බාලිකා මහා විද්‍යාලය, හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය, මොරටුව මොරටු මහා විද්‍යාලය, මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල, බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල වේ.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු නිෂ්පාදන තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා වැඩිදියුණු කිරීමේ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට් කැළණි හෝල්ඩිංග්ස් සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැළණි සමාගම ඉටු කරනු ලබයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි.

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව