සියැට් කැළණි වෙතින් කරාපිටිය ශික්ෂණ රෝහලට High Flow Nasal ඔක්සිජන් උපකරණ පරිත්‍යාගයක්

Donation to Karapitiya Hospital

 




 

 

දකුණු පළාතේ විශාලතම රෝහල වන කරාපිටිය රෝහල සඳහා High Flow Nasal Oxygen (HFNO) යන්ත‍්‍ර දෙකක් පසුගියදා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් පරිත්‍යාග කරන ලදී.

සියැට් කැළණි සමාගමේ සභාපති, චානක ද සිල්වා මහතාගෙන් වෛද්‍ය ක‍්‍රිෂාන්ත ජයසේකර මහතා සහ වෛද්‍ය ක‍්‍රිසාන්ත පෙරේරා මහතා විසින් සිදුකළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් සමාගම විසින් මෙම පරිත්‍යාගය කර තිබේ. රුපියල් මිලියන 2.7 ක පිරිවැයක් ගන්නා මෙම යන්ත‍්‍ර දෙක මගින් හුස්ම ගැනීමට අපහසු රෝගීන් සඳහා අවශ්‍ය හදිසි ඔක්සිජන් සැපයුම ලබාදීම සිදුකරයි.

පසුගිය වසර මුළුල්ලේ කොවිඞ්-19 සටන වෙනුවෙන් කැපවී ක‍්‍රියාකළ ප‍්‍රධාන රාජ්‍ය ආයතන සඳහා සියැට් කැළණි හෝල්ඩින්ග් සමාගම විසින් අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම ආයතන අතරට ජාතික බෝවන රෝග නිවාරණ ආයතනය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ එහි පශ්චාත් උපාධි වෛද්‍ය පුහුණු ආයතනය, රිජ්වේ ආර්යා ළමා රෝහල, බදුල්ල මහ රෝහල සහ ශ‍්‍රී ලංකා පොලීසිය ඇතුළත් වේ. මීට අමතරව, ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් ඇඳන් 106 කින් යුක්තව මහනුවර පල්ලෙකැලේ ඉදිකරන රෝහල සඳහාද සියැට් කැළණි සමාගම විසින් රුපියල් මිලියන 02 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. එසේම, ශ‍්‍රී ලංකා පොලීසිය සහ දිවයින පුරා විසිරී සිටින ටයර් අලෙවි නියෝජිතයින් සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුළත් පෙට්ටි 1000 ක්ද සමාගම විසින් පසුගිය කාලයේදී බෙදා දුන්නේය.

සේයාරුවෙන් දැක්වෙන්නේ සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා (දකුණේ සිට දෙවැන්නා) විසින් HFNO සැපයුම් උපකරණයක් වෛද්‍ය ක‍්‍රිෂාන්ත ජයසේකර මහතාට ප‍්‍රදානය කරන ආකාරයයි. මෙම අවස්ථාවට (වමේ සිට) කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය හර්ෂණී උබේසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය නිෂානි උබේසේකර, වෛද්‍ය ක‍්‍රිසාන්ත පෙරේරා සහ ප‍්‍රධාන පාලිකා රංජනි  මාදුගොඩ මහත්මිය සහභාගී විය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව