සියැට් කැලණි සමාගමට 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන ද්විත්වයක්

CNCI Achiever Awards 2025 - Sinhala - Unicode (LBN)

මෙරට ප්‍රමුඛතම කාර්මික ව්‍යාපාරයන් අතර තම ප්‍රමුඛත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) වෙතින් පිරිනමන 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය.

‘අති විශාල නිෂ්පාදන අංශය’ යටතේ තරඟ කළ සමාගමට එහි මූල්‍ය ශක්තිය, අගය එකතු කිරීම, ඵලදායීතාව, නව්‍යෝත්පාදනය, තත්ත්වය සහතික කිරීම්, පාරිසරික වගකීම සහ සමාජයීය කැපවීම ඇතුළු කාර්මික කාර්ය සාධනයේ බහුවිධ මානයන් හරහා විශිෂ්ටත්වය අගයන ජාතික රිදී සම්මානය සහ සමස්තයක් ලෙස ඉහළම සමාගම් 10 සඳහා වන සම්මානය හිමි විය

 



 

කාර්මික විශිෂ්ටත්වය අගයන ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය අවස්ථාවක් වන CNCI Achiever සම්මාන උළෙල තුළ ප්‍රධාන මෙහෙයුම් අංශ 12 කටත් වඩා ආවරණය කරන දැඩි නිර්ණායක මත සමාගම් ඇගයීමට ලක් කරයි. එහි 2025 සංස්කරණයේ දී සියැට් කැලණි දිනාගත් සාර්ථකත්වය මගින් අඛණ්ඩව වර්ධනය වීමේ මාවතේ සමාගමේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. 2013 දී හා 2024 දී CNCI ද සමාගම මෙවැනි සම්මාන දිනා ගත්තේය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය: “නිෂ්පාදන විශිෂ්ටත්වය, නව්‍යෝත්පාදනය සහ තිරසාරභාවය වෙනුවෙන් අපගේ කණ්ඩායම් දක්වන සාමූහික කැපවීම මෙම සම්මාන මගින් පිළිබිඹු වේ. නිෂ්පාදන සැලසුම්කරණයේ සිට බෙදාහැරීම දක්වා වන සියැට් කැලණි හි සෑම ක්‍රියාවලියක් ම මෙහෙයවන්නේ අපගේ ගුණාත්මකභාවය පදනම් කරගත් කළමනාකරණ දර්ශනය, සහ අපගේ ගනුදෙනුකරුවන්, සේවකයින් සහ පරිසරය කෙරෙහි අප තුළ ඇති ගැඹුරු හැඟීම මගිනි.”

මෙම වසරේ දී CNCI Achiever සම්මාන උළෙලේ දී මෙලෙස ඇගයීමට ලක්වීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක දී ම සමාගම පෙන්වූ කාර්යසාධනය ඉවහල් විය. සියැට් කැලණි සමාගම විසින් Fitch ශ්‍රේණිගත කිරීම මගින් ද ඇගයීමට ලක් වූ ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යයි. අඛණ්ඩව සිව්වන වසරටත් ‘AA+(lka)/Stable’ යන දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම සමඟ 2025 මූල්‍ය වර්ෂයේ දී සියැට් කැලණි විකුණුම් පරිමාවේ 18% ක වැඩි වීමක් සහ 2028 මූල්‍ය වර්ෂය දක්වා 10% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් (CAGR) ද පුරෝකථණය කර ඇත.

සමාගම සතු ගුණාත්මකභාවය පදනම් වූ කළමනාකරණ (Quality Based Management – QBM) පද්ධතිය මගින් සියලුම මෙහෙයුම් මට්ටම් හරහා අඛණ්ඩ වැඩි දියුණු කිරීමේ සංස්කෘතියක් සියැට් කැලණි තුළ පිහිටුවා ඇත. මෙම ගුණාත්මකභාවය පදනම් වූ කළමනාකරණ (QBM) පද්ධතිය ගොඩනඟා ඇත්තේ ‘පාරිභොගික කේන්ද්‍රීය’, ‘පුද්ගල කේන්ද්‍රීය’ සහ ‘ක්‍රියාවලි කේන්ද්‍රීය’ යන අංග ඇතුළත් ඕනෑම තත්ත්වයක් ආවරණය වන පූර්ණ ගුණාත්මකභාව කළමනාකරණ රාමුවක් ආශ්‍රයෙනි. එහි නිෂ්පාදනයේ සංවර්ධන අවස්ථා  පාරිභෝගික දැක්ම මත පදනම් ව සිදු වේ. ඒ සඳහා ජර්මනියේ සහ ඉන්දියාවේ උසස් පර්යේෂණ හා සංවර්ධන හැකියාවන්ගේ සහය ලැබෙන අතර සෑම ටයර් අංශයකම උසස් කාර්ය සාධනය, ආරක්ෂාව සහ කල්පැවැත්ම සහතික කර ඇත.

2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් සමාගම එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ තවත් රුපියල් බිලියන 4.5 ක් කැප කරමින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව