පාසල් අවට මාර්ග සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සියැට් කැලණි හෝල්ඩිංග්ස් ක්‍රියාත්මක කරන ප්රමුඛ ප්‍රජා වැඩසටහනෙහි පරාසය පුළුල් කරමින් පොලිසිය සහ ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය (SLCMP) සමඟ සම්බන්ධ වී ඇත.
සමාගම විසින් මෑතකදී මෙම ආයතනයන්ට රථවාහන තදබදය කළමනාකරණයට අදාළ සංඥා පුවරු සහ රථ වාහන කේතු තොග ප්රදානය කිරීම ‘සියැට් කෙයාර්ස්’ ප්‍රජා ව්‍යාපෘති වැඩසටහන් වලින් එකකි.
කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ප්රදානය කරන ලද සංඥා පුවරු සහ රථ වාහන කේතු, පොලිස් බල ප්‍රදේශයේ පාසල්, රාජ්‍ය ආයතන වැනි ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන තදබදය කළමනාකරණයට පහසුකම් සලසමින් උපායමාර්ගිකව ස්ථාපිත කිරීමට නියමිතය. මෙය මාර්ග සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරීම සහ නීතිමය සවි බල ගැන්වීම් ඔස්සේ සුමට රථ වාහන ප්‍රවාහයක් පවත්වා ගැනීමට සියැට් හි උත්සාහයට සහාය වීමක් වන්නේය.
මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසියට ලබාදුන් සංඥා පුවරු ප්‍රධාන ජාතික සැමරුම් වන නිදහස් දින සැමරුම, ජාතික රණවිරු සැමරුම් උත්සව මෙන්ම ශ්‍රී ලංකා හමුදාව සංවිධානය කරනු ලබන අවස්ථාවන් අතරතුරදී රථ වාහන තදබදය පාලනය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ SLCMP හි භූමිකාවට පහසුකම් සැලසනු ඇත.
සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැලණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර් මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.