සියළුම Toyota සේවාවන්ගෙන් සමන්විත නවීකරණය කරන ලද Toyota Lanka කුරුණෑගල ශාඛාව විවෘත වූ වගයි

3 (LBN)

Toyota Lanka (Private) Ltd, නවීනතම Toyota වාහන සහ Toyota Genuine අමතර කොටස් බෙදාහරින ශ්‍රී ලංකාවේ බලයලත් එකම අලෙවි නියෝජිත ආයතනය වේ. ජපානයේ Toyota Tsusho Corporation හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Toyota Lanka (Private) Ltd ජපානයේ Toyota Motor Corporation හි ගෞරවනීය සාමාජිකයෙක්ද වේ.
 



 

2008 වසරේ කුරුණෑගලදී ආරම්භ වූ මෙම Toyota Lanka අලෙවි මධ්‍යස්ථානය, පාරිභෝගිකයින්ට ලොව සුපතල ගුණාත්මක Toyota සේවාවන් රැසක් ලබාදීම වෙනුවෙන් නවතම ස්ථානයක නවීකරණය කරන ලද පහසුකම් සමඟින් පසුගියදා විවෘත කෙරිණි. මෙහිදී Toyota වාහන මිලදී ගැනීමට, අලෙවියෙන් පසු සේවා  ලබාගැනීමට සහ Toyota Genuine අමතර කොටස් මිලදී ගැනීමට  පාරිභෝගිකයින්ට හැකියාව පවතී. මෙම නවතම ශාඛාව Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා  අතින් විවෘත කෙරුණු අතර මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා  Toyota Lanka හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා  ඇතුළු සේවක සේවිකාවන් සහ එම ප්‍රදේශයේ  පාරිභෝගිකයන් රැසක් ද එක්ව සිටියහ.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා  මෙසේ පැවැසුවේය. “Toyota Lanka දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකික හදවත්වල ඉහළින්ම වැජඹෙන විශ්වාසනීය නාමයක්. රටේ වාහන ආනයන සීමා ඉවත් කීරිමත් සමඟ අපගේ වටිනා පාරිභෝගිකයින්ට පෙරටත් වඩා විශිෂ්ට සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. කුරුණෑගල ශාඛාව සියලුම Toyota වාහන හා සම්බන්ධ සේවා පහසුකම්වලින් අංග සම්පූර්ණ කරමින් පාරිභෝගිකයින් වෙත තිලිණ කිරීම එලෙස ආරම්භ කළ ගමන්මඟේ තවත් එක් සුවිශේෂී පියවරක්.”

Toyota Lanka කුරුණෑගල ශාඛාව මඟින් Toyota මෝටර් රථ සඳහා අවශ්‍ය සියලුම සේවා පහසුකම් එකම වහලක් යටට ඒකාබද්ධ කිරීම තුළින් සිය පාරිභෝගිකයින්ගේ වටිනා කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි කිරීම සඳහා Toyota Lanka සමාගම දරණ උත්සාහය මනාව විදහා දැක්වේ.

“වර්තමාන පාරිභෝගිකයින් අතිශයින් කාර්යබහුලයි. ඒ නිසාම ඔවුන් සිය අවශ්‍යතා ඉතා කෙටි කාලයකින් අඩු වෙහෙසකින් සපුරා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. Toyota Lanka කුරුණෑගල ශාඛාව මෙයට කදිම විසඳුමක්. මන්ද යත් කුරුණෑගල සහ ඒ අවට සිටින අපගේ පාරිභෝගිකයින්ට Toyota වාහන හා සම්බන්ධ සියලුම සේවාවන් වෙත අවම වෙහෙසකින් ප්‍රවේශ වීමේ හැකියාව සලසා දීමට අපිට මේ තුළින් හැකිවී තිබෙනවා. ” Toyota Lanka හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.

වාහන විකිණීම, එකලස් කිරීම හා අනෙකුත් සියලුම අලෙවියෙන් පසු සේවාවන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන කුරූණැගල ප්‍රදේශයට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුතු තාක්ෂණික උපාංග හා ක්‍රමවේද සමඟින් පළපුරුදු මෙන්ම සහතිකලත් කාර්මික ශිල්පීන් සහිතව Toyota වාහන සේවාවන් එකම ස්ථානයකදී ලබාගත හැකි අති නවීන ශාඛාවක් ලබාදීමට හැකිවීම Toyota Lanka ලද විශිෂ්ට ජයග්‍රහණයක්.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත ශාඛා 18කින් සමන්විත දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා සිය අද්විතීය පාරිභෝගික සේවාවන් ඉතා කාර්යක්ෂමව සැපයීමට Toyota Lanka සමත්ව තිබේ. වත්තල, මහරගම, රත්මලාන, මීගමුව, හයිඩ්පාක් කෝනර්, රත්නපුර, මහනුවර, මාතර, අම්පාර, අනුරාධපුර සහ කුරුණෑගල යන ප්‍රදේශවල ඇති Toyota Lanka ශාඛා වලට පිවිසීමෙන් Toyota වාහන හා සම්බන්ධ සියලුම සේවාවන් විශ්වාසනීයව ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතී.

වැඩි විස්තර දැනගැනීම සඳහා  නො. 101, විල්ගොඩ පාර, කුරුණෑගල පිහිටා ඇති නවතම Toyota Lanka – කුරුණෑගල මධ්‍යස්ථානයට වෙත පිවිසෙන්න නැතහොත් 037 204 1333 අංකය අමතන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව