සැම්සුන් ශ්‍රී ලංකා අද Galaxy S21 කාණ්ඩයට සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy S21 FE 5G පිළිගන්නා ලදි. S21 FE 5G යනු රසිකයන් ප්‍රියකරන තෝරාගත් විශේෂාංගවලින් සමන්විත Galaxy S21 මාදිලියේ ජංගම දුරකතනවල සැම්සුන් දුරකතනයකි. Galaxy S21 මාදිලියේ smartphone වල ඇති සුවිශේෂී නිමාව, ප්‍රබල ක්‍රියාකාරීත්වය, pro-grade කැමරාව, seamless ecosystem සම්බන්ධතාවය යනාදියෙන් මෙම දුරකතනය සමන්විතය.
මෙම නවතම හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්යක්ෂ කෙවින් සුන්ග්සූ යූ මහතා පැවසුවේ ‘’සැම්සුන් සමාගමේ අපි අපගේ නවතම smartphone නවෝත්පාදන වැඩි පිරිසකට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. Galaxy S20 FE සහ Galaxy S21 smartphone වලට විශිෂ්ට ප්‍රතිචාරයක් ලැබුණ බව අප දුටුවා. ඒ නිසා අප එම ප්රවේශයම S21 FE 5G smartphone එකට ලබා දුන්නා. අප එයට අපගේ ලෙන්ගතු Galaxy රසිකයන් කැමැති සියලූ ප්‍රධාන අංග උපාංග, ලක්ෂණ යනාදිය ඇතුළත් කළා. මක්නිසාද යත් අපි අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරන පරිදි smartphone ලබා දෙන්න කැප වී සිටින නිසයි.” යනුවෙනි.
Galaxy S21 මෙන්ම මෙයත් එම සුවිශේෂී සහ විශිෂ්ට නිමාවෙන්, ඉහළ කාර්යසාධනයෙන්, pro-grade කැමරාව, seamless ecosystem සැබැඳියෙන් සමන්විතයි. S21 FE 5G smartphone එක S21 ඇති සියලූ ප්‍රධාන ලක්ෂණවලින් සමන්විත පූර්ණ පැකේජයක smartphone එකකි. මේ නිසා අපගේ පාරිභෝගිකයන්ට පෙරටත් වඩා විනෝදයක් මෙන්ම සේවා ලබා ගැනීමේ හැකියාව ලැබී තිබේ.
S21 FE 5G, එයටම සුවිශේෂී වූ නිමාව සමඟින් Galaxy S21 හි උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. S21 FE 5G හි කැමරාව අපගේ රසිකයින් ප්‍රිය කරන Contour-Cut රාමුව සමඟින් විචිත්‍රවත් කැමරා ආවරණයකින් යුතු අතර එමගින් මෙම දුරකතනයට සුවිශේෂී හැඩකාර පෙනුමක් ලැබී තිබේ. මීට අමතරව සැම්සුන් සිය පරිශීලිකයන්ට ඔවුන්ට වර්ණවත් තේරීමක් ද ලබා දෙමින් Olive, Lavender හෝ Graphite ආදී වර්ණවලින් මෙම smartphone එක හඳුන්වා දී තිබෙන්නේ එයටම ආවේණික, නව පන්නයේ නිමාවකින් ද යුතුව වීම විශේෂිතය. එමෙන්ම S21 FE 5G සුසිනිඳු සහ 7.9mm ප්‍රමාණයෙන් යුක්තය. මේ නිසා එය ඉතා පහසුවෙන් ඔබගේ සාක්කුවටත් යන එන ඕනෑම තැනක රැගෙන යෑමටත් හැකි ය.
දිගුකල් පවතින බැටරි S21 FE 5G අපගේ කාර්යබහුල හා ක්‍රියාශීලී Galaxy පාරිභෝගිකයන් සඳහා ප්රමුඛ අංගයකි. මේ නිසා දවස මුළුල්ලේ ක්‍රියාකාරීව පවතින බැටරිය නිසා නිවසේ සිට වැඩ කිරීමටත් වෙනත් ඕනෑම තැනක සිට වැඩ කිරීමටත් මෙම දුරකතනය කදිමය. මෙය ඒ වෙනුවෙන්ම නිර්මාණය කර තිබේ. S21 FE 5G හි බලසම්පන්න බැටරිය 25W Super fast charging පහසුකමින් ශක්තිමත් කර ඇති නිසා මිනිත්තු 30කටත් අඩු කාලයක් තුළ බැටරිය සියයට 50කට වැඩි ප්‍රමාණයකට charge කරගැනීමේ හැකියාව තිබේ. S21 FE 5G තාක්ෂණයෙන් සමන්විත නිසා කිසිදු බාධාවකින් තොරව සුපිරි වේගවත් ක්‍රියාකාරීත්වයකින් සිය කටයුතු කරගැනීමට හැකියාව ඇත.
දවසේ පැය 24ම කාර්යක්ෂම වීමට නම් බලයත්, තිරයත් අවශ්‍ය බව සැම්සුන් පරිශීලකයන් නිතර පවසන්නකි. මේ නිසා S21 FE 5G smartphone එකට S21 මාදිලියේ smartphone වලට භාවිත කළ Galaxy හි නවතම අධිවේගී ප්‍රොසෙසරය ඇතුළත් කර තිබේ. Gamers සහ streamers යන දෙපාර්ශවයම පුදුමයට පත් කරමින් ඉතා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ultra-crisp, high-quality graphics සහ picture quality තිරයක් මෙම දුරකතනයට ඇතුළත් ය. මෙම තිරය 240Hz නව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවකින් (touch response rate) ද සමන්විත වන අතර මේ හේතුවෙන් ප්‍රියතම ක්‍රීඩාවල නිරත වන්නන්ට නවමු අත්දැකීමක් ලබා දීමටත් ඉතා වේගවත් ප්‍රතිචාර අත්දැකීමටත් අවස්ථාව උදා කර තිබේ. S21 FE 5G හි 120Hz refresh rate මගින් Dynamic AMOLED 2X තිරයක සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන නිසා වීඩියෝ ක්‍රීඩාවල නිරත්වන්නන් අමන්දානන්දනය පත්ව සිටියි.
Galaxy S21 සිය කැමරාවලට ක්ෂේත්රය තුළ දැඩි ප්‍රසිද්ධියක් උසුළ යි. මේ හේතුවෙන් ම ලොව වඩාත්ම ආරක්ෂණීය සහ වර්ණවත් ඡුායාරූප ලබාගැනීමට භාවිත කෙරුණු pro-grade setup, පහසුකම S21 FE 5G දුරකතනය සඳහා ද භාවිත කර ඇත. ඡුායාරූප ක්ෂේත්රයට ආධුනිකයන්ට මෙන්ම ප්‍රවීණයන්ට ද එක සේ භාවිත කළ හැකි සංස්කරණ (edit) පහසුකම්වලින් සමන්විත මෙම දුරකතනය scroll-stopping කිරීමට ද අවස්ථාව සලසා ඇත. S20 FE හා සංසන්දනය කිරීමේදී S21 FE 5G වැඩිදියුණු කළ Night Mode පහසුකමකින් ද යුක්ත වේ. අඩු ආලෝක තත්වයන් යටතේ ඡුායාරූප ගැනීමට මෙන්ම අඳුරුම තත්වයන් යටතේදී ද මිතුරන් සමඟ රාත්‍රීයේ දී ඡුායාරූප ගැනීමටත් මෙමඟින් අවස්ථාව සලසා තිබේ. සියලූ දෙනා එකම ඡුායාරූපයකට ගැනීමට හැකිවන අයුරින් සැම්සුන් සමාගම මෙතෙක් හඳුන්වා දුන් හොඳම selfie අත්දැකීමෙන් S21 FE 5G දුරකතනය සමන්විත වේ. S21 FE 5G සතුව 32MP උසස් ගුණාත්මක තත්වයක් සහිත ඉදිරිපස කැමරාවක් තිබෙන අතර මෙමඟින් මිතුරු මිතුරියන් සමඟ ඉතා උසස් තත්වයේ selfie ඡුායාරූප ලබාගැනීමට හැකියාව ඇත. ඒත් සමඟ AI Face Restoration පහසුකම හේතුවෙන් සුවිශේෂී අත්දැකීමක් ලබා දී ඇත. ඊට අමතරව Dual Recording පහසුකම නිසා ඉදිරියේත් පසුපසත් සිදුවන දෑ දැක බලාගැනීමට අවස්ථාව සැලසේ. Recording ආරම්භ කර, ඔබේ කැමරාව විවෘත කළ විගස ඔබට එකම වේලාවේ ඉදිරියේත් පසුපසත් ඇති සියල්ල ග්‍රහණය කරගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.
සැම්සුන් ස්මාර්ට් ජංගම දුරකතනවල ඇති One UI 4 නිසා ඔබට ඔබගේම ජංගම දුරකතන අත්දැකීමක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව තිබේ. මේ නිසා ඔබේ අවශ්‍යතාවලට ආවේණික පරිදි සකසා ගැනීමටත් ඉතා ආරක්ෂිතව ඔබ කවුරුන්ද යන වග ප්‍රකාශ කිරීමටත් අවස්ථාව සැලසී තිබේ. S21 FE 5G පරිශීලකයන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමට හැකියාව හා පෞද්ගලිකත්වය ඉතා දැඩිව පාලනය කිරීමට අවස්ථාව සලසා දී තිබෙන නිසා සියල්ල කළ යුතු ආකාරය තීරණය කිරීමට ඔබට හැකියාව තිබේ. මෙහි ඇති සුවිශේෂී විශේෂාංග නිසා home screens, icons, notifications, wallpapers ඇතුළු තවත් බොහෝ දේ ඔබට ම සිතෙහි මවා ගත හැකිය. උදාහරණයක් ලෙස, සකසා තිබෙන widgets ඔබේ කැමැති අකැමැතිකම්, වුවමනාවලට සරිලන සේ සකසා ගත හැකි වීම පෙන්වා දිය හැකිය. පෙනුමටත් හැඟීමටත් වඩා වැඩි දෙයක් අවශ්‍ය බව සැම්සුන් සමාගම විශ්වාස කරන බැවින් ඉන් ඔබ්බට අත්දැකීමක් ලබාදීමට හැකි වන පරිදි මෙම S21 FE 5G smartphone එක නිර්මාණය කර තිබේ. සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා S21 FE 5G නව ආරක්ෂක පහසුකම්වලින් ද සමන්විතව නිර්මාණය කර ඇති නිසා පෞද්ගලිකත්වය හා ආරක්ෂාව පාලනය යන සියල්ල පහසුවෙන් එකම ස්ථානයකින් සපයා ඇත. මේ හේතුවෙන් Galaxy S21 FE 5 වල, One UI 4 අත්දැකීම අඛණ්ඩ ආරක්ෂාවක් ලබා දෙයි.
මිල හා මිලදී ගත හැකි ස්ථාන
S21 FE 5G (8+128GB) රුපියල් 174,999 කි (Olive, Lavender හෝ Graphite)
පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙම Samsung S21 FE 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max, Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.
ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.