සියලුම අග්‍රහාර (Agrahara) සාමාජිකයන්ට සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිවන ගිවිසුමකට ආසිරි රෝහල් සමූහය හා NITF මුල පුරයි

Image 02 (LBN)

ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම පෞද්ගලික රෝහල් ජාලයක් වන ආසිරි රෝහල් සමූහය සහ ජාතික රක්ෂණ භාරකාර අරමුදල (NITF) ඉතා වැදගත් ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබූ අතර, මේ නිසා රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය හරහා ඉතා සුවිශේෂී ප්‍රතිලාභ හිමි කරගැනීමට හැකියාව උදා වනු ඇත.

 



 

ආසිරි රෝහලේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරි, වෛද්‍ය මංජුල කරුණාරත්න සහ NITF නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිනී ගමාණී එන්. ලියනාරච්චි යන මහත්ම මහත්මීන් අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

මෙම අවස්ථාවට දෙපාර්ශවයේම ආරාධිතයන් රැසක් සහභාගී වී සිටි අතර NITF නියෝජනය කරමින් එහි සභාපති සාගලා අබේවික්‍රම, සමිල් තුෂාර – සහකාර සාමාන්‍යාධිකාරී මෙහෙයුම්, නිමාලි පතිරණ – සහකාර සාමාන්‍යාධිකාරී රක්ෂණ, ප්‍රතිභා වැලිකන්න – සහකාර කළමනාකාර නීති, ධම්මිකා වීරකෝන් – සහකාර සාමාන්‍යාධිකාරී මූල්‍ය (වැඩබලන) සහ නුවන් දිසානායක – සහකාර කලමනාකරු අලෙවි ප්‍රවර්ධන යන අය සහභාගී විය.

ආසිරි රෝහල් ජාලය නියෝජනය කරමින් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මෙහෙයුම් අධ්‍යක්ෂ නිහාල් රත්නායක, ඉන්ද්‍රේෂ් ප්‍රනාන්දු – ප්‍රධාන ක්‍රියාවලි නිලධාරි, භාතිය ජයසිංහ – සමූහ ප්‍රධානී ව්‍යාපාර සංවර්ධන, ධනංජය බණ්ඩාර දෑල – ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී, රාජ්‍ය අංශය යන පිරිස සහභාගී විය.

මෙම ගිවිසුම තුළින් සියලුම NITF අග්‍රහාර සාමාජිකයන්ට ඉතාමත් සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති අතර මෙය ආසිරි රෝහල විසින් ප්‍රජාව වෙත ලබා සුවසෙත සලසමින් ලබා දුන් දිගු කාලීන සේවාවේම තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එසේම මේ තුළින් රාජ්‍ය සේවකයන්ගේ ජීවිත සුවපත් කරන්නට මෙන්ම,  වඩාත් පහසු හා ලාභදායී සෞඛ්‍ය සේවාවන් සැපයීම උදෙසා වූ ආසිරි රෝහලේ කැපවීම තහවුරු කරන්නට ද හේතු වනු ඇත.

මේ තුළින් ලැබෙන සුවිශේෂීම ප්‍රතිලාභය වන්නේ ඕනෑම ආසිරි රෝහලකින් හෝ රසායනාගාරයකින් ප්‍රතිකාර හෝ සේවාවන් ලබා ගැනීම සඳහා සාමාජිකයන්ට අවස්ථාව හිමි වීමයි. මේ නිසා NITF සාමාජිකයන්ට තෝරාගත් ශල්‍යකර්ම සඳහා මූලික මුදල් බැඳීමකින් තොරව රෝහල් ගතවීමට සහ ආසිරි රෝහල් වෙතින් ලබාදෙන පුළුල් පහසුකම් සහ වට්ටම් අත්විඳීමට අවස්ථාව සැලසේ. ආසිරි රෝහල් මඟින් ලබාදෙන සුවිශේෂී වට්ටම් නිසා මෙම සාමාජිකයන්ට ඔවුන්ගේ අසීරු අවස්ථාවේදී විශාල මූල්‍යමය සහනයක් සැලසේ. එපමණකින් නොනැවතී රෝහල් කාමර ගාස්තු සඳහා ද ඉතා ඉහළ වට්ටමක් ලබා ගැනීමට සාමාජිකයන්ට අවස්ථාව හිමි වේ.

‍අවබෝධතා ගිවිසුම අනුව‍, අග්‍රහාර සාමාජිකයන්ට බාහිර රෝගීන් හා නේවාසික රෝගීන් ලෙස ද ආසිරි රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව උදාවන අතර, රසායනාගාර, විකිරණ පරීක්ෂණ, PET ස්කෑන් සහ විකිරණ ප්‍රතිකාර සඳහා ද සහනදායී වට්ටම් හිමි වේ. රෝහලට කිලෝමීටර 10ක ඇතුළත සීමාවේ නම් ගිලන් රථ පහසුකම් ද හෝ වෙනත් වෛද්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව ද පවතී.

ආසිරි රෝහල නියෝජනය කරමින් සමූහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න, මෙම සහයෝගීතාව පිළිබඳ මෙසේ අදහස් පළ කළේය. “මෙම අවබෝධතා ගිවිසුම තුළින් අපි රජයේ සේවකයන් සඳහා ඉතාමත් සුවිශේෂී සෞඛ්‍ය සේවාවක් පිරිනමන්නට කටයුතු කරන අතර මෙමඟින් සෞඛ්‍ය සහයෝගීතාවන්වලට නව ප්‍රමිතියක් ද හිමිවනු ඇත.”

ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරිනී ගමාණී එන්. ලියනාරච්චි අදහස් දක්වමින්, “ආසිරි රෝහල් සමූහය සමඟ අරඹන මේ සහයෝගීතාව තුළින් අපගේ සාමාජිකයන්ට සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා වැඩි ප්‍රතිලාභ ලබා දෙන්නට හැකි වීම පිළිබඳ NITF ලෙස අපි ඉතාමත් සතුටට පත් වෙනවා. අග්‍රහාර ප්‍රතිලාභීන් සඳහා කාර්යක්ෂම හා ඉක්මන් සෞඛ්‍ය සේවා සැලසීමේ අපගේ ඉලක්කය සමඟ මේ ගිවිසුම් ගත වීම ඉතා හොඳින් ගැළපෙනවා. මෙම දිගු කාලීන සහයෝගීතාව සමාජයට ඉතා මහඟු ප්‍රතිලාභයක් වනු ඇති බව අපේ විශ්වාසයයි. ඉක්මන් ප්‍රතිපූරණ ලබා ගැනීම සඳහා නිවැරදි සහ නිරවුල් ලිපි ලේඛන අප වෙත ලබා දෙන ලෙස ‍සාමාජිකයන්ගෙන් අප ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවසීය.

දශක ගණනක් පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ ආසිරි රෝහල් සමූහය පුළුල් ආයතන ජාලයකින් සමන්විත අතර ආසිරි ශල්‍ය රෝහල, ආසිරි මෙඩිකල්, ආසිරි සෙන්ට්‍රල්, ගාල්ල, මාතර, මහනුවර ආසිරි රෝහල් සහ ආසිරි රසායනාගාර සේවා ඊට ඇතුළත් වේ. මෙම සියලු පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නවීනතම වෛද්‍ය තාක්ෂණික උපකරණවලින් සහ තාක්ෂණයෙන් සමන්විත වන අතරම හොඳම ගුණාත්මක සේවාවක් ලබා දීමට සඳහා ආසිරි රෝහල් ජාලය නිරතුරුවම කැප වී සිටියි.

NITF අග්‍රහාර ප්‍රතිලාභ ක්‍රමය රාජ්‍ය සේවකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඇති විශාලතම සෞඛ්‍ය රක්ෂණාවරණයක් වන අතර රජයේ අනුග්‍රහය යටතේ ඔවුන්ගේ සෞඛ්‍ය වියදම් සඳහා මූල්‍යාධාර ලබා දෙමින් රාජ්‍ය සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා අවකාශ සලසා දීම මෙමඟින් සිදු කරනු ලබයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව