සියයට 30ක පූර්ව අලෙවි ප්‍රතිශතයක් ද සමඟින්, ජැට් 146 රෙසිඩන්සීස් එළිදැක්වෙයි

Webp.net-resizeimage




 

JAT Property Group  පුද්ගලික සමාගම (JAT Property Group Pvt Ltd) තම සිව්වැනි නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන තලවතුගොඩ 146 රෙසිඩන්සීස් ව්‍යාපෘතිය පසුගියදා එළිදැක්වීය. 2024 වසරේ මාර්තු මාසයේදී සම්පූර්ණ කිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක අතුරින් 30%ක් දැනටමත් අලෙවි වී අවසන් ව ඇති අතර, එය මෙම නිවාස ව්‍යාපෘතිය සතු ආයෝජන අවස්ථාව ද හොඳින් මනාව පෙන්නුම් කරයි.

පර්චස් 92ක භූමියක ඉදිවී ඇති මෙම සුපිරි නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක රුපියල් මිලියන 22 සිට ඉහළට මිලදීගත හැක. තව ද එම නිවාසවල ප්‍රාග්ධන ලාභය ඉදිරි වසර 2, 3 ඇතුළත 25-35% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ද ගණනය කර තිබේ. එමෙන්ම, නිවාස ඒකක හරහා උපයන කුලී සහ බදු ආදායම් ප්‍රමාණය ද වාර්ෂිකව 7%කින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

″ශ්‍රී ලංකාව තුළ අපගේ සිව්වැනි නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වශයෙන් 146 රෙසිඩන්සීස් එළිදැක්වීමට හැකිවීම මට මහත් සතුටක්. මෙම නිවාස ව්‍යාපෘතිය තුළ පිහිටි නිවාස 112ම, ඉහළ අවධානයක් සමඟ උපරිම කාර්යක්ෂමතාවක්, සෞන්දර්යාත්මක බවක් හා නිර්මාණශීලීත්වයක් ගැබ්වන අයුරින් ඉදිකර තිබෙනවා. නිවාස සංවර්ධන වෙළඳපොළ තුළ අප සතු අත්දැකීම් හා පරිචය උපයෝගී කරගනිමින් විශේෂයෙන්ම විවේකාස්වාද හා විශේෂාංග ආශ්‍රිතව උසස් මට්ටමේ පොදු පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අප විසින් පිරිනමනු ලබන සියලු පහසුකම් හා විශේෂාංග, අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට කේන්ද්‍රගතව තිබෙනවා. 146 රෙසිඩන්සීස් සතු සුවිශේෂී සැලැස්ම සහ ජීවන අවකාශයන් මෙන්ම වැදගත් පරිසරයක පිහිටීමත්,  ඉහළ ආයෝජන ප්‍රතිලාභ සැලසීමත් නිසා විශාල ඉල්ලුමක් සහිත නිවාස ව්‍යාපෘතියක් බවට එය පත්වනු නොඅනුමානයි″, යනුවෙන් JAT Property Group පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රිචඩ් ගුණවර්ධන මහතා පැවසුවේය.

මහල් 12කින් සමන්විත නිවාස ව්‍යාපෘතියේ නිදන කාමර 2, 3 සහ 4 ආදී වශයෙන්, වර්ග අඩි 688.6 සිට 2,367.2 පරාසයක නිවාස ඒකක මිලදී ගත හැක. මෙම නිවාස ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ ආයෝජකයින්ට මෙන්ම නේවාසිකයින්ට ද සීමා සහිත ගෙවත්තක් සහිත ටෙරස් ඇතුළත් නිවාස ඒකක ලබාගැනීමේ අවස්ථාව උදා වීමයි. කෙසේ නමුත්, නිවාස ව්‍යාපෘතිය සතුව වර්ග අඩි 8,800ක වපසරියකින් යුත් රූෆ් ටොප් අවකාශයක් පවතින අතර එහි නවීන නාගරිකත්වයට සරිලන පොදු පහසුකම් රැසක් අන්තර්ගත වේ. නගරය සහ අවට හරිත පැහැගත් වටපිටාව අංශක 360ක කෝණයකින් නැරඹිය හැකි මෙම රූෆ් ටොප් විවෘත අවකාශයේ  සුන්දර පිහිනුම් තටාකයක්, බාබක්‍යු ස්ථානයක් මෙන්ම කුඩා දරුවන්ට වෙන් වූ ක්‍රීඩා ස්ථානයක් ද ඉදිකෙරේ. ඊට අමතරව පෞද්ගලික විවේකාස්වාද අවකාශ, බාර් පහසුකම්, පූල් ක්‍රීඩා මේසයක් ඇතුළු විනෝදාස්වාද කලාප ද, නවීන ව්‍යායාම් මධ්‍යස්ථානයක් ද මෙහි අන්තර්ගත වේ.

″මාස 6ක් ඇතුළත 146 රෙසිඩන්සීස් ව්‍යාපෘතියේ නිවාස ඒකකවලින් 30%ක්ම අලෙවි වීම අපට විශාල සතුටක්. වසංගත තත්ත්වය නිසා සමස්ත නිවාස ඉදිකිරීම් කර්මාන්තයම අභියෝගයකට මුහුණපා සිටින මොහොතක, තම අඛණ්ඩ සහායත්, අප කෙරෙහි ඇති විශ්වාසයත් වෙනුවෙන්  අපි අපගේ පාරිභෝගිකයින්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ක්‍රමෝපායික පිහිටීම, අසමසම අවට දර්ශන, පහසුකම් හා විශේෂාංග, නිවාස ඒකකවල මිශ්‍ර බව හා ප්‍රමාණය (එහි ගෙවන මුදලට ඇති වටිනාකම) ආදී බොහෝ සාධකවලින් 146 රෙසිඩන්සීස්, ආයෝජනය වෙනුවෙන් මෙන්ම නේවාසික පදිංචියටත් කදිමට ගැලපෙනවා. JAT Property Group ආයතනය ලෙස අපේ අරමුණ වන්නේ, දිගු කල් පවතින, සුබවාදී ආයෝජන සිදුකරන අතරේ, අපගේ වටිනා පාරිභෝගිකයින්ට තම අනාගත නිවහන තෝරාගැනීම සඳහා මඟපෙන්වීමක් සිදුකිරීමයි. ඒ වෙනුවෙන් ඉදිරියටත් ඔවුන්ට සහාය වීමට අපි සැදීපැහැදී සිටිනවා″, යැයි  JAT Property Group පුද්ගලික සමාගමේ විකුණුම් අංශ ප්‍රධානී අතීක් ජබීර් මහතා ප්‍රකාශ කළේය.

JAT Property Group පුද්ගලික සමාගම සංවර්ධනය කරන මෙම නිවාස ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම සකස් කර ඇත්තේ ප්‍රවීණ වාස්තු විද්‍යා සමාගමක් වන ඩිසයින් කොන්සෝර්ටියම් ලිමිටඩ් (Design Consortium Limited) ආයතනය මගිනි.  මෙම නිවාස ව්‍යාපෘතියට පෙර, ෆොරෙස්ට් හිල්- මහනුවර, 77 on 4th රෙසිඩන්සීස් – නාවල සහ 96 රෙසිඩන්සීස් – කෝට්ටේ යන නිවාස ව්‍යාපෘති ත්‍රිත්වය JAT Property Group පුද්ගලික සමාගම විසින් සංවර්ධනය කරන ලදී.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව