සියපත ෆිනෑන්ස් නවතම ශාඛා මාතලේට සහ දඹුල්ලට

21 (2)

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී  ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය 15 වන වර්ෂ පූර්ණ සංවත්සරය සමරමින් 2020 වසර සඳහා විවෘත කරන ලද අවසන් ශාඛා දෙක ලෙස මාතලේ සහ දඹුල්ල ශාඛා 2 ස්ථාපිතකොට තිබේ. සියපත ෆිනෑන්ස් ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් තෝරාගත් ප‍්‍රදේශ රැසක නව ශාඛා ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මෙම ශාඛා විවෘත කෙරිණ.

දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් ජාලයේ 39 වැනි සහ 40 වැනි ශාඛා ලෙස විවෘත කළ මෙම ශාඛා දෙක, අංක 313, 315 ත‍්‍රිකුණාමල වීදිය, මාතලේ ලිපිනයේත් අංක 705 අනුරාධපුර දඹුල්ල ලිපිනයේත් ස්ථාපිතව ඇත. 2020 දෙසැම්බර් මාසයේදී රජයේ COVID-19 සෞඛ්‍යාරක්ෂණ උපදෙස් වලට අනුකූලව සියපත ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආයතනික නිලධාරීන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම නව ශාඛා විවෘත කෙරිණ.

 




 

 

සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් මෙම නව සියපත ෆිනෑන්ස් ශාඛා 2 වෙතින්ද ලබාගත හැකිය. සියපත ෆිනෑන්ස් සතු උපරිම සුරක්ෂිතතාවය තහවුරු කළ හෘද්‍යාංගමවූ ගුණාත්මක පාරිභෝගීක කේන්ද්‍රීය මූල්‍ය සේවාව දැන් මාතලේ සහ දඹුල්ල ආශ‍්‍රිත ගනුදෙනුකාරභවතුන්ටද අත්විඳිය හැක.

සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා නව ශාඛා පරිශ‍්‍ර විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින් සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයට මේ නව ශාඛා 2 තවත් දැවැන්ත ශක්තියක්. 15 වසරක අපගේ සංවත්සරය සමරන මේ වසරේදී ගතවූ දශකයකට අධික කාලයක් තිස්සේ අප සමග රැඳී සිටින හිතවත් පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා ඉටුකර දෙන්නට ලැබීම පිළිබඳත් අප බෙහෙවින් සතුටු වෙනවා.යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ වසර 15ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.

සියපත ෆිනෑන්ස් මාතලේ ශාඛාව පිළිබඳ වැඩි විස්තර සඳහා + 94 0667 605 605 අංකයත් දඹුල්ල ශාඛාව පිළිබඳ විස්තර සඳහා + 94 0667 605 635 අංකයත් භාවිතා කළ හැකිය. වෙනත් සියළු තොරතුරු සඳහා http://www.siyapatha.lk/ වෙත පිවිසෙන්න.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව