සිප්හලට අරුණාලෝකය කැන්දූ මනුසත්කාර මෙහෙයුම

WhatsApp Image 2020-11-22 at 12.14 (2)

ශුෂ්ක පරිසරයක අපට දකින්නට ලැබෙන්නේ අපමණ වූ දුෂ්කර දසුන් ය. හිරුගේ අණසකට යටත්ව දැවී දුඹුරු පැහැයට හැරුණු විසල් රුක්, කාල වර්ණයට හැරුණු මිනිසුන්, කේඩෑරි වූ සතුන් මෙම පරිසරයේ අයදින්නේ ඔවුනගේ ජීවිත ය. දූවිලි සමඟ මුසුවූ කිසිදු තෙතමනයක් නොමැති සුළඟ ගත දැවටීමෙන් ඇතිකරණු ලබන්නේද පීඩාවකි. මෙවන් වූ පරිසරයක නිසංසල මනසකින් අකුරු කරවීම යනු දැඩි ආයාසයක් දැරිය යුතු කාර්යයකි. මෙවැනි වූඅපහසුකම් වලින් ගහණ පරිසරයක ජීවත් වන කිවුලේකඩ විද්‍යාලයේ දරුවන් වෙත අපේක්‍ෂාවේ අරුණළු රැගෙන පසුගියදා පැමිණියේ ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම් ව්‍යාපෘති කණ්ඩයමයි.

අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ තිරියාය මංසන්ධියේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරකින් පිහිටා ඇති කිවුලේකඩ විද්‍යාලය පළමු වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගැන්වීමේ කාර්යයේ නිරත විද්‍යාලයකි. දශක හතකට පමණ පෙර ස්ථාපනය
කරනු ලැබූ මෙම විද්‍යාලය, දරුවන්ගේ නැණස පෑදීම වෙනුවෙන් හුදෙකලා අරගලයක නිරත වූ විද්‍යාලයකි. අවම වූ පහසුකම් යටතේ පළම වසරේ සිට අ.පො.ස (සා/පෙළ) දක්වා දරුවන් හට අධ්‍යාපනය ලැබීමට සෙවන ලබාදෙන මෙම විද්‍යාලය, 14 දෙනෙකුගෙන් සමන්විත ගුරුමණ්ඩලයක කැපවීමෙන් ළමුන් 242 දෙනෙකු සිප් නැණ ලබාදෙන්නේ අභියෝග රැසකට මුහුණ දෙමිනි.

මහපොළව සමඟ නොනවතින අරගලයක යෙදෙමින් සිය දරුවන් වෙත සුරක්‍ෂිත අනාගතයක් සැකසීම වෙනුවෙන් වෙහෙසෙන දෙමාපියන් සිය දරුවන් වෙත අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවන්නේ ඔවුනට අනාගතය දිනාගැනීමට ඇති එකම මාර්ගය එය බැවිනි. තම දරුවන් විදිනා මෙම දුෂ්කරතාවය සම්බන්ධයෙන් මවක් මෙසේ සිය අදහස් දැක්වීය.

“මේ පාසල අපිට ඇත්තටම සම්පතක්. ඒත් ජල පහසුකම් නොමැතිකම නිසා අපේ දරුවන් දුෂ්කරතා රාශියකට මුහුණදෙනවා. මේ නිසාම බොහෝ දරුවන්ට අධ්‍යාපනය මඟහැරීයාමටත් මෙය හේතුවක් වී තිබෙනවා. මීට පෙර මහත්මයෙකුගේ මූල්‍ය පරිත්‍යාගයකින් ටැංකියක් සහ ජල නල පද්ධතියක් නිර්මාණය කළත්, ප්‍රමාණවත් ආකාරයට ජලය නොමැතිවීම නිසා එම ව්‍යාපෘතිය අසාර්ථක වුණා. මේ නිසා දරුවන්ගේ ජල අවශ්‍යතා සඳහා දෙමව්පියන් සෑම දිනකට බොහෝ දුරක් ගොස් ජලය ගෙනවිත් මේ ටැංකිය පුරවනවා.රටක් ලෙස පාඩම් මාලා, ඇගයීම් කාර්යයන් පොදුවේ එකලෙස සිදුවුවද, අධ්‍යාපන කාර්යයට තබා සෞඛ්‍යමත් දිවියක් ගත කිරීමේ අවස්ථාවද නොලද මෙම ප්‍රදේශයේ දරුවන් හට දිවයිනේ අනෙක් බොහෝ ප්‍රදේශ වල වෙසෙන දරුවන්ට සාපේක්‍ෂව අධ්‍යාපන කාර්යය ඇත්තේ අත පොවන මානයෙනුත් ඈතකය. මිනිසකු හට අත්‍යවශ්‍යම පහසුකම වන ජල අවශ්‍යතාවය පවා නිසි ලෙස සම්පූර්ණ කර ගැනීමට නොහැකිව පීඩා විදින මෙම කිවුලේකඩ විද්‍යාලයීය දරුවන්, එම බාධාක අභියෝගක් ලෙස සලකමින් අධ්‍යාපනයෙන්, ක්‍රීඩාවෙන් මෙන්ම අනෙකුත් අංශ වලින් ඉහළ දක්‍ෂතා දැක්වීම සැමගේ අවධානය දිනා ගැනීමට ලක්විය.

 

 



 

 

මේ ඔස්සේ යමින් මෙමදරුවන්ගේ මූලික අවශ්‍යතාඅවබෝධ කරගත් ඩයලොග් පූර්ණදායකත්වයෙන් ක්‍රියාත්මකමනුසත්කාර මෙහෙයුම, ජල ගැටළුව හේතුවෙන් මෙම දරුවන් මුහුණදෙන දුෂ්කරතාවය මෙන්මඑමඟින් නිර්මාණය වන අනාරක්‍ෂිත සෞඛ්‍ය පරිසරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ වෙනුවෙන් සිය මෙහෙයුම් කාර්යයන් නොපමාව දියත් කිරීමට යොමුවිය. මෙහිදී ජලය ලබා ගැනීමට සුදුසු ප්‍රදේශ නොමැති වීම හේතුවෙන් නල ලිං මාර්ගයෙන් ජලය සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විය. මෙයට සමගාමීව ජල නල පද්ධතිය සහ සනීපාරක්‍ෂක පහසුකම් වර්ධනය කිරීමේ කාර්යය සඳහා ද සිය දායකත්වය ලබාදුන් මනුසත්කාර මෙහෙයුම, ආයතනික සාමාජික සාමාජිකාවන්ගේ පූර්ණ සැළසුම් සහ මැදිහත් කාර්යයෙන් මෙය දියත් කිරීමද සුවිශේෂී කරුණකි.

ජීවිතයේ අපේක්‍ෂාවන් බිඳවැටීම හමුවේ නොනැවතී, නොවැටී නව අපේක්‍ෂාවන් ගොඩනගා ගනිමින් ජීවිතයට මුහුණදෙන මෙම ජනතාවවට ශක්තියත් වීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම මනුසත්කාර මෙහෙයුම සම්බන්ධයෙන් අදහස්දක්වමින් කිවුලේකඩ විද්‍යාලයේ   විදුහල්පතිතුමන් වන කේ. බී.කේ. ඩී. බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටයේ, “ගුරුවරුන් විදිහට අපි කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවත් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කැපවුණු පිරිසක්. නමුත් මිනිසුන්විදිහට දුෂ්කරතා වුවත් දරාගත හැකි ප්‍රමාණයක් තියෙනවා. මේ Dialog මනුසත්කාර මෙහෙයුම මගින් අපිට තිබුණු මූලික ගැටළුවක් වෙන ජල ප්‍රශ්නයකට පිළිතුරක් සපයා ගැනීමට හැකිවුනා. මේකවර්තමාන දරුවන් පමණක් නොවේ අනාගත දරුවන් පවා ලැබූ ජයග්‍රහණයකි. ඒ සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වුණු ඩයලොග් ආයතනයේ සියලුම මහත්වරුන්ට පාසලේ දරුවන්, ගුරුවරුන් වගේම ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙනුත් මම මාගේ කෘතඥතා පූර්වක ස්තුතිය ප්‍රදානය කරනවා.”

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව