සිතාරා ලිමිටඩ් වෙත ISO 14001 (පරිසර) හා ISO 45001 (සෞඛ්‍යය හා ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි වේ

SITHARA - S (LBN)

ශ්‍රී ලංකාවේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ පුරෝගාමියා වන සිතාරා ලිමිටඩ් වෙත බියුරෝ වෙරිටාස් ලංකා පෞද්ගලික සමාගමට සිදු කළ ඇගැයීමෙන් පසුව ISO 14001 (පරිසර) සහ ISO 45001 (සෞඛ්‍ය සහ ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි විය. මෙම ජයග්‍රහණය මගින් සමාගම පාරිසරික කළමනාකරණය සහ සේවකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්‍ෂාව වෙනුවෙන් දක්වන නොසැලෙන කැපවීම තව දුරටත් තහවුරු වේ.

1964දී දූරදර්ශී ව්‍යවසායකයෙකු වන සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරැඹූ සිතාරා ලිමිටඩ් යුරෝපීය සහ ජපන් වෙළඳපොළවලින් තීන්ත ආනයනය සීමා කරමින් ශ්‍රී ලංකාව තුළ උසස් තත්ත්වයේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනය ඇරැඹීය. මෙමගින් විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය විය. ආරම්භයේ සිටම සමාගම පර්යේෂණ සහ සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අතර උසස් තාක්ෂණය භාවිත කිරීම තුළින් වර්තමානයේදී සිතාරා ලිමිටඩ් මුද්‍රණ තීන්ත නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වී සිටී. නවීන රසායනාගාර පරීක්ෂණ උපකරණ භාවිතය හා සමාගමේ ස්ථිර කැපවීම තුළින් එහි නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නංවා ඇති අතර එය සමාගමේ සාර්ථකත්වයට ඉවහල් වී ඇත. ඉහළ තාක්ෂණික නවෝත්පාදන සහ ගුණාත්මක විශිෂ්ටත්වය ඉහළ නංවමින් සිතාරා ලිමිටඩ් වෙළෙඳපොළ තුළ තම පැවැත්ම සුරක්ෂිත කර ඇත. මෙම සාර්ථක ගමනේදී සමාගම විශිෂ්ටත්වය සඳහා වූ බොහෝ ඇගැයීම්වලට පාත්‍ර වී ඇත. ඒවා අතර ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකය, කාර්මික විශිෂ්ටත්වය සඳහා වන CNCI ලෝකඩ සම්මානය, කොම්පෝස්ට් කළ හැකි තීන්ත සඳහා ‘OK කොම්පෝස්ට් හෝම්’ සහතිකය, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේ (2022) කුසලතා සම්මානය ප්‍රධාන වේ. මෙම ජයග්‍රහණ මඟින් සිතාරා ලිමිටඩ්හි මුද්‍රණ තීන්ත කර්මාන්තයේ නායකත්වය සහ තිරසාර උසස් තත්ත්වයේ නිෂ්පාදන සඳහා ඔවුන්ගේ කැපවීම මනාව පිළිබිඹු වේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව