සිංගර් 14 වන වරටත් මෙරට අංක 01 සන්නාමය බවට පත්වෙයි

S2

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ජනප්‍රසාදය ඉහළින්ම හිමිකරගත් සන්නාමයක් වන සිංගර් පසුගියදා පැවති SLIM-NIELSON සම්මාන උලෙළේදී අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමයට (Peoples Brand of the Year)  හිමි සම්මානයෙන් සහ වසරේ හොඳම පාරිභෝගික සන්නාමයට (Peoples Durable Brand of the Year) හිමි සන්නාමයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා අලෙවි ආයතනය (SLIM) මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන NIELSON ආයතනය සමග එක්ව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සම්මාන උලෙළ පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විය.

ජනතාවගේ ඇගයුම් ලබන බොහෝ විෂයන් ආවරණය කරමින් දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලම ඇතුළත් වන පරිදි ජනතා අදහස් විමසමින් වෙළඳ සන්නාම, විවිධ මාධ්‍ය නියෝජනය කරන පුද්ගලයන්, චිත්‍රපට, ටෙලිනාට්‍ය, ජනමාධ්‍ය වෙළඳ ප්‍රචාරණ දැන්වීම් ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රයන්හි ජනප්‍රියතම නාමයට වාර්ෂිකව සම්මාන පිරිනැමෙන එකම අවස්ථාව වන්නේ මෙම SLIM-NIELSON සම්මාන රාත්‍රියයි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අහම්බෙන් තෝරාගන්නා ලද වයස අවුරුදු 18ත් 60ත් අතර වයස් කාණ්ඩයේ 5000කට අධික පිරිමි සහ කාන්තාවන්  නියැදියකගේ  අදහස් විමසීමකින් පසුව තෝරාගන්නා ලද ආයතන සහ සන්නාම වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමෙයි. මේ නිසා මෙම සම්මාන උළෙලේදී සත්‍ය වශයෙන්ම ජනතාවගේ මනසේ රැඳී තිබෙන සන්නාමයන් සහ පුද්ගලනාම මෙන්ම ටෙලිනාට්‍ය සිනමා ආදී අංශවල ජනප්‍රිය නාම තෝරා ගැනීමට අවස්ථාව හිමිවෙයි.

ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පවසා සිටියේය. “SLIM-NIELSON සම්මාන උලෙළේදී  අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාමයට හිමි සම්මානය හිමි කර ගැනීමට සිංගර් සමාගමට හැකි වීම විශාල ගෞරවයක්.  ‘අතිවිශිෂ්ට විශ්වාසය’ යන සන්නාම ප්‍රතිඥාව සමඟින් පාරිභෝගික සිතුම් පැතුම් නිවැරදිව හඳුනා ගනිමින්, ඒ සඳහා උපරිම වශයෙන් කැපවෙමින් කටයුතු කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැක. තවද  වසර 14ක් මෙම කිරුළ රැකගැනීමට හැකිවීම මඟින් පැහැදිලි වන්නේ අපේ රටේ ජනතාව සිංගර් කෙරෙහි තබා ඇති විශ්වාසයි”. මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය ජනතාවට සිය ස්තුතිය පිරිනැමීමට හෙතෙම මෙය අවස්ථාවක් කර ගන්නා බවද වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම සම්මාන උලෙළේ ප්‍රධානම සම්මානයට අඛණ්ඩව 14 වන වරටත් හිමිකම් කීමට ලැබීම පිළිබඳ සිය අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා පැවසූයේ දිනෙන් දින වැඩි දියුණු වෙමින් වර්ධනය වන සමාගමේ  විකුණුම් හා අලෙවි ක්‍රියාකාරකම්, පාරිභෝගික පදනම, නිෂ්පාදන හා සේවා වල ඉහල ගුණත්වය ඇතුළුව සමස්ත මෙහෙයුම් ක්‍රියාදාමය තුල සිදු වී ඇති වර්ධනීය වෙනස  මෙම සම්මානය පිටුපස සිටින ප්‍රධාන බලවේග බවයි. තවද ඉදිරියේදී ශ්‍රී ලාංකීය පරිහොගිකයාගේ ජිවන තත්වයන් තව දුරටත් උසස් කල හැකි තත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ, සේවා සහ රැසක් වෙළද පොළ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් හෙතෙම වැඩිදුරටත්  පැවසීහ.

සිංගර් ශ්‍රී ලංකා සමාගම දේශීය නිෂ්පාදනයන්ට අමතරව ජාත්‍යන්තර වෙළදපළ ජයගත් වෙළඳ නාම රැසක් පාරිභෝගිකයන් හට ඉදිරිපත් කර තිබෙනවා. සිංගර් නාමයට අමතරව SONY, SAMSUNG, SHARP, HITACHI, HUAWEI, BEKO, DELL ආදී 50කට අධික වෙළඳ නාම ගණනාවකට අයත් මාදිලි සියගණනක් දිවයින පුරා විසිරුණු 430ක් පමණ වන ප්‍රදර්ශනාගාර වෙතින් මිලදී ගැනීමේ අවස්ථාව සියලුම පාරිභෝගිකයින්ට හිමි වනවා.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව