සිංගර් සහ Honor 2024 බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Image

සිංගර් ශ්‍රී ලංකා සහ Honor, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන බව සාඩම්බරයෙන් දැනුම් දී සිටියි. ඔක්තෝබර් 13 වැනි දින සිට 26 වන දින දක්වා දෙරට අතර 20 -20 සහ එක්දින ජාත්‍යන්තර තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට උණුසුම් ක්‍රිකට් තරඟාවලියක උත්කර්ෂය නොඅඩුව විඳගැනීමේ හැකියාව මෙහිදී උදාවනු ඇත. 



 

සිංගර් සහ Honor ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය තුළින් ප්‍රදර්ශනය කරන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය වෙළෙඳනාමයන් දක්වන විශිෂ්ට කැපවීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා “ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි උණුසුම් ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වෙමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අඛණ්ඩ දායකත්වයක් ලබා දීමට හැකිවීම පිළිබඳව  සතුටට පත් වෙනවා. ශ්‍රී ලාංකිකයින්ගේ හදවත මුල් බැසගත් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දිය හැකියි. ඒ නිසාම මෙම අනුග්‍රාහකත්වය හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන උනන්දුව සමඟ සිංගර් සහ Honor හි සම්බන්ධතාව ශක්තිමත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ශ්‍රී ලංකා ක්‍රිකට්හි දියුණුව හා සාර්ථකත්වය වෙනුවෙන් අපගේ නිරන්තර සහයෝගය ප්‍රදර්ශනය කරන මෙහිදී උණුසුම් තරඟාවලියක් දැක බලා ගැනීමට හැකිවනු ඇතැයි අපි බලාපෙරොත්තු වනවා.” යනුවෙන් පැවසුවේය.

සිංගර් ශ්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනී මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “මෙම සංචාරයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ලොව පුරා බැබලවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව මනා හැකියාවක් ඇති බව අපි විශ්වාස කරනවා. මෙම අනුග්‍රහය ඊට කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකි අතර ඒ තුළින් තරඟාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපගේ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා.” යනුවෙනි.

ප්‍රමුඛ පෙළේ ගෝලීය Smart ජංගම දුරකතන සැපයුම්කරුවකු වන Honor 2023 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හදුන්වා දෙන ලදී. එතැන් සිට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වන කැපවීම ඉතා ඉක්මණින් තහවුරු කිරීමට සිංගර් හි Honor කටයුතු කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම ස්ථාවර අනුග්‍රාහකයකු බවට Honor පත්ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි සටනට සූදානම් වන විට සිංගර් – Honor රට වෙනුවෙන් කැපවන සන්නාමයක විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සවිබලය සපයනු ලබයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව