සිංගර් ශ්‍රී ලංකා සමාගම තම පාරිභෝගිකයන් හට SINGER RED Loyalty වැඩසටහන හඳුන්වා දෙයි

Singer

 



 

 

සිංගර් ශ්‍රී ලංකා සමාගම මෑතකදී සිය නවතම Singer RED Loyalty වැඩසටහන දියත් කළ අතර එය සිංගර් හි පාරිභෝගික සැමට විවෘතය. SINGER RED Loyalty වැඩසටහන දැනට මිලියන 2 කට අධික විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් දරයි.

SINGER RED Loyalty වැඩසටහන මගින් පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සඳහාම  RED පොයින්ට්ස් ලැබෙන අතර පාරිභෝගිකයින්ට Singer RED Loyalty වැඩසටහනේ සාමාජිකයෙකු වීමේ  හැකියාවද ලබා දෙයි. තවද පාරිභෝගිකයෙකු RED පොයින්ට්ස් 1000ක් උපයාගත් පසු, ඔවුන්ට සුවිශේෂී ප්‍රතිලාභ සහ පිරිනැමීම් ලබාගැනීමට SINGER RED Loyalty වැඩසටහන මගින් හැකියාව ලැබේ.

ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයක හෝ www.singer.lk  වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන් වැය කරන සෑම රුපියල් 200ක් සඳහාම   RED පොයින්ට් එකක් බැගින් හිමි කර ගැනීමේ හැකියාව පවතී. මීට අමතරව, සිංගර් එක්ස්ප්‍රස් ගෙවීම් කවුන්ටර හරහා උපයෝගිතා බිල්පත් සහ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීමේදී ද  පාරිභෝගිකයින්ට RED පොයින්ට්ස්  උපයා ගත හැකිය.  VIP සාමාජිකත්වය සඳහා සෑම විටම වියදම් කළ රුපියල් 100 කට RED පොයින්ට්ස් එකක් බැගින් උපයා ගත හැකි බැවින් ඉහළට යන විට වැඩි-වැඩියෙන් RED පොයින්ට්ස් උපයා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ.

SINGER RED Loyalty වැඩසටහන හරහා උපයාගන්නා RED පොයින්ට්ස් ප්‍රමාණය මත පදනම්ව පාරිභෝගිකයින් ප්‍රධාන කොටස් තුනකට බෙදා ඇත. Deluxe සාමාජිකත්වය සඳහා RED පොයින්ට්ස් 1000 -2999ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර Premier සාමාජිකත්වය සඳහා RED පොයින්ට්ස් 3000 – 5999ක් තිබීම අවශ්‍ය වේ . RED පොයින්ට්ස් 6000කට වඩා වැඩි පාරිභෝගිකයින් වෙත VIP සාමාජිකත්වය පිරිනැමේ.

සෑම SINGER RED Loyalty සාමාජික මට්ටමක් සඳහාම ප්‍රතිලාභ රැසක් ඇත. මෙයට සිංගර් නිෂ්පාදන සඳහා වාර්ෂික වට්ටම්, උපන් දින මාසවල විශේෂ වට්ටම්, දිනුම් ඇදීම් සඳහා ජයග්‍රාහී අවස්ථා ඇතුළත් වේ. SINGER RED Loyalty සාමාජිකයන් හට දිවයින පුරා පිහිටි ඕනෑම ප්‍රදර්ශනාගාරයකින් මිලදී ගැනීම් සිදු කිරීමේදී තම RED පොයින්ට්ස්  භාවිතා   කල හැක. singersl.com/loyalty හරහා   පාරිභෝගිකයින්ට  ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඔවුන් ලබා ඇති   RED ලකුණු ප්‍රමාණය දන ගැනීමේ හැකියාව පවතී.

Singer Red Loyalty වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා singersl.com/loyalty වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව