සැම්සුන් සිය නවතම Digital Inverter තාක්ෂණය සහිත SpaceMax™ Side-by-Side ශීතකරණය හඳුන්වා දෙයි

Spacemax (LBN)

 



 

 

Samsung සිය Side-by-Side ශීතකරණ ක්ෂේත‍්‍රයේ නවතම එකතුව වන උසස් තාක්ෂණයෙන් යුතු SpaceMax™ Side-by-Side ශීතකරණ මාලාව එළිදක්වා ඇත. මෙම නවතම ශීතකරණ පෙළ two-door සහ three-door ලෙස ලබා ගත හැකි අතර පාරිභෝගිකයින් තම ආහාර ගබඩා කරන ආකාරය සහ කල් තබා ගන්නා ආකාරය සඳහා වෙනස්ම අත්දැකීමක් ලබා දීම අරමුණු කරගත් SpaceMax™ අති නවීන විශේෂාංග හඳුන්වා දෙයි. සැම්සුන් යනු ශ‍්‍රී ලංකාව තුළ දොරවල් තුනේ ශීතකරණ හඳුන්වා දෙනු ලබන එකම නිෂ්පාදන සමාගම වේ.

මෙම අද්විතීය SpaceMax™ ශීතකරණ පරාසය ඉතා තුනී ශීතකරණ බිත්ති සහිත නවීන තාක්ෂණයෙන් සමන්විත වෙයි. මෙම උසස් තාක්ෂණය මගින් ශීතකරණයේ ප‍්‍රමාණය හෝ බලශක්ති කාර්යක්ෂතාව වෙනස් නොකර එහි ගබඩා කර තැබිය හැකි ඉඩ ප‍්‍රමාණය වැඩි කරයි. මෙම විශේෂාංගය මගින් ශීතකරණයේ ගබඩා ධාරිතාවය වැඩි කරන අතර කිසිඳු අපහසුතාවකින් තොරව ආහාර පාන ගබඩා කිරීමට ඔබට වැඩි ඉඩක් සපයයි.

SpaceMax™ ශීතකරණය පුරා ඒකාකාරව සීතල වාතය බෙදා හැරීම සඳහා නිර්මාණය කර ඇති ඉතා දියුණු තාක්ෂණය (All-around Cooling System) මගින් වඩාත් සැලසුම් සහගතව නිර්මාණය කරන ලද කුඩා වාත කුහර හරහා සීතල වාතය නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලබයි. මෙමගින් ශීතකරණය තුල ප‍්‍රශස්ත උෂ්ණත්වයක් පවත්වා ගෙන යමින් දිගු කාලයක් පුරාවට ආහාර පාන නැවුම්ව තබයි.

SpaceMax™පරාසයේ ශීතකරණවල විශේෂත්වය වන්නේ Samsung Digital Inverter Compressor වන අතර කල්පැවැත්ම සහ බලශක්ති කාර්යක්ෂමතාව සඳහා එය ප‍්‍රසිද්ධයක් උසුලයි. මෙය දිගු කාලයක් පුරා ශීතකරණය භාවිත කිරීමටද ඉඩ සලසා දෙන අතර සාම්ප‍්‍රදායික කොම්ප්‍රෙෂර මෙන් නොව ශීතකරණයට අවශ්‍ය සිසිලස ලබා දීම වෙනුවෙන් ස්වයංක‍්‍රීයව වේගය සකස් කරයි. එම නිසා ඊට වැයවන්නේ අඩු ශක්තියක් වන අතරම ක්ෂය වීමද අවම කරයි. වසර 20ක වගකීමක් සහිතව එන මෙම තාක්ෂණය විශ්වසනීය හා දිගුකාලීන ක‍්‍රියාකාරීත්වයක් සහතික කරයි.

සැම්සුන් ශීතකරණ වෙළෙඳපොලේ නව්‍ය විසඳුම් සමඟින් පාරිභෝගිකයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පුරෝගාමී තාක්ෂණයන් රැගෙන එයි. ශීතකරණ කර්මාන්තයේ ප‍්‍රමුඛයෙකු ලෙස සැම්සුන් පාරිභෝගිකයින් ආහාරපාන ගබඩා කරන ආකාරයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට ඉහළ බලශක්ති කාර්යක්ෂමතාව, දිගු කල් පැවැත්ම සහ දිගුකාලීන ක‍්‍රියාකාරීත්වයක් සහතික කරන SpaceMax™ Side-by-Side ශීතකරණ ඉදිරිපත් කර ඇත.

දොරවල් තුනක් සහිත SpaceMax™ ශීතකරණ පරාසය ආහාර ගබඩා කර තැබිය හැකි කොටස් දෙකකින් සහ අධිශීතකරණයකින් සමන්විත වේ. මෙමගින් සිසිල් වාතය ඉවතට යාම අවම කර බලශක්තිය ඉතිරි කරමින් පරිශීලකයින්ට ඔවුන්ගේ කැමැත්ත සහ අවශ්‍යතා අනුව ආහාරපාන ගබඩා කිරීමට ඉඩකඩ සකස් කිරීමට හැකියාව ලබා දෙයි. මෙම ශීතකරණය අයිස් සහ ජලය බෙදාහැරීම සඳහා විශාල ජල ටැංකියකින් ද සමන්විත වේ.

මෙම ශීතකරණයේ ඇති Power Cool සහ Power Freeze යන විශේෂාංගවලට අමතරව කිසිඳු අපහසුවකින් තොරව ආහාර තබා ගැනීමට සහ නැවත ලබා ගැනීමට EZ Slide Shelf භාවිත කළ හැකිය.

Samsung හි නවතම SpaceMax™ Side-by-Side ශීතකරණ පරාසය රුපියල් 679,999/- සිට Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් දැන් මිලදී ගත හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව