සාධාරණ බදුකරණය සහ ශක්තිමත් සමාජ ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකාවේ පළමු ජාතික සංවාදය

Image 2-Launch of the research findings from the first ‘Taxpayer Perception Study’ in Sri Lanka

ශ්‍රී ලංකා රජය සහ UNDP මෙහෙයවන ලද අඛණ්ඩ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයේ  ආරම්භක සංවාදය

කොළඹ, ශ්‍රී ලංකාව, 12 ජූනි 2024: මෙරට පළමුවරට බදුකරණය සහ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සමකාලීන ගැටලු විසඳීම සඳහා වූ බදු සංවාදයක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) , මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා ජාතික නවෝත්පාදන ආයතනයේ එකමුතුවෙන් මෙය සංවිධානය විය. මෙම අවස්ථාව සඳහා ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙන්ම ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහභාගී විය.

 



 

පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පුරවැසියන්ගේ ඉදිරිදර්ශන පිළිබඳව අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවය අනුව, ජාතික බදු ප්‍රතිපත්තිය, බදුකරණයේ සාධාරණත්වය , ආදායම් බදු එකතු කිරිමේ රාජ්‍ය ආයතනවල විනිවිදභාවය හා වගවීම  සහ රාජ්‍ය සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ ඩිජිටල්කරණය,  රජය සහ පුරවැසියන් අතර බැඳුනු  සමාජ හා මූල්‍ය කොන්ත්‍රාත්තුව යන මාතෘකා මෙහිදි සාකච්ඡාවට බඳුන්විය. මෙම සංවාදයේ දී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගීතාවයෙන් පවත්වන ලද ශ්‍රී ලංකාවේ පළමු “බදු ගෙවන්නන්ගේ ආකල්ප පිළිබඳ අධ්‍යයනයේ” පර්යේෂණ සොයාගැනීම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. එහිදී බදු බර , බදු මඟහැරීම , බදු එකතු කිරිමේ රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය,  එම ආයතන සමඟ සම්බන්ධයෙන් ඇති  අත්දැකීම් හා ගැටලු පිළිබඳව මහජන අදහස් ලබාගනිමින් මෙම අධ්‍යයනය සිදුකරන ලදී.

ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යවස්ථා සම්පාදකයින් , රාජ්‍ය නිලධාරීන් , විද්වතුන් , වෘත්තිය ආයතන , පෞද්ගලික අංශය මෙන්ම සිවිල් සංවිධාන නියෝජනය කරන පාර්ශ්වකරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක් කර ගනිමින් විවිධ දැනුවත්කිරීමේ වැඩසටහන් හරහා අදහස් හුවමාරු කරගැනීමට මෙම සංවාදය කදිම වේදිකාවක් විය. බදුකරණයේ වැදගත්කම මෙන්ම බදු ආදායම භාවිතා කිරීමේදී විනිවිදභාවය හා වගවීම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව  අවබෝධයක් ලබාගැනීමට මෙම සංවාදය බෙහෙවින් ඉවහල් විය. මෙම සංවාදය තුළින් ජනනය වන දැනුම ජාතික ප්‍රතිපත්ති  සම්පාදන ආයතන සඳහා තිරණ ගැනීමේ මූලික ඉදිරි පියවරක් ලෙස ක්‍රියා කරනු ඇත.

බදු ක්ෂේත්‍රයේ සුවිශේෂි දේශීය සහ විදේශීය ප්‍රවීණයන් රැසක් මෙම සංවාදය සඳහා සම්පත් දායකත්වය ලබා දුන්හ . ඒ අතරින් ජාත්‍යන්තර බදු යුක්ත ජාලයේ (Tax Justice Network) ප්‍රධාන විධායක Alex Cobham , Public Digital UK ආයතනයේ උපාය මාර්ග සහ පර්යේෂණ අධ්‍යක්ෂ Lauren Kahn, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපය සඳහා වන කලාපීය වැඩසටහන් බදුකරණය පිලිබඳ විශේෂඥ  Sudarshan Kasthurirangan ඇතුළු විද්වතුන් රැසක සහභාගීත්වයෙන් සාරවත් සාකච්ඡා පැවැත්විය.

මෙම සංවාදය පිළිබඳව ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේ සිය අදහස් දැක්විය. “බදු මඟින් ප්‍රගතිශිලී තිරසාර සංවර්ධනය සඳහා ළඟාවීමට අවශ්‍ය සම්පත් ලබාදෙනු ලබනවා. මෙම බදු ආදායම් සමාජ ප්‍රතිලාභ ප්‍රශස්ත කිරීම සඳහා යෙදවිය යුතු පොදු සම්පතක් ලෙස සළකන්න පුළුවන්. මේ අනුව බදුකරණය පිළිබඳ ජාතික සංවාදයක් අවශ්‍ය වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සාධනීය දායකත්වයක් සපයනු ලබනවා.”

ආදායම් පරිපාලනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා බදුකරණය නවෝත්පාදනය කිරීමේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබිලිව්. ඒ. එ්ස් චන්ද්‍රසේකර මැතිනිය  මෙසේ සිය අදහස් දැක්වීය. ” අපගේ ආදායම් පද්ධති නවීකරණය කිරීම සඳහා නව්‍ය බදු විසඳුම් කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වේ. තාක්ෂණය උපයෝගී කරගනිමින්  සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ සංස්කෘතියක් පෝෂණය කිරීමෙන්, අපගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, අනුකූලතා පිරිවැය අවම කිරීමට මෙන්ම අවසානයේ සෑමදෙනාටම වඩාත් ඔරොත්තු දෙන බදු පරිපාලනයක් ගොඩනඟා ගත හැකි වනු ඇත.”

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අප අවස්ථාවක් ලෙස දැකිය යුතුයි. මූල්‍ය සම්පත් හිඟවූ සන්ධර්භයක් තුල, තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා සම්පත් වගකීමෙන් සහ වඩා කාර්යක්ශමව යෙදවීමට අප වග බලා ගත යුතුයි . මෙයට සැලසුම්කරණය, අයවැයකරණය මෙන්ම අධීක්ෂණය , පුරවැසියන්ගේ සහභාගීත්වය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ සාමුහික උත්සාහයන් ඇතුළත් වේ. එබැවින් බදු ගෙවීම පිලිබඳව  පුද්ගලයන් තුළ සදාචාරයක් ඇතිකීරිම වෙනුවෙන් මෙම ජාතික බදු සංවාදය කාලෝචිත අවස්ථාවක් ලෙස සළකන්න පුළුවන්. මෙහි ගෝලීය වැදගත්කම ක් ද තිබෙනවා. විශේෂයෙන් 2023 පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා දිගුකාලීන මූල්‍ය සඳහා වාර්ෂික ඩොලර් බිලියන 500ක ආයෝජනයක් තිරසාර සංවර්ධන ඉලක්ක ලඟාකරගැනීම වෙනුවෙන් ඉල්ලා සිටියා.”

අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ බදු ක්‍රමයේ නියැලීම දිරිමත් කිරීම, තිරසාර ආර්ථිකයක් සහතික කිරීම සහ සමාජ ප්‍රගතියෙහි හවුල්කරුවන් ලෙස පුරවැසියන් දිරිමත් කිරීම තුළින් වඩාත් සමෘද්ධිමත් අනාගතයක් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙම බදු සංවාදය හරහා මැනවින් සනිටුහන් කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව