‘‘ස්වදේශී’’ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට බලය සපයයි. කාබන් පියසටහන් අවම  කිරීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති හැකියාවන් ශක්තිමත් කිරීමට සූර්ය බලශක්ති පද්ධතියක්

Image Swaadeshi (LBN)

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් කාබන් පියසටහන් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්තී හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා සූර්ය බලශක්ති පද්ධතියක් මගින් පිරිසිදු පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් බලගැන්වීමට සූදානම් වේ.

ස්වදේශී කර්මාන්තායතනය විසින් සිය වහලය මත සවි කරනු  ලබන සූර්ය පැනල පද්ධතිය වාර්ෂිකව දළ වශයෙන් 712,800 KWH නිපදවීමට නියමිත අතර, එමගින් වසරකට දළ වශයෙන් 498,960 kg කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවම කිරීමට අපේක්ෂා කෙරේ. මෙම පද්ධතිය කාබන් විමෝචනය අවම කිරීම, බලශක්ති පිරිවැය ඉවත් කිරීම සහ දිවයිනේ පුනර්ජනනීය බලශක්ති පරිවර්තනයට සහාය වීම සඳහා ස්වදේශී සමාගමේ කර්මාන්තායතනයේ තිරසාරභාවය පිළිබඳ උපාය මාර්ගයේ කොටසකි.

 



 

ශ්‍රී ලංකාවේ විවිධ කර්මාන්තායතන  විසින් කාබන්ඩයොක්සයිඩ් අවම කිරීමට සහ තම සන්නාමයේ කීර්තිය ඔප් නැංවීමට වහලය මත සවිකරන ලද සූර්ය පැනල පද්ධති සාර්ථකව භාවිතා කෙරෙයි.

“ස්වදේශී කර්මාන්තායතනයේ තිරසාර මෙහෙයුම් කරා වූ ඉදිරි ගමනේ ප්‍රායෝගික පියවරක් අද සනිටුහන් කරනවා. පොසිල ඉන්ධන සහ විදුලිය මත අප කර්මාන්තායතනයේ රඳා පැවැත්ම අපගේ සූර්ය පැනල ව්‍යාපෘතිය ඔස්සේ අවම කරන අතර මෙහෙයුම් පිරිවැය ද අඩු කරනවා. එසේම එමගින් ගණනය කළ හැකි මට්ටමේ කාබන් අඩු කිරීමක් ලබා දෙනවා. මෙහි බලපෑම ජනතාවට දැක ගත හැකි වන පරිදි ස්වාධීනව තහවුරු වූ ප්‍රතිඵල අපි ප්‍රකාශයට පත් කරනවා” යනුවෙන් ස්වදේශී සමාගම සඳහන් කරයි. මෙම මුලපිරීම “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” යන තේමාව යටතේ ක්‍රියාවට නැංවෙයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳපොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳනාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි.

ස්වදේශී කර්මාන්තායතනයේ සියලුම නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර, ස්වදේශී නිෂ්පාදන සඳහා භාවිතා කරන සියලුම සුවඳ විලවුන් වර්ග ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) මගින් සහතික කර ඇත.

පසුගිය වසර 80 තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී  ආයතනයක් ලෙස අපගේ ස්වදේශී කර්මාන්තායතනය සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව