ස්වදේශී කොහොඹ ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සඳහා “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” වැඩසටහන දියත් කරයි

Swadeshi Image (LBN)

ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල අවශ්‍යතා  සපුරාලීම සඳහා දායක වන සිය නවතම ප්‍රජා සත්කාර වැඩසටහන වන “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” මෑතකදී ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැදගත් මෙහෙවරක් සිදු කරයි. මෙම වැඩසටහනෙහි ප්‍රථම අදියර ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම ප්‍රදේශයේ කොහොඹගහපැලැස්සේ වීරහෙල කනිෂ්ඨ විදුහලෙහි  සිසුන්ට පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ස්වදේශී කොහොඹ ක්‍රියා කළේය. මෙමඟින් ගම්මානයේ පාසල් දරුවන්ට ගැටලුවක්ව පැවති පිරිසිදු පානීය ජල අර්බුදයට විසඳුමක් ලැබුණි.
 



 

මෙම වැඩසටහන පිළිබඳව අදහස් පළ කරමින් කඳාන, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනී අමරි විජයවර්ධන මැතිණිය, “දේශීය සමාගමක් ලෙස අපි අපගේ ශ්‍රී ලාංකේය අනාගත පරපුරට ඔවුන්ගේ ජීවන රටාව වැඩිදියුණු කිරීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් නව පරපුරක් බිහිකිරීමට උපකාර කළ යුතු බව අපි සැබවින්ම විශ්වාස කරනවා” යැයි ප්‍රකාශ කළාය.

එමෙන්ම කොහොඹගහපැලැස්ස වීරහෙල කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයා, “ස්වදේශී කොහොඹ විසින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය අපි ඉතාමත් අගය කොට සලකනවා. මෙවැනි ව්‍යාපෘති අපේ දරුවන් ආරක්ෂා කිරීමටත්,  සෞඛ්‍ය සම්පන්න අනාගත පරම්පරාවක් රටට දායාද කිරීමටත්  ඉවහල් වෙනවා” යනුවෙන් තම අදහස් ප්‍රකාශ කළේය.

ස්වභාවධර්මයේ ආශ්චර්යමත් දායාදයක් වන කොහොඹ, ඖෂධීය ගුණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ සපයන අතර වාතය පිරිසිදු කිරීමටද දායක වේ. ස්වදේශී කොහොඹ සන්නාමයේ, නිෂ්පාදනයක් වන කොහොඹ Original Herbal හි  ප්‍රධාන අමුද්‍රව්‍ය කොහොඹ තෙල් වන අතර   මෙම කොහොඹ තෙල්  සමට සුමුදු ආරක්ෂාවක් ලබාදෙයි.

ස්වදේශී කොහොඹ සබන් 1943 වසරේ සිට ශ්‍රී ලංකාවේ ශාකසාර නිෂ්පාදන අංශයේ පුරෝගාමියා වන අතර පාරිභෝගිකයන්ගේ ස්වාභාවික සුන්දරත්වය වැඩි දියුණු කරමින් ස්වභාවික ආරක්ෂාව සපයන සමට සුමුදු පිරිසිදු කිරීමේ ගුණාංග වලින් සමන්විතය. ස්වදේශී කොහොඹ සමට සුමුදු බවට ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහතිකය ලබා ඇත. (Dermatologically tested)

ප්‍රමුඛ දේශීය ව්‍යාපාරයක් වන ස්වදේශී සමාගම ශ්‍රී ලාංකීය ප්‍රජාව ගොඩනැගීමේ සහ ප්‍රජා සමාජ සත්කාර ව්‍යාපෘති අඛණ්ඩව සිදු කරගෙන යනු ලබයි. ස්වභාවධර්ම මාතාව ආරක්ෂා කරගැනීම සහ සංස්කෘතික වටිනාකම් වැඩිදියුණු කිරීම සඳහා තිරසාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ස්වදේශී කොහොඹ සන්නාමය කැපවී සිටියි. දිවයින පුරා විහාරස්ථානවල වාර්ෂික ආලෝකකරණයට දායක වෙමින්  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතිය වන “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” ,වියළි කලාපයේ පාසල් සහ විහාරස්ථාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීම සිදු කරන “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය”, ළදරු රැකවරණය පිළිබඳ මවුවරුන් දැනුවත් කරන “ස්වදේශී කොහොඹ බේබි මාතෘ සත්කාරය” ලෙස ප්‍රජා සත්කාර වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා සිදු කිරීමට මෙම සමාගම කටයුතු කරයි.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය  අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ , රාණි සඳුන් , ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය  නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි.” මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතයන් මෙන්ම පාරිභෝගිකයන් සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගයේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍යමත්බව හා පාරිසරික බලපෑම සලකා ඇති අතර, එයට ප්‍රමුඛත්වය ලබාදෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි. සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් වන ස්වදේශී, ගත වූ වසර 80 ක කාලය තුළ කර්මාන්තයෙහි ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන  ඇත.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොල ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය  1941 වසරේ ආරම්භ කරන ලද අතර ISO 9001 – 2015 සහතිකය ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළඳ පොලට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ් ප්ල්ස්, ලක් බාර්, බ්ලැක් ඊගල් පර්ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ  ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය Swadeshi Khomba සහ රුව දිදුලන රාණි සඳුන් නිෂ්පාදනය හා අලෙවිය  සිදු කරයි.

සියලුම ස්වදේශී නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර ස්වදේශී නිෂ්පාදනවල භාවිතා වන සියලුම සුවඳ විලවුන් ගෝලීයව පිළිගත්, ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් සහතික කර ඇති අතර ISO 9001 – 2015 ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව