ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන වෙතින් යෞවනයින් සඳහා නව්‍ය කුසලතාපූරණ ව්‍යාපෘතියක්

Webp.net-resizeimage

 



 

 

 

2022 පෙබරවාරි 15, කොළඹ: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග යෞවනයින් සඳහා වූ නව්‍ය කුසලතාපූරණ ව්‍යාපෘතියක් දියත්කිරීමේ වසර 2 ක විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂයෙන්ම ලොව පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ, රටේ තරුණ පරපුරට නව කුසලතා ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී ඇත. මේ යටතේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින තරුණ තරුණියන් 350 දෙනෙකුට නව්‍ය කුසලතා පුහුණුවක් ලබාදෙනු ඇති අතර, එය ඔවුන්ට අනාගත සමාජ ආර්ථික අභියෝගයන් ජයගැනීමට මහෝපකාරී වනු නොඅනුමාන ය.

පිළියන්දල පිහිටි SOS ළමා ගම්මානයේදී මෙම ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන නියෝජනය කරමින් එහි ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි, වැඩසටහන් අධ්‍යක්ෂ ධනංජය පෙරේරා, නියෝජ්‍ය ජාතික අධ්‍යක්ෂ කීර්ති හෙට්ටිආරච්චි සහ ජාතික තරුණ රැකවරණ අධ්‍යක්ෂ ජානක විජේකෝන් යන මහත්වරුන් සහ එහි ව්‍යාපෘති සම්බන්ධීකාරක වරුන් පිරිසක්ද, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් නියෝජනය කරමින් එහි ආයතනික කටයුතු, සන්නාම හා අලෙවිකරණ ප්‍රධානී අනුක් පෙරේරා මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක්ද එක්වූහ.

 

ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් පදනමේ අරමුදල් සම්පාදනය ඔස්සේ, මෙම වැඩසටහන සඳහා තෝරාගනු ලබන තරුණ තරුණියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වී තිබේ. මෙම හවුල්කාරීත්වයට අදාළ වසර 2 ක කාලය තුළ, තරුණ තරුණියන්ගේ කුසලතා නංවාලීමේ කටයුතු සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් පදනම මගින් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන වෙත ඇමරිකානු ඩොලර් 290,445 ක මුදලක් ලබාදෙනු ඇත. මේ යටතේ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වල රැකවරණය හැර යන තරුණ තරුණියන්ගේ සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල ඉගෙනුම ලබන තරුණ තරුණියන්ගේ වෘත්තීය හා ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම සහ, ප්‍රථම වරට ස්වාධීන ජීවිතයක් වෙත පිවිසීමේදී ඔවුන්ට අවශ්‍ය වන මගපෙන්වීම් ලබාදීම සිදුකෙරේ.

“COVID-19 තත්ත්වය හේතුවෙන් උදාවී ඇති මේ දුෂ්කර කාලය තුළ, අපගේ රැකවරණය හැර යන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර ගැනීමට අත්වැලක් වීම සඳහා, ‘Futuremakers’ වැඩසටහන යටතේ මේ ආකාරයට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග අත්වැල් බැඳගැනීම වෙනුවෙන් මා එක්සත් රාජධානියේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් පදනමට ස්තූතිවන්ත වනවා. මේ යටතේ තරුණ තරුණියන් 350 දෙනෙකුගේ නව්‍ය කුසලතාපූරණය අපගේ ඉලක්කයයි. නිපුණතා සංවර්ධනය තුළින් තරුණ පරපුර සවිබලගැන්වීම අත්‍යවශ්‍ය බව අප දැඩි ලෙස විශ්වාස කරනවා. ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් පදනමේ විශ්වාසයත් එයම වන අතර, එම විශ්වාසය ඔස්සේ සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට අපගේ කෘතඥතාව හිමිවිය යුතුයි. මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ලබාදෙන සහයෝගය වෙනුවෙන් අප ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවට ස්තූතිවන්ත වෙනවා.” ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

“අප සේවය කරන ප්‍රජාවන්ගේ යහපත ඉලක්ක කරගනිමින් අප ඉටුකරන මෙහෙවර යටතේ, එක්සත් රාජධානියේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් පදනම වෙතින් ලැබෙන අරමුදල් භාවිතා කරමින්, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම අපගේ ඉලක්කයයි. මෙය හුදෙක් තරුණ පරපුර සවිබල ගැන්වීමට පමණක් නොව, රටේ ආර්ථිකයේ, සංස්කෘතියේ හා ප්‍රජාවන්ගේ උන්නතිය උදෙසා තීරණාත්මක භූමිකාවන් ඉටුකිරීමේ හැකියාව ඇති දක්ෂ, ස්වාධීන හා වගකීම්සහගත පුරවැසියන් නිර්මාණය කිරීමටද දායක වන ව්‍යාපෘතියක් වනු ඇතැයි කියා මා සිතනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග සමීපව කටයුතු කරමින්, අපගේ ස්වේච්ඡා සේවක ජාලයේ සහ සම්පත් දායකත්ව ජාලයේ සහයෝගයද සහිතව, මෙය අතිශයින් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කිරීමට අපට හැකියාව ලැබේවි.” ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා හි ආයතනික කටයුතු, සන්නාම හා අලෙවිකරණ ප්‍රධානී අනුක් පෙරේරා මහතා පැවසී ය.

‘Futuremakers’ යනු ලොව අසමානතාව තුරන් කිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව විසින් ක්‍රියාවට නංවා ඇති ගෝලීය වැඩසටහනයි. අධ්‍යාපන, වෘත්තීය කුසලතා සහ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ඔස්සේ අඩු පහසුකම් ලාභී තරුණ පරපුරට හිමිවන ආර්ථික අවස්ථාවන් පුළුල් කිරීම එහි මූලික අරමුණ වී තිබේ. ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් පදනම යනු වෙනම භාරකාර මණ්ඩලයක් සහිත සහ, වෙනම වැඩසටහන් පාලන කමිටුවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන, ප්‍රජා සත්කාර පදනමකි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව