ස්ටැෆර්ඩ් මෝටර්ස් වෙතින් හොන්ඩා යතුරු පැදි සඳහා දීප ව්‍යාප්ත පරීක්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි.

Image - Stafford Motors (LBN)



 

ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්,  හොන්ඩා යතුරු පැදි පරීක්ෂාව සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් මෙහෙයවයි. අව්‍යාජ අමතර කොටස් භාවිතා කිරීමේ වැදගත්කම සහ ඒවා හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණයි. දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් සමඟ එක්ව මෙහෙයවන මෙම වැඩසටහන තුළින්, වර්තමාන ආර්ථික පසුබෑම හමුවේ යතුරුපැදි නඩත්තු කිරීමට පාරිභෝගිකයින්ට සහාය වීමට ද ස්ටැෆර්ඩ් මෝටර්ස් අරමුණු කරයි.

මීට අමතරව, නිතිපතා නඩත්තු කිරීමට අවශ්‍ය ඕනෑම අමතර කොටසක්  සඳහා 15% ක වට්ටමක් ද ස්ටැෆර්ඩ් මෝටර්ස් විසින් ලබා දෙනු ඇත. පළාත් මට්ටමින් මෙහෙය වන මෙම වැඩසටහන බස්නාහිර පළාතෙන් ආරම්භ වී 2023 මැයි 15 සිට මැයි 20 දක්වා පැවැත්විණි. මෙම පරීක්ෂණ වැඩපිළිවෙල වයඹ පළාතේ සිදු කර පසුව අනෙකුත් පළාත්වල ජුනි 17 දක්වා පැවැත්වේ. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ආනයන සීමා කිරීම් සහ අනෙකුත් මෑත කාලීන ආර්ථික සංකූලතා හේතුවෙන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති ශ්‍රී ලංකාවේ යතුරුපැදිවල සම්පූර්ණ සේවා සහ අලෙවියෙන් පසු සේවාව ඉහළ නැංවීම සඳහා මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇත.

ස්ටැෆර්ඩ් මෝටර්ස් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්ෂේත්‍ර සේවා සහ තාක්ෂණික පුහුණු) සම්පත් වාසල මුදලි “අපගේ හොන්ඩා පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ තෘප්තිය අපට අතිශයින් වැදගත්. මෙම දීප ව්‍යාප්ත වැඩපිළිවෙල හරහා, හොන්ඩා යතුරුපැදි හිමිකරුවන්ට ඔවුන්ගේ යතුරුපැදි  උසස්ම ක්‍රියාකාරී තත්වයේ පවතින බව තහවුරු කර ගනිමින්, ඔවුන්ට විශ්වාසයෙන් සහ නිදහස් මනසින් ගමන් කළ හැකි බව සහතික කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙන් මෙම වැඩපිළිවෙල පිළිබඳව අදහස් දැක්වූයේය.

හොන්ඩා යතුරුපැදි හිමිකරුවන් දිවයින පුරා සිටින බලයලත් සේවා  නියෝජිතයන් වෙත හඳුන්වා දෙමින් ඔවුන්ගේ යතුරුපැදි,  විශේෂඥයින් විසින්ම පරීක්ෂාව හා නඩත්තුව සිදු කිරීම සහතික කිරීම සඳහා බලයලත් සේවා  නියෝජිතයින් වෙත යාමට යතුරුපැදි හිමියන් දිරිමත් කිරීම මෙම වැඩපිළිවෙල ඔස්සේ තවදුරටත් අරමුණු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව